සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ඩන්කන් වයිට් යනු ඔලිම්පික් තරඟාවලියක දී ලංකාව වෙනුවෙන් පදක්කමක් දිනා ගත් මුල්ම ක්‍රීඩකයා විය. මීටර් 400 කඩුළු පැන දිවීමේ තරඟයෙන් රිදී පදක්කම දිනා ගැනීමට වයිට් ස

Duncan White

  • මුල් පිටුව
  • Duncan White

ඩන්කන් වයිට් යනු ඔලිම්පික් තරඟාවලියක දී ලංකාව වෙනුවෙන් පදක්කමක් දිනා ගත් මුල්ම ක්‍රීඩකයා විය. මීටර් 400 කඩුළු පැන දිවීමේ තරඟයෙන් රිදී පදක්කම දිනා ගැනීමට වයිට් සමත් වූයේ 1948 වර්ෂයේ ලන්ඩනයේ පවත්වනු ලැබූ “සමර් ඔලිම්පික්ස්” තරඟාවලියේදීය.

ඩන්කන් වයිට්
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නාමයඩන්කන් M. වයිට්
උපත1 මාර්තු 1918(1918-03-01)
Lathpandura, Kalutara, Basnahira, British Ceylon
මරණය3 ජූලි 1998(1998-07-03) (වයස 80)
Nuneaton, Warwickshire, England
පදක්කම් සටහන
Men's athletics
 Ceylon සඳහා තරඟකරු
ඔලිම්පික්
Silver 1948 London 400-metre hurdles
Commonwealth Games
Gold 1950 Auckland 440-yard hurdles
Updated on 22 June 2015 Military career
පක්ෂපාතීත්වයSri Lanka Ceylon
සේවාව/ශාඛාවCeylon Defence Force,
Ceylon Army
ඒකකයCeylon Light Infantry
.

පටුන

ජීවන තොරතුරු

1918 මාර්තු මස 01 වන දින ලත්පාන්දුර උපත ලැබූ ඩන්කන් වයිට් මෙලොවින් සමුගත්තේ 1998 ජුලි මස තෙවැනි දින වෝවික්ෂයර්හි දීය.

කළුතරට නුදුරු ග්‍රාමයක් වූ ලත්පඳුර ඩන්කන් වයිට්ගේ උපන් ගමයි. එකවකට ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති අතර ඩන්කන් වයිට්, ජෝන් බර්නාර්ඩ් වයිට් සහ සෙසලිසා හෝක් වයිට්ට යන ඉංග්‍රීසි මවුපියන්ට දාව උපන් සිව් දරුවන්ගෙන් දෙවැන්නා විය. නුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ හෙතෙම එහිදී “ට්‍රිනිටි ලයන්” යන සම්මානයෙන් ද පිදුම් ලැබීය. නමුත් සුළු විනය ගැටළුවක් හේතුවෙන් පසුව ඔහුට මෙම සම්මානය අහිමි විය.

ඩන්කන් වයිට්ගේ ඔලිම්පික් ජයග්‍රහණයත්, ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් මිදී නිදහස ලැබීමත් යන අවස්ථා දෙකම එකම වර්ෂයක සිදුවීම සුවිශේෂ වේ. එකී ඔලිම්පික් තරඟාවලියේ එම අංශයෙන් රන් පදක්කම දිනූ රෝයි කොව්රන් නැමැත්තා වසර හතරක් පුරා ඒ සඳහා පුහුණු වීම් කර තිබුණ ද ඩන්කන් වයිට් තම පුහුණුවීම් සඳහා යොදා ගත් කාලයමාස 3කට ආසන්න වේ. වයිට් මෙම තරඟය සඳහා ගතකර තිබූ කාලය තත්පර 51.8 ක් වන අතර ප්‍රථම ස්ථානය ලබා ගත් ක්‍රීඩකයාට වඩා ඔහු සිටියේ තත්පර 0.7 ක් පග්සුඝ්පස්සි නි. ඒත් සුළු වෙනස ද මෙම ඔලිම්පික් තරඟාවලියේ සුවිශේෂී වාර්තාවන් අතරට එක් වූවක් විය.

ඔලිම්පික් ජයග්‍රහණයෙන් පසුව වයිට් ට්‍රිනිටි විද්‍යාලයේ පවත්වනු ලැබූ උළෙලකින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබූ අතර ඔහුට අහිමිව ගිය “ට්‍රිනිටි ලයන්” යන ගෞරව සම්මානය නැවත වතාවක් එහිදී පිරිනැමුණි. එකී අවස්ථාවේ රැස්ව සිටි පිරිස අමතා කතා කළ වයිට් කියා සිටියේ “මාගේ ඔලිම්පික් ජයග්‍රහණය ගෞරවාන්විත එකක් වුව ද “ලයන්” ලෙස මා මෙහි දී නැවත හිමි කරගන්නා ලද සම්මානය මට ඊටත් වඩා ගෞරවයක් එක් කළ බවක් එය මා ඉතා ප්‍රීතියෙන් පිළගත් බවත්” ය.

1950 වර්ෂයේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නඟරයේ පැවති බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය තරඟාවලියේ දී ඩන්කන් වයිට් විසින් මීටර් 440 yard hurdles තරඟය ජයග්‍රහණය කළේ ලෝක වාර්තාවට තත්පර 0.3 ක් පසුපසින් හිඳිමිනි. තවද ඔහු 1949 “බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයා” යන සම්මානයෙන් ද පිදුම් ලැබීය.

නමුදු ශ්‍රී ලංකාව විසින් ඔහුට දැක්වූ ගෞරවය වූයේ වසර ගණනාවකට පසු ඔහු වෙනුවෙන් නිකුත් කරන ලද තැපැල් මුද්දරයයි. 1998 එංගලන්තයේ වෝර්වික්ෂයර්හි දී ඩන්කන් වයිට් මෙලොවින් සමුගත්තේය.

වයිට් විවාහප්‍රාප්ත වී සිටියේ ඇන්ජෙලා වියට්නේ සියබෙල් සමඟ වන අතර ඔහු සය දරු පියෙක් විය. නීටා, මැරිලෙන්, ෆියෝනා, ඩෑන්, මැක්සීන් සහ ක්‍රිස් යනු ඔහුගේ දරුවන් සය දෙනාය. වයිට්ට සහෝදරයන් තිදෙනෙකු වූ අතර ඉන් ෆෙඩ්‍රික් ඒ. වයිට් ද ක්‍රීඩකයෙකු විය. අනෙක් දෙදෙනා ස්ටැන්ලි ලෙනාර්ඩ් වයිට් හා ඩග්ලස් ඇන්ඩෲ වයිට් වන අතර ඔවුන් 1960 වසරේදී මරණයට පත් විය.


‍

පදක්කම් වාර්තාව
Men's athletics
  ලංකාව වෙනුවෙන් තරගකරු
ඔලිම්පික්
රිදී 1948 ලන්ඩනයේ දී මීටර් 400 කඩුලු මතින් දිවීම
Commonwealth Games
රන් 1950 Auckland 440 yard hurdles

අමතර අවධානයට

  • Nagalingam Ethirveerasingam
  • Summa Navaratnam
  • ශ්‍රියන්ත දිසානායක
  • සුසන්තිකා ජයසිංහ
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 30, 2026

    මිස් ජෙනිස්

  • අප්‍රේල් 10, 2026

    Geographic coordinate system

  • අප්‍රේල් 21, 2026

    ආර්ටසර්ක්සීස් III

  • මාර්තු 22, 2026

    ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 2024

  • අප්‍රේල් 25, 2026

    අව පෑලවිය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට