සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

රාමඤ්ඤ නිකාය ශ්‍රි ලංකාවේ පවතින ප්‍රධාන බෞද්ධ නිකායකි. රාමඤ්ඤ නිකාය තායිලන්තයේ පවතින තම්මයුක්ත නිකායට සමරූපී වේ. වර්තමනය වනවිට රාමඤ්ඤ නිකාය තායිලන්තය, බුරුමය හා

රාමඤ්ඤ නිකාය

  • මුල් පිටුව
  • රාමඤ්ඤ නිකාය

රාමඤ්ඤ නිකාය ශ්‍රි ලංකාවේ පවතින ප්‍රධාන බෞද්ධ නිකායකි. රාමඤ්ඤ නිකාය තායිලන්තයේ පවතින තම්මයුක්ත නිකායට සමරූපී වේ. වර්තමනය වනවිට රාමඤ්ඤ නිකාය තායිලන්තය, බුරුමය හා ශ්‍රී ලංකාවේ පවතී.

පටුන

ආරම්භය

මෙම නිකාය ආරම්භ වුයේ වර්‍ෂ 1863 ජුනි මස 13 වැනිදා ගාල්ලේ නදී උපෝසථාගාරයේ දී (උදකුක්ඛේප සීමාවෙහි) උපසම්පදා කර්මය සිදුකිරීමෙන් පසුවය.ඒ අඹගහවත්තේ සරණංකර සාමණේරයන් වහන්සේ බුරුමයට ගොස් බුරුමයේ රාමඤ්ඤ නගරයේ රත්නපුණ්ණ මහා විහාර වාසී ඥෙයධර්‍ම සංඝරාජ ස්වාමින් වහන්සේගෙන් උපසම්පදාව ලබා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුවය.මෙම නිකායේ පළමු මහා නායක ස්වාමීන් වහන්සේ වන්නේ ද අතිපූජ්‍ය අඹගහවත්තේ ඉන්ද්‍රාසභවරඤාණ ගණනායක මහා ස්වාමීන් වහන්සේය. මූලස්ථානය කළුතර,පයාගල රාමඤ්ඤ මහා නිකායික මූල මහා විහාරය යි. අතිපූජ්‍ය අග්ග මහා පණ්ඩිත මකුලෑවේ ශ්‍රී විමල මහා ස්වාමීන් වහන්සේ නව මහා නායක ස්වාමීන් වහන්සේ ලෙස කටයුතු කරයි.

කුල භේදය නොමැතිවීම

බුදු රජාණන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරන ලද කුල භේදය නොසලකා මෙම නිකාය අනුගමනය කරයි.

උප නිකාය / පාර්ශව

මෙම මහා නිකාය කිසිදු උප බෙදීමකට ලක්ව නැතත් කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව යනුවෙන් වනවාසී භික්ෂූන් වහන්සේලා පිරිසක් වෙනම උපසම්පදාව සිදු කරයි. එහෙත් එක මහානායක මාහිමිපාණන් වහන්සේ නමක් යටතේ එක්ව කටයුතු කරයි.

මහා නායක මහා ස්වාමීන් වහන්සේලා

  1. අඹගහවත්තේ ඉන්දාසභවර ඤාණසාමි මහා ස්වාමීන් වහන්සේ
  2. ඕබඩකන්දේ විමලානන්ද මහා ස්වාමීන් වහන්සේ
  3. කෝදාගොඩ උපසේන මහා ස්වාමීන් වහන්සේ
  4. දීපේගොඩ චන්දවිමල මහා ස්වාමීන් වහන්සේ
  5. කරතොට ඉන්දසාර මහා ස්වාමීන් වහන්සේ
  6. හිස්සැල්ලේ ඤාණෝදය මහා ස්වාමීන් වහන්සේ
  7. ඉඳුරුවේ උත්තරානන්ද මහා ස්වාමීන් වහන්සේ
  8. පොත්තේවෙල පඤ්ඤාසාර මහා ස්වාමීන් වහන්සේ
  9. වේවැල්දෙණියේ මේධාලංකාර මහා ස්වාමීන් වහන්සේ
  10. නාපානේ පේමසිරි මහා ස්වාමීන් වහන්සේ
  11. මකුලෑවේ ශ්‍රී විමල මහා ස්වාමීන් වහන්සේ

ආශ්‍රිත ලිපි

  • සියම් නිකාය
  • අමරපුර මහ නිකාය
  1. සංරක්ෂිත පිටපත, http://www.divaina.com/2014/01/20/news04.html, ප්‍රතිෂ්ඨාපනය 2014-01-20 
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    ආදර්ශ පාඨය

  • අප්‍රේල් 06, 2026

    සල්ෆියුරික් අම්ලය

  • මැයි 27, 2026

    Helium flash

  • ජූලි 23, 2026

    තාරකා ඉබ්බා

  • මාර්තු 27, 2026

    අපරාධ නීතිය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට