සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

වල්ලභ රැජිනක (හෝ අධිරාජයෙකුගේ විෂයයෙහි වල්ලභ අධිරාජිණියක) යනු රාජ්‍ය පාලනයෙහි යෙදෙන රජෙකුගේ භාර්යාව වෙයි. බෲනායි රාජ්‍යයේ, සුල්තාන්ගේ භාර්‍යාව රාජ ඉස්තෙරි ලෙස හ

වල්ලභ රැජින

  • මුල් පිටුව
  • වල්ලභ රැජින

වල්ලභ රැජිනක (හෝ අධිරාජයෙකුගේ විෂයයෙහි වල්ලභ අධිරාජිණියක) යනු රාජ්‍ය පාලනයෙහි යෙදෙන රජෙකුගේ භාර්යාව වෙයි. බෲනායි රාජ්‍යයේ, සුල්තාන්ගේ භාර්‍යාව රාජ ඉස්තෙරි ලෙස හැඳින්වෙන අතර පෙන්ගිරන් අනක් යන උපසර්ගය ද භාවිතා වේ. මෙය වල්ලභ රැජින පදවියට අනුරූප වේ. රාජාණ්ඩුවක්ව පැවති සමයේ බල්ගේරියාවේ සාර්වරුන්ගේ බිසෝවරුන් සඳහා ද මෙය අනුරූප ය. වල්ලභ රැජිනක සිය සැමියාගේ සමාජ මට්ටම සහ තත්ත්වයට උරුමකම් කියයි. ඇය රජුගේ රාජ්‍යේශ පදවීන්හි ස්ත්‍රීරූපී නාම දැරුව ද, ඓතිහාසිකව රජුගේ දේශපාලන සහ යුධමය බලයට හිමිකම් කියන්නේ නැත. රාජ්‍යේශයකුගේ සියලු බලයන් සමග තමන්ගේම අයිතියෙන් රාජ්‍ය පාලනය කරන රැජිනක රාජ්‍ය කරන රැජිනක ලෙස හැඳින්වේ. සාමාන්‍යයෙන් පෙර රාජ්‍යේශයාගේ මරණයෙන් පසුව එම පදවිය උරුම විය හැක.

රජෙකුට බිසෝවරු එක්අයෙකුට වඩා සිටීනම් ඉන් ප්‍රධාන බිසව අග බිසව හෙවත් රන්දෝලිය ලෙස හැඳින්වේ. නීත්‍යානුකූලව / සාම්ප්‍රදායානුකූලව රජකමට හිමිකම් ඇත්තේ රජතුමාට දාව අග බිසව බිහිකරන දරුවන්ට පමණි. එක් බිසවක් පමණක් සිටින විටද එම බිසව අග බිසව ලෙස හැඳින්වෙනු දක්නට ලැබේ.

මේවාත් බලන්න

  • වල්ලභ රජ
  • වල්ලභ කුමරිය
  • හසෙකි සුල්තාන්
  • සුල්තානා
  • රාජකීය වංශවත් බිසව (කොරියාව)
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 19, 2026

    පක්ෂ විනය

  • අප්‍රේල් 23, 2026

    ඉතාලි ජාතිකයෝ

  • අප්‍රේල් 09, 2026

    ජී. බී. සේනානායක

  • අප්‍රේල් 01, 2026

    Wikibooks

  • අගෝස්තු 23, 2026

    තිස්ස පෙරේරා

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට