හේරත් මුදියන්සේලාගේ විජිත හේරත්, (දෙමළ: விஜிதா ஹேரத், ඉංග්‍රීසි: Vijitha Herath; උපත 1968 මැයි 1) යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙක්. හේරත් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්. ඔහු මීට පෙර සංස්කෘතික කටයුතු සහ ජාතික උරුමයන් පිළිබඳ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකුද වෙයි. ඔහු 2000 වසරේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වේ.
ගරු විජිත හේරත් | |
|---|---|
| விஜிதா ஹேரத் Vijitha Herath | |
![]() 2025 දී හේරත් | |
| ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුරුධාරී | |
| තනතුර දරමින් 2000 | |
| පුද්ගලික තොරතුරු | |
| උපත | මැයි 1, 1968 |
| ජාතිකත්වය | |
| දේශපාලන පක්ෂය | ජනතා විමුක්ති පෙරමුණ |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජාතික ජන බලවේගය |
| පදිංචිය(s) | 49/53 B සල්මල් උයන, කිරිඳිවැලි පාර, යක්කල |
| වෙබ් අඩවිය | jvpsrilanka.com |
හේරත් ජාතික ජන බලවේගය (National People's Power – NPP) දේශපාලන සන්ධානයේ ජාතික විධායක කමිටු සාමාජිකයෙකුද වන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකයා ලෙස ද කටයුතු කරයි.
මුල් ජීවිතය සහ අධ්‍යාපනය
විජිත හේරත් 1968 මැයි 1 දින උපත ලැබීය.
ඔහු ශ්‍රී ලංකාවේ කැළණිය විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය (BSc) ලබා ඇත.
දේශපාලන ජීවිතය
විජිත හේරත් 2000 වර්ෂයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වූ අතර එතැන් සිට අඛණ්ඩවමේ දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සේවය කරමින් සිටී.
ඔහු 2004 සිට 2005 දක්වා කාලය තුළ සංස්කෘතික කටයුතු හා ජාතික උරුම අමාත්‍යවරයා ලෙස ද සේවය කර ඇත.
පාර්ලිමේන්තු සාමාජිකයෙකු ලෙස ඔහු රාජ්‍ය මුදල්, රාජ්‍ය ගිණුම්, ව්‍යවස්ථා කටයුතු, කෘෂිකර්ම සහ ශක්ති ක්ෂේත්‍ර සම්බන්ධ පාර්ලිමේන්තු කමිටු රැසක සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර ඇත.
2024 සැප්තැම්බර් මාසයේදී පිහිටුවන ලද නව ආණ්ඩුවේදී ඔහු කැබිනට් අමාත්‍යධූර කිහිපයක් දරමින් කටයුතු කළ අතර පසුව 2024 නොවැම්බර් 18 දින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ලෙස පත් කෙරිණි..
2024 මහ මැතිවරණයේදී ඔහු ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලබාගත් මනාප ඡන්ද ප්‍රමාණය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු විසින් ලබාගත් වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලෙස සටහන් වී ඇත.
මැතිවරණ ඉතිහාසය
| මැතිවරණ | මැතිවරණ දිස්ත්‍රික්කය | පක්ෂය | සන්ධානය | ඡන්ද | ප්‍රතිඵලය | ||
|---|---|---|---|---|---|---|---|
| 2000 පාර්ලිමේන්තු | ගම්පහ දිස්ත්‍රික්කය | ජනතා විමුක්ති පෙරමුණ | 8,823 | තේරී පත් වූණා | |||
| 2001 පාර්ලිමේන්තු | ගම්පහ දිස්ත්‍රික්කය | ජනතා විමුක්ති පෙරමුණ | 13,981 | තේරී පත් වූණා | |||
| 2004 පාර්ලිමේන්තු | ගම්පහ දිස්ත්‍රික්කය | ජනතා විමුක්ති පෙරමුණ | එක්සත් ජනතා නිදහස් සන්ධානය | 215,540 | තේරී පත් වූණා | ||
| 2010 පාර්ලිමේන්තු | ගම්පහ දිස්ත්‍රික්කය | ජනතා විමුක්ති පෙරමුණ | ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය | 50,967 | තේරී පත් වූණා | ||
| 2015 පාර්ලිමේන්තු | ගම්පහ දිස්ත්‍රික්කය | ජනතා විමුක්ති පෙරමුණ | 55,299 | තේරී පත් වූණා | |||
| 2020 පාර්ලිමේන්තු | ගම්පහ දිස්ත්‍රික්කය | ජනතා විමුක්ති පෙරමුණ | ජාතික ජන බලවේගය | 37,008 | තේරී පත් වූණා | ||
ආශ්‍රිත ලිපි
- ජනතා විමුක්ති පෙරමුණ
- ජාතික ජන බලවේගය
- අනුර කුමාර දිසානායක
- හරිනි අමරසූරිය
