සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සයිනායි කන්ද (හෙබ්‍රෙව්: הר סיני‎ හාර් සයිනායි; ඇරමයික්: ܛܘܪܐ ܕܣܝܢܝ Ṭūrāʾ Dsyny), සාම්ප්‍රදායික වශයෙන් ජබෙල් මෝසා ලෙසින් හැඳින්වෙන (අරාබි: جَبَل مُوسَىٰ‎, පරිවර

සයිනායි කන්ද

  • මුල් පිටුව
  • සයිනායි කන්ද


සයිනායි කන්ද (හෙබ්‍රෙව්: הר סיני‎ හාර් සයිනායි; ඇරමයික්: ܛܘܪܐ ܕܣܝܢܝ Ṭūrāʾ Dsyny), සාම්ප්‍රදායික වශයෙන් ජබෙල් මෝසා ලෙසින් හැඳින්වෙන (අරාබි: جَبَل مُوسَىٰ‎, පරිවර්තනය: මෝසස් කන්ද), යනු ඊජිප්තුවෙහි සයිනායි අර්ධද්වීපයෙහි පිහිටි කන්දකි. එය බොහෝ විට ටෝරා, බයිබලය, සහ කුරානය පරිදී , මෝසෙස් වෙත දස පණත ලැබුණු බයිබලීය සයිනායි කන්ද පිහිටි ස්ථානයම විය හැක.

සයිනායි කන්ද
ඊජිප්තියානු අරාබි: جَبَل مُوسَىٰ
අරාබි: جَبَل مُوْسَى‎
Classical Syriac: ܛܘܪܐ ܕܣܝܢܝ Ṭūrāʾ Dsyny
පුරාතන ග්‍රීක: Ὄρος Σινά
ලතින්: Mons Sinai
සයිනායි කන්දෙහි කඳුමුඳුන
උසම ස්ථානය
උස2,285 m (7,497 ft)
Prominence334 මීටර (1,096 ft)
ඛණ්ඩාංක28°32′21.9″N 33°58′31.5″E / 28.539417°N 33.975417°E / 28.539417; 33.975417 
නම
ස්වදේශීය නාමය[طُوْر سِيْنَاء] Error: {{Native name}}: missing language tag (help)  (language?)
Geography
සයිනායි කන්ද is located in ඊජිප්තුව
සයිනායි කන්ද
සයිනායි කන්ද
සයිනායි, ඊජිප්තුවෙහි ආසියානු කොටස

එය 2,285-මීටර (7,497 අඩි) පමණ මධ්‍යස්ත උසැති කන්දක් වන අතර වර්තමානයෙහි සයිනායි අර්ධද්වීපය ලෙසින් හැඳින්වෙන ප්‍රදේශයෙහි ශාන්ත කැතරින් නගරය අසල පිහිටා ඇත. නිදසුනක් ලෙසින්, 2,629 මීටර හෝ 8,625 අඩි උසැති ඊජිප්තුවෙහි උසම කඳු මුදුන වන කැතරින් කන්ද අසලින් එය පිහිටා ඇත.

පටුන

භූවිද්‍යාව

 
සයිනායි අර්ධද්වීපයෙහි 1869 හමුදා මැනුමෙහිදී, කැතරීන් කන්දට (ජබෙල් කටරීනා) උතුරු දෙසින් සහ විලෝ පීක් (රස් එස්-සෙෆ්සීෆා)වෙතින් දකුණු දෙසින් ජබෙල් මෝසා පිහිටා ඇති අයුරු

සයිනායි කන්දෙහි පර්වත සැදුනේ ඇරබියානු-නිවුබියානු ඵලකයෙහි පරිණාමයෙහි අවසන් අදියරෙහිදීය. සයිනායි කන්ද යමහල්මයද ඇතුළත් විභින්න පර්වත වර්ග වෙතට ආක්‍රාන්තිවූ ක්ෂාරීය කළුගල් වෙතින් සැදුනු වට සංකීර්ණයක් වෙයි. කළුගල් වල සංයුතිය සයනොග්‍රැනයිට් සිට ක්ෂාරීය ෆෙල්ස්ෆා කළුගල් දක්වා පරාසයක පවතියි. යමහල් පාෂාණ, ක්ෂාරීය සිට පරැල්කලයින් පරාසයක් පවතින අතර, ඒවා නිරූපණය වන්නේ භූතල ගැලීම සහ විදාරණ සහ යමහලකට යටින් පිවිසුව වෙතින් වෙයි. සාමාන්‍ය වශයෙන් සැලකූ කල, සයිනායි කන්දෙහි අනාවෘත පර්වත වල ස්වභාවය විසින් දක්වන්නේ ඒවා එකිනෙකට වෙනස් ගැඹුරු තුල නිර්මාණය වූ ඒවා බවයි.[උපහරණ ඇවැසිය]

ආගමික වැදගත්බව

ජුදා ආගම/ක්‍රිස්තියානි ආගම

ප්‍රධාන ලිපිය: සයිනායි කන්ද (බයිබලය)

කන්දට වහාම උතුරින් පිහිටා ඇත්තේ 6වන සියවෙසහි ශාන්ත කැතරින්ගේ තාපසාරාමය වෙයි. මුස්ලිම්වරුන් විසින් තවමත් භාවිතා කරන මුස්ලිම් දේවස්ථානයක්ද, 16 වන සියවසෙහි දේවස්ථානයක නටබුන් මත 1934දී ඉදිකෙරුනු සහ තවමත් මහජනයාට විවෘතව නොමැති ග්‍රීක ඕර්තඩොක්ස් කුඩා පල්ලියක්ද, කඳු මුදුනෙහි පිහිටා ඇත. බයිබලීය ගල් පුවරු සපයා ගෙන ඇති පර්වතය වට කොට මෙම කුඩා පල්ලිය තනා ඇති බව සිතනු ලැබෙයි. දස පණත ලැබෙන තුරු මෝසස් බලාපොරෙත්තුවෙන් රැඳී සිටි "මෝසස්ගේ ගුහාව"ද කඳු මුදුනෙහි පිහිටා ඇත.

ආශ්‍රිත

  1. "සයිනායි ජියෝලොජි". AllSinai.info.
  2. හානා එම්. සලෙම් සහ ඒ. ඒ. එල්ෆවුලි, "මිනරල්ස් Minerals රිකොනිසන්ස් ඇට් සෙන්ට් කැත්රින් ඒරියා, සදර්න් සෙන්ට්‍රල් සයිනායි, ඊජිප්ට් ඇන්ඩ් දෙයා එන්වයිරන්මෙන්ටල් ඉම්පැක්ට්ස් ඔන් හියුමන් හෙල්ත්". ICEHM2000, කයිරෝ විශ්වවිද්‍යාලයය, ඊජිප්තුව, සැප්තැම්බර් 2000, පිටු. 586–98
  3. "මවුන්ට් සයිනායි, ඊජිප්ට්". ප්ලේසර්ස් ඔෆ් පීස් ඇන්ඩ් පවර්.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 31, 2026

    පාපන්දු ක්‍රීඩාව

  • අප්‍රේල් 06, 2026

    ඩග්ලස් රණසිංහ

  • අප්‍රේල් 06, 2026

    පලස්තීන අධිකාරිය

  • අප්‍රේල් 09, 2026

    කුරුසියේ මංගල්‍යය

  • අප්‍රේල් 08, 2026

    යඨාලතිස්ස රජ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට