ශ්‍රී ලංකා දිවයිනට උතුරු ඉන්දියානු ඉන්දු-ආර්ය සංක්‍රමණිකයන් පැමිණ ජනාවාසකරණය වීමත් සමගම සිංහල රාජාණ්ඩුවෙහි සම්භවය ඇතිවිය. . දිවයිනෙහි සාම්ප්‍රදායික වංශකථාවන් වන දීපවංශය, මහාවංශය සහ චූලවංශය, සහ පසුකාලීන වංශකථාවන් පරිදී, ඉන්දියානු කුමාරයෙකු වූ විජය කුමරු (ක්‍රිපූ 543–505) සහ ඔහුගේ අනුගාමිකයන් 700 දෙනෙක් ශ්‍රී ලංකා දිවයිනට ගොඩබැස, තම්බපණ්ණි රාජධානිය පිහිටුවීම සිදුවූ ක්‍රිපූ 543 සමගම පළමුවන සිංහල රාජධානිය පිහිටුවීම සිදුවිය. සිංහල පුරාණෝක්ති ප්‍රකාර, විජය කුමරු සහ ඔහුගේ අනුගාමික පිරිස සිංහල ජනයාගේ මුතුන් මිත්තෝ බව පැවසෙයි. තවත් සවිස්තරාත්මකව බැලීමේදී සිංහල මෙම විජය ප්‍රමුඛ ආර්යය සංක්‍රමණිකයන්ගේ හා ස්වදේශික ගෝත්‍රයන්ගේ සංකලණයක් බව පෙනී යයි. ඉතිහාසඥයන් විජය පුරාවෘතමය ගිණුමකට බැර කරන නමුත් ආර්යය සංක්‍රමණිකය හා සිංහල අනන්‍යතාවයේ උප්පත්තිය එකිනෙකට සම්බන්ධ බව පෙනී යයි
| සිංහල රාජධානියෙහි රජ | |
|---|---|
| පූර්ව රාජාණ්ඩුව | |
| |
| 1815 දී මහනුවර රජුගේ රාජකීය ධජය | |
| |
| පළමු රජ | විජය |
| අවසන් රජ | ශ්‍රී වික්‍රම රාජසිංහ රජ |
| නිල නිවහන | තම්බපණ්ණි, අනුරාධපුරය, පුලත්තිනගර,පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ, කෝට්ටේ, මහනුවර |
| රාජාණ්ඩුව ඇරඹීම | ක්‍රිපූ 543 |
| රාජාණ්ඩුව අවසන් වීම | 1815 |
ආශ්‍රිත
- "අනුරාධපුර". www.palikanon.com. සම්ප්‍රවේශය 27 පෙබරවාරි 2013.
- මිට්ටල් (2006) පි 405
- "483 බීසී – එරයිවල් ඔෆ් ආර්යන්ස් ටු ශ්‍රී ලංකා". scenicsrilanka.com. සම්ප්‍රවේශය 2009-11-06.

