සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

1972 සිගර් හා නිකොල්සන් මෙහි තරල විචිත්‍ර ආකෘතිය හදුන්වා දෙන ලදී. මේ අනුව ප්ලස්මා පටලය ප්‍රධානව ප්‍රෝටීන හා පොස්පොලිපිඩ වලින් සෑදී ඇත.

සෙෙල පටලය

  • මුල් පිටුව
  • සෙෙල පටලය

සෛල පටලය (ප්ලස්ම පටලය)

මෙය සෛල ප්ලාස්මයේ පිටතම සීමාවය. සියලු සෛල පටල ප්ලස්මා පටලයේ සියුම් ව්‍යුහයට සමානයි.

1972 සිගර් හා නිකොල්සන් මෙහි තරල විචිත්‍ර ආකෘතිය හදුන්වා දෙන ලදී. මේ අනුව ප්ලස්මා පටලය ප්‍රධානව ප්‍රෝටීන හා පොස්පොලිපිඩ වලින් සෑදී ඇත.

ප්ලාස්මා පටලය ඝනකම 7nm පමණ වන ද්වී පටල ව්‍යුහයකි. ද්විත්ව පටල පොස්පොලිපිඩ වේ. මෙහි පොස්පොලිපිඩ වල ජලකාමී හිස පිටතටද, ජලභීතික වලිග ඇතුළට මුහුණලා ඇත.

පොස්පොලිපිඩ අණු චාලක නිසා පටලයට තරලමය ස්වභාවයක් ලැබේ. අහබු ලෙස ගිලී ඇති ප්‍රෝටීන අණු විචිත්‍ර ස්වභාවය පෙන්වයි. මෙම ප්‍රෝටීන සම්පූරක ප්‍රෝටීන නම් වේ. ද්වි පටලයම විනිවිද යන සම්පූරක ප්‍රෝටීන තීර්යක් පටල ප්‍රෝටීන ද, පටලයේ කොටසක් පමණක් විනිවිද යන ප්‍රෝටීන ද සම්පූරක ප්‍රෝටීන වේ. ඇතැම් ප්‍රෝටීන ලිපි ද්වි ස්ථරයේ නොගිලී පෘෂ්ඨයට බැදි ඇත. මේවා පර්යන්ත ප්‍රෝටීන වේ.

ඇතැම් ප්‍රෝටීන ග්ලයිකොප්‍රෝටීන හා ග්ලයිකොලිපිඩ සාදමින් ඇන්ටෙනා මෙන් කෙටි ශාකනය වූ දාම සාදයි. ලිපිඩ ද්වි ස්ථරයේ අහබුව ඒකාබද්ධ වු කොලෙස්ටරෝල් අණු මගින් ප්ලාස්මා පටලයට දෘඪතාවක් හා ස්‌ථායිතාව ලබා දේ.

පටලය දෙපස සංයුතිය හා ක්‍රියාකාරීත්වය වෙනස් වේ.

කෘත්‍ය

  • ප්ලස්මා පටලය ජීවී සෛල වල බහිස්සෛලීය හා අන්ත සෛලීය පරිසරය වෙන් කරයි.
  • වරණීය පාරගම්‍ය නිසා සෛලයට ඇතුල් වන හා පිටවන ද්‍රව්‍ය යාමනය කරයි.
  • පටලයේ ගිලුනු ප්‍රෝටීන, සෛල හදුනා ගෙන, ආසන්න සෛල සමග සන්නිවේදනය කිරීම
  • පටලයේ ඇතැම් ප්‍රෝටීන එන්සයිම ලෙස කටයුතු කරයි.
  • පටලයේ ඇතැම් ප්‍රෝටීන, සමහර සෛල සැකිලි තන්තු වලට සම්බන්ධ වී සෛලයේ හැඩය පවත්වාගෙන යාමට දායක වේ.
  1. Biology resource book grade 12 GCE Advance Level
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 10, 2026

    ඊජිප්තුවේ තෙවන ටොලමි

  • අප්‍රේල් 03, 2026

    පරිගණක විද්‍යාව

  • අප්‍රේල් 04, 2026

    ගජබා රෙජිමේන්තුව

  • අප්‍රේල් 14, 2026

    බැර හයිඩ්‍රජන්

  • මාර්තු 31, 2026

    ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසල් ලැයිස්තුව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට