සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය (Horton Plains) ශ්‍රී ලංකාවේ පිහිටා ඇති මහ එළිය ප්‍රදේශය පාදක ජාතික උද්‍යානයකි. මෙය ජෛව විවිධත්වයෙන් මෙන්ම පුරා විද්‍යාත්මක වටිනා ක

හෝර්ටන් තැන්න

  • මුල් පිටුව
  • හෝර්ටන් තැන්න

හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය (Horton Plains) ශ්‍රී ලංකාවේ පිහිටා ඇති මහ එළිය ප්‍රදේශය පාදක ජාතික උද්‍යානයකි. මෙය ජෛව විවිධත්වයෙන් මෙන්ම පුරා විද්‍යාත්මක වටිනා කම අතින් ද විශේෂ ජාතික වනෝද්‍යානයකි. ල

මහඑළිය (හෝටන් තැන්න)
IUCN category II (national park)
ලෝකාන්තය
Map showing the location of මහඑළිය (හෝටන් තැන්න)
Map showing the location of මහඑළිය (හෝටන් තැන්න)
මහඑළිය
පිහිටුමCentral province, ශ්‍රී ලංකාව
සමීපතම නගරයනුවරඑළිය
වර්ග ප්‍රමාණය3,160 hectares (12.2 sq mi)
සංස්ථාපනය1969
පාලක ස්ථිතියවන ජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව
World Heritage Sitein tentative list 2006

පටුන

හෝටන් තැන්නේ පිහිටීම

ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ පිහිටි එකම ජාතික වනෝද්‍යානය වන හෝටන් තැන්න මහ එළිය නමින් මුලින්ම හඳුන්වා ඇති අතර මෙය ලංකාවේ පිහිටි උසම තැනි තලා භුමිය යි. මුහුදු මට්ටමේ සිට මීටර් 1200-2300 පමණ උසින් මධ්‍යම කදුකරයේ පිහිටා ඇත. එසේම නොයෙක් විද්වතුන් ‍මෙය විවිධාකාරයෙන් අර්ථ දක්වා ඇත. එල්.සී කුක් (1930)නිරක්‍ෂිය වනාන්තර හා පහත් තණ බිම් කාණ්ඩයට ද, චැමිපියන් (1936) කදුකර වනාන්තර ලෙසට ද, චැප්ටන් (1947) නිවර්තන සදා හරිත වනාන්තර ලෙසට ද හදුන්වා ඇත.

පුරාවිද්‍යාත්මක වටිනාකම

මහ එළිය නම් වූ මෙම ප්‍රදේශයට මුලින්ම ගමන්කල බටහිර ජාතිකයින් වන්නේ 1920 දශකයේ දී සංචාරය කල ඉංග්‍රීසි ජාතික කපිතාන් විළියම් පිෂර් ,කර්නල් ඇල්බට් වොටිසන් යන දෙදෙනාවේ. එහෙත් මෙයට හෝර්ටන්තැන්න යන නාමය ලැබී ඇත්තේ ශ්‍රීමත් හෝර්ටන් ආණ්ඩුකාරවරයාගේ සංචාරයෙන් පසුවයි. 1969 දී මෙම වනාන්තරය ස්වභාවික වනාන්තරයක් ලෙස නම් කරන ලදි.

හෝටන් තැන්න පිළිබඳ ව කරන ලද පුරාවිද්‍යාත්මක පර්යේෂණ දෙස අවධානය යොමු කළහොත් 1992 අරබණ ලද පර්යේෂණවලදී හෝටන් තැන්නේ අතීත පාරිසරික තත්වය ,දේශගුණික තත්වය ,හා පැළෑටි වල ඉතිහාසය කෙරෙහි අවධානය යොමු කර තිබුණි.කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ස්වීඩනයේ ස්ටොන්හොම් විශ්ව විද්‍යාලයේ චතුර්තක භූ ගර්භ විද්‍යා ආයතනය හා උත්සලා විශ්ව විද්‍යාලයේ විද්වතුන් එකතු ව මෙම පර්යේෂණ සිදු කරන ලදි.

ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ප්‍රේමතිලක මහතා සඳහන් කරන ආකාරයට මෙහි දී සොයා බලන ලද්දේ ලෝකයේ අවසාන ම අයිස් යුගයේ එනම් ප්ලයිස්ටොසීන යුගයේ ලංකාවේ පැවති පාරිසරික තත්වය පිළිබඳවයි. මෙහිදී අනාවරණය කර ගත් තොරතුරු අතර

  • වසර 20000 කට පමණ පෙර ලංකාවේ කඳුකර වැසි වනාන්තරවල ස්වභාවය
  • මීවනශාක වල තත්වය
  • මිනිසා ඇසුරේ වැඩුණ ශාක
  • ක්‍රි.පූ.8000 තරම් ඈත යුගයේ වගා කටයුතු

ආදිය පිළිබඳව ලත් තොරතුරු ලක් ඉතිහාසයට වැදගත්ය. මෙහි දක්නට ලැබෙන යෝධ මී වන හා මහ රත් මල ඉතා ඈත අතීතයේ සිටම පැවති ඒ වාය.

එමෙන්ම මීට වසර 9000 කට පමණ පෙර පරිසර උශ්නත්නය ඉහළ යාම නිසා වර්ෂාපතනය අධික වී විවිධ ස්ථානවල ඇති වූ ජලාශ හෝටන් තැන්නේ ද ඇති වූ බව සොයා ගැනුණී.මෙහි මධ්‍ය ශිලා යුගයේ (Mesolithc Man)මානවයා වාසය කළ බවත් ඔවුන් කෘෂිකාර්මික යුගයට පරිවර්තනය වූ බවත් මේ ආශ්‍රිතව කෙරුණ පර්යේෂණ වලින් සොයා ගෙන ඇත.එසේ ම හෝටන් තැන්න ‍‍ඓතිහාසික වශයෙන් ද ඉතා වැදගත් වූවකි.

ජෛව විවිධත්වය

1992 දී සිදුකරණ ලද පර්යේෂණවලට අනුව මෙහි ශාක විශේෂ 101 ක් පමණ ඇත. ඉන් 49 ක්ම ශ්‍රී ලංකාවට පමණක් ආවේනික ඒ වාය. බහුතරයක් හෝටන් තැන්නට පමණක් ආවේනික ඒවා වීම විශේෂ වුවකි. ඇතැමුන් මෙහි පොදු ශාකය ලෙස වල් කදුරු (innamounonalifolium) හඳුන්වන අතර ඇතැමුන් දඹ (Syzygium ravolutum) යැයි පවසති. හෝටන් තැන්නේ ශාක ඝනත්වය එනම් හෙක්ටර්යාර එකක ඇති ශාක සංඛ්‍යාව 2.861 කි. මෙහි පක්ෂීන් විශේෂ 98 ක් ද ක්ෂීරපායින් විශේෂ 14 ක්,උභය ජීවීන් විශේෂ 16-20 ක් පමණ ද, සමනල විශේෂ 40 ක් ද දැනට හඳුනාගෙන ඇත. විශේෂයෙන්ම ගෝන රංචුව.

මෙහි දක්නට ලැබෙන පක්ෂීන් අතර

  •  
    Yellw eared
  •  
    Sri Lanka Myna
  •  
    Wood Pigeoweble
  •  
    Layard Sparakeet
  •  
    Great Knot
  •  
    Throated Kingfisher
  •  
    Sri LankaSwallow
  •  


මෙහි වෙසෙන තවත් ජීවීන් කහිප දෙනෙක්

  •  
  •  
  •  
 

මෙහි වනාන්තරය දෙස අවධානය යොමු කළ හොත් එම වනාන්තර කුරු වනාන්තර වල ස්වභාවය දරයි. එය එසේ වී ඇත්තේ එම ප්‍රදේශයේ ඇති දැඩි සුළඟට ඔරොත්තු දිය හැකි වන පරිදිය.විශේෂයෙන් ජූනී මාසය වන විට පැයට කිලෝ මීටර 31 ක පමණ වේගයෙන් සුළඟ හමන බව පැවසේ.මෙහි ශාක සාමාන්‍යයෙන් මීටර 12-15 ක් පමණ උසට වැඩෙන අතර ගස් මුදුන කුඩයක හැඩයන් ගනු ලබයි.

හෝර්ටන් තැන්නේ ශාක ප්‍රජාව පිළිබඳ ව අවධානය යොමු කළ හොත් එහි භාර කාර ඒ.එච්. සුමනසේන මහතා මෙහි ශාක ප්‍රජාව ප්‍රධාන පරිසර පද්ධති හතරකට ගොනු කරයි. එනම්

  • විශේෂ අනන්‍ය වූ වනාන්තර
  • සදාහරිත මිශ්‍ර වනාන්තර
  • තෙත් පහත තෘණ භූමි හා වගුරු බිම්
  • ගංගා ධර ජලඦ පරිසර පද්ධති

මෙසේ ඉහත සඳහන් ආකාරයට පුරාවිද්‍යාත්මක මෙන්ම ජෛව විවිධත්වයෙන් ද ඉතා පොහොසත් වූ සොබා දහමේ අපුර්ව දායාදයක් මෙන් ම ලෝක උරුමයක් ද වන හෝටන් තැන්න රැක ගැනීම පරිසර හිතකාමී අප කාගේත් වග කීමක් ‍මෙන්ම යුතුකමක් ද වන්නේය.

  • හෝටන් තැන්නේ සොඳුරු දසුන් කිහිපයක්*
  •  
    මහ රත් මල
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

අඩවියෙන් බැහැර පිටු

  • හෝර්ටන් තැන්න සංරක්ෂණය කළ පිටපත 2011-07-07 at the Wayback Machine
  • Horton Plains[permanent dead link]
  • Sri Lanka birds/Horton Plains සංරක්ෂණය කළ පිටපත 2007-10-13 at the Wayback Machine
  • සංචාරකයන් අතර ජනප්‍රිය ස්ථාන සංරක්ෂණය කළ පිටපත 2019-11-23 at the Wayback Machine

ආශ්‍රිත ග්‍රන්ථ

සරත් විජේසූරිය,පුරා විද්‍යාව

මිහිමඩල සඟරාව

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 03, 2026

    ජර්මානු භාෂාව

  • අප්‍රේල් 03, 2026

    සිරි ගුණසිංහ

  • මාර්තු 24, 2026

    මහියංගනය

  • අප්‍රේල් 05, 2026

    මායාදුන්නේ රජ

  • මාර්තු 17, 2026

    රුවන්වැලි මහා සෑය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට