සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

අබා යනු ජැක්සන් ඇන්තනි විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටියකි. මෙහි කතා පුවත මෙයට අවුරුදු 2400 කට පෙර සිටි පණ්ඩුකාභය රජතුමාගේ අතීත කතාව පාදක කරගෙන නිර්මිතය. චිත්

අබා (චිත්‍රපටිය)


අබා යනු ජැක්සන් ඇන්තනි විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටියකි. මෙහි කතා පුවත මෙයට අවුරුදු 2400 කට පෙර සිටි පණ්ඩුකාභය රජතුමාගේ අතීත කතාව පාදක කරගෙන නිර්මිතය. චිත්‍රපටියේ නම ප්‍රධාන චරිතයට යොදන තවත් නමක් වන "පඩු අබා" යන නමින් ලබා ගත්තකි. ජැක්සන් ඇන්තනි ගේ පුත් සජිත අනුත්තර මෙහි ප්‍රධාන චරිතය රග පාන අතර මාලිනී ෆොන්සේකා, රවින්ද්‍ර රන්දෙණිය, ශ්‍රියන්ත මෙන්ඩිස් , සබීතා පෙරේරා සහ තවත් ජනප්‍රිය නළු නිලියන් රැසක් මෙහි රංගනයේ යෙදේ.

අබා
Aba
ගොනුව:Aba- The Prince of Life (film).JPG
අධ්‍යක්ෂණයජැක්සන් ඇන්තනි
නිෂ්පාදනයජස්ටින් බාලගමගේ
රවින්ද්‍ර ජයසිංහ
රගපෑමමාලිනී ෆොන්සේකා
රවින්ද්‍ර රන්දෙණිය
ශ්‍රියන්ත මෙන්ඩිස්
සබීතා පෙරේරා
සංගීතයනදීක ගුරුගේ
සංස්කරණයරවින්ද්‍ර ගුරුගේ
නිකුත් කල දිනය
2008 අගෝස්තු 8
රට ශ්‍රී ලංකාව
භාෂාවසිංහල

රංගනය

  • පණ්ඩුකාභය ලෙසින් සජිත් අනුත්තර
  • පණ්ඩුල බ්‍රාහ්මණයා ලෙසින් රවින්ද්‍ර රන්දෙණිය
  • භද්‍රකච්ඡායනා ලෙසින් මාලිනී ෆොන්සේකා
  • උන්මාද චිත්‍රා ලෙසින් සබීතා පෙරේරා
  • දීඝ ගාමිණී ලෙසින් කාන්චන කොඩිතුවක්කු
  • හබරා ලෙසින් සෞම්‍ය ලියනගේ
  • පරුමකයා ලෙසින් ශ්‍රියන්ත මෙන්ඩිස්
  • පණ්ඩුවාසදේව රජ ලෙසින් නීල් අලස්
  • අභය ලෙසින් ලූෂන් බුලත්සිංහල
  • බිමල් ජයකොඩි

චිත්‍රපට කාර්ය මණ්ඩලය

  • අධ්‍යක්ෂක - ජැක්සන් ඇන්තනී

ඉතිහාසය විකෘත කිරීම

මහාවංශය පරිදී පණ්ඩුකාභයගේ පියා වන්නේ උන්මාද චිත්‍රාගේ මාමාගේ පුත් දීඝගාමිණී වන අතර, මෙම චිත්‍රපටයේදී පණ්ඩුකාභයගේ පියා වන්නේ එක්ටැම් ගෙය මුර කල චිත්‍රරාජ නමැත්තෙකු බව දක්වමින් ශ්‍රී ලංකා රාජ වංශය අවජාතකයෙකු වෙතින් විකාශය වන බවක් දක්වයි.

භාහිර සබැදි

[1] සංරක්ෂණය කළ පිටපත 2010-01-17 at the Wayback Machine

ආශ්‍රිත

ඉහළට