සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කතරගම, යනු ආගමික ස්ථාන නිසා ප්‍රසිද්ධ ශ්‍රී ලංකාවේ ගම්මානයකි. ශ්‍රී ලංකාවේ මැණික් ගඟ අසබඩ, යාල ජාතික වනෝද්‍යානයට යාබදව පිහිටා ඇති ඓතිහාසික ප්‍රදේශයකි. පුරාණ රුහ

කතරගම

  • මුල් පිටුව
  • කතරගම

කතරගම, යනු ආගමික ස්ථාන නිසා ප්‍රසිද්ධ ශ්‍රී ලංකාවේ ගම්මානයකි. ශ්‍රී ලංකාවේ මැණික් ගඟ අසබඩ, යාල ජාතික වනෝද්‍යානයට යාබදව පිහිටා ඇති ඓතිහාසික ප්‍රදේශයකි. පුරාණ රුහුණේ ප්‍රධාන නගරයක්ව පැවති මෙම ප්‍රදේශය, ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. ශ්‍රී ලංකවේ වාණිජ නගරය වන කොළඹ සිට 228 කිලෝmetres (142 සැතපුම්) ක් දුරින් පිහිටා තිබේ.[තහවුරු කර නොමැත]

කතරගම
  • கதிர்காமம்
  • Kataragama
කතරගම is located in ශ්‍රී ලංකාව
කතරගම
කතරගම
ඛණ්ඩාංක: 6°25′00″N 81°20′00″E / 6.41667°N 81.33333°E / 6.41667; 81.33333
රටශ්‍රී ලංකාව
පළාතඌව පළාත
දිස්ත්‍රික්කයමොණරාගල
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)
 • ගිම්හානය (DST)Summer time (UTC+6)

පටුන

අතීතය

පුරාතන යුගයේ දී කතරගම, ශ්‍රී ලංකාවේ ගිණිකොන දිග ප්‍රදේශයේ ප්‍රධාන නගරයක්ව පැවත පසුව පරිහානියට පත්ව වර්තමානයේ වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින නගරයක් බවට පත්වී ඇත. ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික කතරගම නගරය දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත්ව පිහිටා ඇත. එහි ඉතා පැරණි බෞද්ධ ස්ථූපයක් වන කිරිවෙහෙර ද ස්ථානගතව පවතී. මෙම නගරයට ක්‍රිස්තු පූර්ව සියවස් වලටත් වඩා එහාගිය අතීතයක් ඇත. මෙය රෝහණ රාජධානි සමයේ බොහෝ සිංහල රජවරුන්ගේ රාජ්‍ය වාසස්ථානය වී තිබුණි. 1950 වර්ෂයේ පමණ සිට මෙම නගරය නිරන්තර රාජ්‍ය ආයෝජන හේතුකොටගෙන පොදු ප්‍රවාහනය, වෛද්‍ය පහසුකම් සහ ව්‍යාපාර සංවර්ධනය හා හෝටල් සේවා වල දියුණුවක් අත්කරගෙන තිබේ.මෙහි ප්‍රධාන නිළය දරන්නේ බස්නායක නිළමේ තුමා ය.

සංචාරක ආකර්ෂණ

  • රුහුණු කතරගම දේවාලය - කතරගම පිහිටි, කතරගම දේවාලය යනු කතරගම දෙවියෝ ලෙසින්ද හැඳින්වෙන ස්කන්ධ-මුරුගන් වෙනුවෙන් පූජා කෙරුණු, හින්දු සහ බෞද්ධ සිද්ධස්ථාන සංකීර්ණයකි.
  • කිරිවෙහෙර - කිරිවෙහෙර ශ්‍රී ලංකාවේ වූ පූජනීය බෞද්ධ පුදබිමක් වේ.
  • කතරගම මුරුගන් කෝවිල - රුහුණු කතරගම දේවාලයට යාබදව පිහිටා ඇත.

අධ්‍යාපනය

සිංහල මාධ්‍යයෙන් ප්‍රාථමික, ද්විතීක හා තෘතීක අධ්‍යාපනය ලබාදෙන රජයේ පාසල් ගණනාවක් මෙම ප්‍රදේශයේ පිහිටා ඇත.

ජනගහනය

1800දී පමණ එනම් ජනාවාසය අත්හැර දැමීමෙන් අනතුරුව 1950 තෙක් එහි වාසය කලේ පවුල් සීමිත සංඛාවක් පමණි. නමුත් 1950න් අනතුරුව ජනගහන වර්ධනයක් සිදුවිය. මෙහි ජනගහනයෙන් බහුතරය සිංහල ජාතිකයන් වන අතර සුළුතර ශ්‍රී ලාංකික දෙමළ ජනයා තත් ජනගහනයට ආශ්‍රිතව වාසය කරයි. කතරගම දෙවියන් උදෙසා වාර්ශික උළෙල පවතින ජූලි-අගෝස්තු සමයේ ජනගහනය දස දහස් ගණනකින් පමණ වැඩිවේ. කතරගම ස්ථිර ජනගහනය 20,000කට අධික වේ(2010).

ජනවර්ගය ජනගහනය % ප්‍රතිශතය
සිංහල 19,812 94.64
ශ්‍රී ලාංකික දෙමළ 921 4.40
ඉන්දියානු දෙමළ 56 0.27
ශ්‍රී ලාංකික යෝනක 108 0.51
වෙනත්( බර්ගර් , මැලේ ) 38 0.18
එකතුව 20,935 100

Source: Statistical Information of Kataragama Divisional Secretariat සංරක්ෂණය කළ පිටපත 2011-10-03 at the Wayback Machine

ප්‍රවාහනය

වර්ථමානයේ කතරගමට සංචාරය කරන බහුතරය භාවිතා කරන්නේ මෝටර් රථයි. නමුත් දියුණු ප්‍රවාහන මාධ්‍ය පවතින වර්තමානයේ පවා භක්තිමත් අනුගාමිකයන් පුරාතන චාරිත්‍ර අනුගමනය කරමින් පාගමනින්ම කතරගමට චාරිකා කරති. 1992 දී කොළඹ සිට මාතර දක්වා වූ දුම්රිය මාර්ගය කතරගම දක්වා දීර්ඝ කිරීමට යෝජනා කෙරින. මෙම දුම්රිය මාර්ග දිගුව අදියර තුනකින් සමන්විත වේ. පළමු අදියරෙන් රුපියල් මිලියන 60ක වියදමින් මාතර සිට බෙලිඅත්ත දක්වා කි.මී 27ක මාර්ගය ඉදිකිරීමට නියමිත අතර දැනටමත් රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව යටතේ නිල්වලා ගඟට ඉහලින් කරන ඉදිකිරීම් ආරම්භ කර ඇත. මුල් ව්‍යාපෘතිය වසර 6කදී සම්පූර්ණ කිරීමට නියමිත අතර සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා රු බිලියන 3ක් වැයවනු ඇති බව ගණන් බලා ඇත.

අමතර අවධානයට

  • කතරගම කන්ද
  • ශ්‍රී ලංකාව තුළ හින්දු දහම
  • ශ්‍රී ලංකාව තුළ බුදු දහම
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    බෝධීන් වහන්සේලා

  • මාර්තු 29, 2026

    කතරගම දෙවියෝ

  • මාර්තු 31, 2026

    දේවී

  • අප්‍රේල් 03, 2026

    මනෝ විද්‍යාව

  • අප්‍රේල් 04, 2026

    චාල්ස් ඩාවින්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට