සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

බිම්බිසාර (සංස්කෘත: बिम्भिसार, ක්‍රි.පූ. 558—ක්‍රි.පූ. 491) ක්‍රි.පූ. 543 සිට ඔහුගේ මරණය දක්වා මගධ රාජධානියෙහි රජෙක් වූ අතර හරියංක රාජ වංශයට අයත් විය.

බිම්බිසාර රජ

  • මුල් පිටුව
  • බිම්බිසාර රජ

බිම්බිසාර (සංස්කෘත: बिम्भिसार, ක්‍රි.පූ. 558—ක්‍රි.පූ. 491) ක්‍රි.පූ. 543 සිට ඔහුගේ මරණය දක්වා මගධ රාජධානියෙහි රජෙක් වූ අතර හරියංක රාජ වංශයට අයත් විය.

බිම්බිසාර රජු සිර කර තැබූ රාජ්ගීර් හි පිහිටි බිම්බිසාර ගේ සිපිරි ගෙය

පටුන

චර්යාව

බිම්බිසාර පිළිබඳ බොහෝ විස්තර ජෛන ග්‍රන්ථ සහ බෞද්ධ ජාතක පොත්හි හමුවන්නේ, ඔහු මහාවීර සහ ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ සමකාලීනයෙක් බැවිණි. හේ මගධයේ රජු විය. බ්‍රහ්මදත්ත පරදවා අංග අත්පත් කරගත් හේ, තම පුත් අජාසත්තගේ යුව රාජ පාලනයට එය නතු කොට, චම්පා එහි අගනුවර බවට පත් කලේය. බිම්බිසාර රජු මහාවීරගේ ශ්‍රාවකයෙක් වූ අතර නිතොර ඔහුගේ ධර්මයට සවන් යොමු කලේය. බෞද්ධ ධර්ම ග්‍රන්ථ වලට අනුව, බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වීමට පෙර, පළමු වරට බුදු රජාණන් වහන්සේ මුණගැසුනු බිම්බිසාර රජු, පසුව වැදගත් ශ්‍රාවකයෙක් බවට පත් විය. බෞද්ධ උගැන්වීම් වල එන පරිදී අවබෝධයට පත් වීමේ එක් මට්ටමක් වන සෝවාන් ඵලයට පත් වීමට ඔහු සමත් වූ බව දැක්වේ. කෙසේවුවද, ජෛන ග්‍රන්ථ දක්වන්නේ ඔහු ජෛන භක්තිකයෙකු බවය.

ජෛනාගම් ග්‍රන්ථ අනුව, ඔහු හැඳින්වෙන්නේ රාහගෘහ හි ශ්‍රෙනික් (විශාල හමුදාවක් සතුව සිටි බැවින්) රජු ලෙසිනි. අවන්ති හි රජු වූ ප්‍රොද්යොත් රජු හට වෛද්‍ය ප්‍රතිකාර කරනු වස්, බිමිබිසාර විසින් උජ්ජේන් වෙත ජීවක යැවූ බව කියැවේ.

විවාහ සන්ධාන

 
බිමිබිසාර රජු හට මහාවීර ගේ නෑ සබඳතාවය පෙන්වන පෙළපත් සටහන

තම බලය තහවුරු කරගැනුමට විවාහ සන්ධාන භාවිතා කිරීමට බිම්බිසාර යුහුසුළු විය. ඔහුගේ පළමු භාර්යාව වුයේ, කෝසළ හි රජ මහා කෝසළ ගේ දියණිය හා ප්‍රසෙන්ජිත් ගේ සොහොයුරිය වූ කෝසළ-දේවී වේ. ඔහුගේ මනාලිය දෑවැදි ලෙස ගෙන ආයේ, එකල ගම්මානයක් පමණක් වූ කාෂි වේ. මගධය හා කෝසළ අතර එදිරිවාදිකම් මෙම විවාහය නිසා අවසන් වූ අතර අනෙකුත් රාජ්‍යයන් පිළිබඳව අත පෙවීමට වරපතක් ඔහුට මෙයින් ලැබිණි. බිම්බිසාර ගේ දෙවන භාර්යාව, චෙල්ලානා, වයිෂාලියෙන් ලිච්ඡවි කුමාරිකාවකි. ඉන්දියඥ හර්මන් ජාකෝබීට අනුව, මහාවීර (වර්ධමාන), චෙල්ලානා රැජිණ හා ‍නෑ සබඳතාවයක් සහිත වූයේ ඇය මහාවීරගේ මාමා කෙනෙකු වූ චේටක රජුගේ දියණිය බැවිණි. බිම්බිසාරගේ තෙවන භාර්යාව, ක්ෂේමා, පන්ජාබයේ මධ්‍ර වරිගයෙහි නායකයාගේ දියණිය විය.

මරණය

සාම්ප්‍රදායනුකූලව පැවසෙන්නේ සිය පුතු අජාටෂත්‍රෑ විසින් බිම්බිසාර සිර ගත කොට ඔහු කුසගින්නේ මිය යෑමට ඉඩ හැරි බවය. ක්‍රි.පූ. 491 දී පමණ මෙය සිදු වූ බවට වාර්තා වෙයි.

ආශ්‍රිත

  1. රෝලින්සන්, හියු ජෝර්ජ්. (1950) අ කන්සයිස් හිස්ට්‍රි ඔෆ් දි ඉන්ඩියන් පීපල්, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාල මුද්‍රණාලය. පිටුව. 46.
  2. මුලර්, එෆ්. මැක්ස්. (2001) ද දම්මපද ඇන්ඩ් සුත්ත -නිපාත, රූට්ලේජ් (එරා). පිටුව. xlvii. ISBN 0-7007-1548-7.
  3. ස්ටියර්න්ස්, පීටර් එන්. (2001) දි එන්සයික්ලොෆීඩියා ඔෆ් වර්ල්ඩ් හිස්ට්‍රි, හෝටන් මිෆ්ලින්. පිටු. 76-78. ISBN 0-395-65237-5.
  4. එක්, ඩයනා. (1998) බෙණාරස්, කොළොම්බියා විශ්ව විද්‍යාල මුද්‍රණාලය. පිටු. 45. ISBN 0-231-11447-8.
  5. ලුනියා, බන්වර්ලාල් නතුරාම්. (1967) එවලූෂන් ඔ‍ෆ් ඉන්ඩියන් කල්චර්, ලක්ෂ්මි නාරායන් අගර්වාල්. පිටුව. 114.
  6. ක්‍රිෂ්නා, නරේන්ද්‍ර. (1944) හිස්ට්‍රි ඔෆ් ඉන්ඩියා, ඒ. මුකර්ජි සහ පුත්‍රයෝ. පිටුව. 90.
  • ජී.පී.සිං "අර්ලි ඉන්ඩියන් හිස්ටොරිකල් ට්‍රැඩිෂන් ඇන්ඩ් ආකියොලොජි"; පිටුව 164
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
කිසි‍වෙකු නොමැත
මගධයෙහි අධිරාජයා
ක්‍රිපූයු 545 – ක්‍රිපූයු 493
අනුප්‍රාප්තිකයා 
අජාටෂත්‍රෑ
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 03, 2026

    රම්බොඩ ඇල්ල

  • අප්‍රේල් 07, 2026

    මහාරාෂ්ට්‍රී ප්‍රාකෘත

  • මාර්තු 31, 2026

    කතෝලික සභාව

  • අප්‍රේල් 05, 2026

    විද්‍යාත්මක සිද්ධාන්තය

  • මාර්තු 16, 2026

    පළමුවන පරාක්‍රමබාහු රජ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට