සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කාර්තිකේය (සංස්කෘත:कार्तिकेय), ස්කන්ධ, කුමාර, සුබ්‍රමන්‍ය, ෂන්මුඛ, මුරුගන් ආදී නම් වලින් හඳුන්වනු ලබන්නේ යුද්ධයට අධිපති හින්දු දෙවියන් වේ. ඔහු ශිව සහ පාර්වතී දේ

කතරගම දෙවියෝ

  • මුල් පිටුව
  • කතරගම දෙවියෝ

කාර්තිකේය (සංස්කෘත:कार्तिकेय), ස්කන්ධ, කුමාර, සුබ්‍රමන්‍ය, ෂන්මුඛ, මුරුගන් ආදී නම් වලින් හඳුන්වනු ලබන්නේ යුද්ධයට අධිපති හින්දු දෙවියන් වේ. ඔහු ශිව සහ පාර්වතී දේවියගේ වැඩිමහල් පුත්‍රයා වන අතර ගණේෂගේ සහෝදරයා ය. පුරාණ කාලයේ සිටම ඉන්දියානු උපමහාද්වීපයේ වැදගත් දෙවියෙකු වන කාර්තිකේය දකුණු ඉන්දියාව, ශ්‍රී ලංකාව, සිංගප්පූරුව සහ මැලේසියාව යන රටවල විශේෂයෙන් ජනප්‍රිය වූ අතර ප්‍රධාන වශයෙන් මුරුගන් ලෙස වන්දනාමාන කරයි.

කාර්තිකේය
ජයග්‍රහණයේ සහ යුද්ධයේ දෙවියන්
දේව සේනාවේ අණදෙන්නා
Lord Muruga in Malaysia Batu Caves
මැලේසියාවේ බටු ගුහා හින්දු කෝවිලේ මුරුගන්ගේ විශාල ප්‍රතිමාව
වෙනත් නම්මුරුගන්, මහාසේන, සුබ්‍රමන්‍ය, ස්කන්ධ, කුමාර, සරවන, ආරුමුගන්, දේවසේනාපති, ෂන්මුඛ, ගුහ, ස්වාමිනාථ, වේලායුධ, වේල්
අනුබැඳියබ්‍රහ්මන් (කෞමාරම්), දේව
වාසභවනයආරුපදයි වීඩු (මුරුගන් ගේ වාසස්ථාන හය), පලනි කඳුකරය, කෛලාශ පර්වතය
ග්‍රහලොවමංගල / අඟහරු
මන්ත්‍රයඕම් සරවන භව
වෙට්‍රිවේල් මුරුගනුක්කු අරෝහරා
ආයුධයවේලායුධය
සංකේතයකුකුළා
දිනයඅඟහරුවාදා
පෞද්ගලික තොරතුරු
වල්ලභයා
  • දේවසේනා
  • වල්ලි
දෙමාපියන්
  • ශිව (පියා)
  • පාර්වතී (මව)
සොයුරු/සොයුරියන්ගණේෂ (සොහොයුරා)
වාහනයමයූර් (මොණරා)
උත්සව
  • ස්කන්ධ ෂෂ්ඨි හෙවත් ෂෂ්ඨි
  • තෛපූසම්
  • කාර්තිකේ දීපම්
  • පංගුනි උතිරම්
  • වෛකාසි විසාකම්
  • කාර්තික් පූර්ණිමා
  • මහා ශිවරාත්‍රී

කාර්තිකේය යනු වෛදික යුගයට අයත් පුරාණ දෙවියෙකි. 1වන සියවසේ සහ ඊට පෙර, ඔහු හින්දු දෙවියකු වන අග්නි සමඟ හමුවන පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව ඔහු මුල් හින්දු ආගමේ සැලකිය යුතු දෙවියෙකු වූ බව හැඟවේ. එතුමා එල්ලෝරා ගුහා සහ එලිෆන්ටා ගුහා වැනි ඉන්දියාව පුරා බොහෝ මධ්‍යකාලීන විහාරස්ථානවල දක්නට ලැබේ.

ස්කන්ද නිරූපකය සැලකිය යුතු ලෙස වෙනස් වේ. එතුමා සාමාන්‍යයෙන් නිරූපනය වන්නේ පරවානි නමින් හැඳින්වෙන ඉන්දියානු මොණරෙකු පිට නැගී හෝ අසල සිටින සදාකාලික යොවුන් කුමාරයෙකු ලෙසය. ඇතැම් විට ආයුධ වලින් සැරසී සිටින අතර ඇතැම් විට ඔහු දරා සිටින කොඩියේ කුකුළෙකු ඇත. බොහෝ විට එක් හිසකිනුත්, ඇතැම් විට හිස් හයකිනුත් පෙන්නුම් කෙරේ.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 04, 2026

    වික්ටෝරියා රැජිණ

  • අප්‍රේල් 07, 2026

    තේවිස් ගුරුගේ

  • ජූනි 12, 2026

    අශෝකයන්ගේ අභිලේඛන

  • අප්‍රේල් 30, 2026

    අතාත්වික ඒකකය

  • අප්‍රේල් 15, 2026

    Computer programming

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට