සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

බණ්ඩාරනායක මොණරවිල කැප්පෙටිපොළ හෝ සරලව වීර මොණරවිල කැප්පෙටිපොළ ලෙස ප්‍රසිද්ධව හඳුන්වන මොහු ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සහ පසුව බ්‍රිතාන්‍ය පරිපාලනය යටතේ මහ දිසා

මොනරවිල කැප්පෙටිපොල

Page අර්ධ-ආරක්ෂණය
විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
වීර
රාජපක්ෂ වික්‍රමසේකර මුදියන්සේලාගේ බණ්ඩාරනායක මොණරවිල කැප්පෙටිපොළ
මොණරවිල කැප්පෙටිපොළ දිසාවගේ ප්‍රතිමාවක්
උපත
රාජපක්ෂ වික්‍රමසේකර මුදියන්සේලාගේ බණ්ඩාරනායක මොණරවිල කැප්පෙටිපොළ

මාතලේ, සිංහලේ
මරණයක්‍රි.ව. 1818 නොවැ 25
මරණයට හේතුවහිසගසා ඝාතනය කිරීම
සැතපෙන ස්ථානයශ්‍රී ලංකාව
අනෙකුත් නම්කැප්පෙටිපොළ දිසාව
පුරවැසිභාවයසිංහල
වෘත්තියදිසාව (මාතලේ සහ ඌව)
සංගණ්‍ය වන්නේ1818 ඌව-වෙල්ලස්ස නිදහස් අරගලය මෙහෙයවීම
Spouseදෙල්වල එතනහාමි
දරුවන්පුතුන් දෙදෙනෙක්
Parents
  • ගොලහෙළ කැප්පෙටිපොළ දිසාව (father)
  • මොණරවිල කුමාරිහාමි (mother)

බණ්ඩාරනායක මොණරවිල කැප්පෙටිපොළ හෝ සරලව වීර මොණරවිල කැප්පෙටිපොළ ලෙස ප්‍රසිද්ධව හඳුන්වන මොහු ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සහ පසුව බ්‍රිතාන්‍ය පරිපාලනය යටතේ මහ දිසාව තනතුර දැරූවෙකි. මොහු 1818 ඌව නිදහස් අරගලය මැඩපැවැත්වීමට බ්‍රිතාන්‍යයන් විසින් යවනු ලැබීමෙන් පසු බ්‍රිතාන්‍ය පිළ හැරදා අරගලකරුවන් හා එකතු වූ අතර එහි ප්‍රධාන පෙළේ නායකයෙකු බවටද පත්විය.

බ්‍රිතාන්‍යයන් විසින් අරගලය පරාජය කළ අතර කැප්පෙටිපොළ දිසාව ඇතුළු අනෙක් අරගල නායකයන් ‍රැසක් අත් අඩංගුවට ගෙන රාජද්‍රෝහී වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කර මරණ දණ්ඩනය පනවන ලදී. වර්ෂ 1818 නොවැම්බර් මස 26 වැනි දින කන්ද උඩරට බෝගම්බර දී රාජද්‍රෝහියකු වශයෙන් හංවඩු ගසන ලද කැප්පෙටිපොළ රාජපක්‌ෂ වික්‍රමසේකර බණ්‌ඩාරනායක නොහොත් කැප්පෙටිපොළ මහ නිලමේ ජාතිය වෙනුවෙන් දිවි පිදූහ. මොනරවිල කැප්පෙටිපොළ දිසාව සිය මරණ දඬුවම ක්‍රියාත්මක අවස්ථාවේ පෑ අසාමාන්‍ය ධෛර්යය නිසා වඩාත් ප්‍රසිද්ධ වී ඇති අතර එතුමා සිංහලේ රාජ්‍යයේ වීරයෙකු ලෙස සැලකේ. මෙතුමාගේ අවසන් ඉල්ලීම වූයේ තම ගෙල එක කඩු පහරින් ගසා දමන ලෙසයි .කැප්පෙටිපොල නමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම මධ්‍ය විද්‍යාලය වන අකුරම්බොඩ මධ්‍ය විද්‍යාලය වීර කැප්පෙටිපොල මධ්‍ය විද්‍යාලය නමින් නම්කර ඇති අතර එය කැප්පෙටිපොල උපන් ගම් ප්‍රදේශය වන මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොටිඨාසයේ මොනරවිල ග්‍රාමයට ආසන්නයේ පිහිටා ඇත.

ඉහළට