බෙල්ලන්බැඳි පැලැස්ස යනු පර්යන්ත ප්ලෛස්ටොසීන-හොලොසීන ශ්‍රී ලංකාවේ ඉතා වැදගත් ප්රාග්-හෙතිහාසික අඩවි වලින් එකක් වන අතර ජනප්‍රිය ලෙසින් බලංගොඩ මානවයා ලෙසින් හැඳින්වෙන ශ්‍රී ලංකාවේ ප්රාග්-ඓතිහාසික ඇටසැකිලි නෂ්ටාවශේෂ ද්‍රව්‍යය අතුරින් ප්‍රධානතමය මෙම ස්ථානයෙන් හමුවී ඇත.
පිහිටීම
බෙල්ලන්බැඳි පැලැස්ස පිහිටා ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ උඩ වලවේ ජාතික වනෝද්‍යානයේ උඩ වලවේ ගඟේ දකුණු ඉවුර මත බෙල්ලන් බැඳි ඇල පත්ල ඉහලිනි. මෙය තෙත් කලාපීය එළිමහන් වාසස්ථානයක් වේ ප්රාග් ඓතිහාසික යුගයේ සිටි මානවයින්ගේ මිනිස් ඇටසැකිලි 30 පමණ සොයාගෙන ඇති මෙම ප්‍රදේශය ගල් යුගයට අයත් ප්‍රජාව ජීවත් වූ තැන වපසරිය වර්ග මීටර් 120කි.
ප්‍රවර්ගය:
- ප්රාග් ඓතිහාසික යුගය තුළ ශ්‍රී ලංකාව