සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

හොන්ඒ රැජින (හංගුල්: 헌애왕후, හන්ජා: 獻哀王后) (964–1029) හෙවත් චොන්චු වැන්දඹු රැජින (천추태후, 千秋太后) යනුවෙන් හඳුන්වන්නේ ගොර්යෝහි ග්යොංජොං රජුගේ තෙවන වල්ලභ රැජිනියයි. ඇගේ

හොන්ඒ රැජින

විකිපීඩියා වෙතින්
හොන්ඒ රැජින
ගොර්යෝවේ අනුරාජයා
රාජ්‍ය සමය997 1009 (වර්ෂ 12)
උපත964
හ්වංජු, ගොර්යෝ
මරණය1029 ජනවාරි 20
සුංදොක් මාලිගය, කේසුං, ගොර්යෝ
වල්ලභයාගොර්යෝහි ග්යොංජොං
කිම් චි-යැං
දරුවන්ගොර්යෝහි මොක්ජොං
නම් නොලද පුත්‍රයෙක්
පියාහ්වංජුහි කුමරු වං උක්
මවසොන්උයි රැජින

හොන්ඒ රැජින (හංගුල්: 헌애왕후, හන්ජා: 獻哀王后) (9641029) හෙවත් චොන්චු වැන්දඹු රැජින (천추태후, 千秋太后) යනුවෙන් හඳුන්වන්නේ ගොර්යෝහි ග්යොංජොං රජුගේ තෙවන වල්ලභ රැජිනියයි. ඇගේ පුත්‍රයා වූ ගොර්යෝහි මොක්ජොං රජුගේ බාල වියේ දී ඇය විසින් 997 සිට 1009 දක්වා ගොර්යෝවේ රාජ්‍ය පාලනය මෙහෙයවා ඇත. ඇගේ කථා පුවත එම්ප්‍රස් චොන්චු නම් රූපවාහිනී කතාමාලාව සඳහා පාදක වී ඇත..

චරිතාපදානය

හොන්ඒ රැජින උපත ලැබූයේ ගොර්යෝ රාජධානියේ රාජකීය පෙළපතේ හ්වංජු ශාඛාවේ ය. ඇගේ පියා වූ වං උක් (හංගුල්: 왕욱, හන්ජා: 王旭) යනු ගොර්යෝහි තේජෝ රජු‍ට දාව ඔහුගේ සිව්වන බිසව වූ සින්ජොං රැජිනට (හංගුල්: 신정왕후, හන්ජා: 神靜王后) උපන් පුත්‍රයෙකි. වං උක් තේජෝගේ අටවන පුත්‍රයායි. ඇයට වැඩිමහල් සොහොයුරකු සිටි අතර, වං චි නම් ඔහු අනාගතයේ ගොර්යෝහි සොංජොං රජු බවට පත් විය. ඇගේ නැගණිය පසුව ගොර්යෝහි හ්යොන්ජොං රජුගේ භාර්යාවක බවට පත් විය.

හොන්ඒ රැජින පිය පෙළපත ඔස්සේ තේජෝ රජුගෙන් පැවතෙන්නියක වුව ද, ඇයට ගොර්යෝ රාජකීය පෙළපත් නාමය වූ වං (හංගුල්: 왕, හන්ජා: 王) යන්න ලබා දී නැත. ඒවෙනුවට ඇය සහ ඇගේ නැගණිය විසින් ඇගේ පීතෘපාර්ශ්වීය මිත්තණිය වූ සින්ජොං රැජිනගේ පෙළපත් නාමය වන හ්වංබෝ (හංගුල්: 황보, හන්ජා: 皇甫) යන්න භාවිතා කොට ඇත.

හොන්ඒ රැජින සිය පළමු මස්සිනා වූ ගොර්යෝහි ග්යොංජොං සමග විවාහ වූවා ය. ඇගේ සැමියාගෙන් පසු සිහසුනට පත්වූ ගොර්යෝහි සොංජොං රජු ඇගේ සොහොයුරා වේ. 997දී ඇගේ පුත්‍රයා වූ ගොර්යෝහි මොක්ජොං සිහසුනට පත්වීමත් සමග, ඇය අනුරාජයා බවට පත්වූවා ය. කෙසේනමුත්, ඇය කිම් චි-යැං සමග විවාහයට එකඟ වූ අතර, කිම් චි-යැංගේ පුත්‍රයකුට ඇය උපත ලබාදුන්නා ය. කිම් චි-යැං සිය පුත්‍රයාව සිහසුනට පත් කිරීමට කුමන්ත්‍රණ සිදුකළේ ය.

රජුව මරා දමා සිහසුන පැහැර ග්නනා බවට බවට තර්ජනය කරමින් කිම් චි-යැං විසින් මන්වොල්දේ රාජ මාලිගය ගිනිබත් කිරීමත් සමග, මොක්ජොං රජු ගං ජෝ සෙන්පතියාව කේසොං අගනුවර වෙත කැඳවී ය. ගං ජෝ සෙන්පතියා ක්ෂණිකව කිම් චි-යැං සහ ඔහුගේ ආධාරකරුවන්ට මරණ දණ්ඩනය පැනවී ය.

අනතුරුව ගං ජෝගේ සතුරන් වූ විද්වත් නිලධාරීන් පිරිසක් සෙන්පති රාජ්‍ය පාලනය සියතට ගන්නට සැලසුම් කරන බවට දූසමාන ආරංචි පතුරුවන්නට වූහ. මෙම ආරංචි රජුට ද සැලවූ අතර, රජු ගං ජෝව මරා දැමීමට සැලසුම් කළේ ය. මෙම කුමන්ත්‍රණය සහ රජුගේ සැකය පිළිබඳ ගං ජෝට දැනගන්නට ලැබිණි. ඒ අනුව ඔහු රජු ඇතුළු සිය සතුරන් සියලු දෙනාව විනාශ කරන මෙන් සිය හමුදාවන්ට අණකළේ ය. මොක්ජොං රජුව ඝාතනය කිරීමෙන් පසු, සෙන්පති ගං විසින් ගොර්යෝහි හ්යොන්ජොං සිහසුනට පත්කරන ලදී. චොන්චු රැජිනියව හ්වංජු වෙත පිටුවහල් කෙරිණි. 1029දී ඇය නැවත රාජ මාලිගයට පැමිණි අතර, සුංදොක් මාලිගයේ ඇගේ කුටියේ දී අවසන් හුස්ම හෙළුවා ය.

පවුල

  • පීතෘපාර්ශ්වීය මුත්තණුවන්
  • පීතෘපාර්ශ්වීය මිත්තණිය
    • හ්වංජු හ්වංබෝ වංශයේ (හංගුල්: 황주군 황보씨, හන්ජා: 黃州郡 皇甫氏) සින්ජොං රැජින (හංගුල්: 신정왕후, හන්ජා: 神靜王后) (900 – 983 පමණ); හ්වංබෝ ජේගොං (හංගුල්: 황보제공, හන්ජා: 皇甫悌恭) ගේ දියණියයි. තේජෝ රජුගේ සිව්වන භාර්යාවයි.
  • මාතෘපාර්ශ්වීය මුත්තණුවන්
  • මාතෘපාර්ශ්වීය මිත්තණිය
    • ‍ජොන්ජු යූ වංශයේ (හංගුල්: 정주유씨, හන්ජා: 貞州柳氏) ජොංදොක් රැජින (හංගුල්: 정덕왕후, හන්ජා: 貞德王后); යු දොක්යොං (හංගුල්: 유덕영, හන්ජා: 柳德英) ගේ දියණියයි. තේජෝ රජුගේ පස්වන භාර්යාවයි.
  • පියා
    • වං උක් (හංගුල්: 왕욱, හන්ජා: 王旭) (930 – 969 පමණ), හ්වංජුහි කුමරු (හංගුල්: 황주원군, හන්ජා: 黃州院君), මරණාපරව දේසොං රජ (හංගුල්: 대종, හන්ජා: 戴宗) යන ගෞරව නාමය පිරිනැමිණි. තේජෝ රජුගේ එකොළොස්වන පුත්‍රයායි.
  • මව
    • සොන්උයි රැජින (මරණාපරව ලබාදුන් ගෞරව නාමයකි) (හංගුල්: 선의왕후, හන්ජා: 宣義王后); ඇය ඇගේ මවගේ පෙළපත් නාමය වූ යූ (හංගුල්: 유, හන්ජා: 柳) යන්න භාවිතා කරන ලදී.
  • ස්වාමිපුරුෂයින්
    • ගොර්යෝහි ග්යොංජොං රජු
    • කිම් චි-යැං (හංගුල්: 김치양, හන්ජා: 金致陽)
  • සොයුරු-සොයුරියන්
    • ගොර්යෝහි සොංජොං රජු
    • හොන්ජුං රැජින
  • පුත්‍රයින්
    • ගොර්යෝහි මොක්ජොං රජු; ග්යොංජොං රජුගේ පුත්‍රයායි. (980 - 1009)
    • කිම් චි-යැංගේ නම් නොලද පුත‍්‍රයෙක් (1003–1009)
ඉහළට