සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මරණ දණ්ඩනය ලබා දීමට සුදුසු වන අපරාධයන් මරණීය අපරාධ ලෙස හඳුන්වන අතර මේවා රටවල් හෝ ප්‍රාන්ත අනුව වෙනස් විය හැක. ප්‍රධාන වශයෙන් ගත් කළ මනුෂ්‍ය ඝාතනය, සමූහ මනුෂ්‍ය

මරණ දඬුවම

  • මුල් පිටුව
  • මරණ දඬුවම

මරණ දණ්ඩනය හෝ මරණ දඬුවම යනු රජය විසින් අපරාධයකට දඬුවම වශයෙන් අපරාධකරු මරණයට පත් කිරීම යි.

මරණ දණ්ඩනය ලබා දීමට සුදුසු වන අපරාධයන් මරණීය අපරාධ ලෙස හඳුන්වන අතර මේවා රටවල් හෝ ප්‍රාන්ත අනුව වෙනස් විය හැක. ප්‍රධාන වශයෙන් ගත් කළ මනුෂ්‍ය ඝාතනය, සමූහ මනුෂ්‍ය ඝාතනය, දූෂණ, ළමා දූෂණ, ළමා ලිංගික අපයෝජන, ත්‍රස්තවාදය, ගුවන්යානා පැහැරගැනීම, යුද අපරාද, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, ජන සංහාරය වැනි අපරාධ ද, පවතින රජයට එරෙහිව කුමන්ත්‍රණ කිරීම, ඔත්තු බැලීම, රාජද්‍රෝහි වීම සහ මුහුදු කොල්ලකෑම ආදී රාජ්‍යයට එරෙහි අපරාධ ද මරණීය අපරාධ ලෙස සැළකිය හැක. මීට අමතරව සමහර අවස්ථාවලදී, දඬුවම් වලින් පසුවද දිගින් දිගටම වැරදි සිදු කිරීම, දරුණු කොල්ලකෑම්, පැහැරගැනීම්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, මත්ද්‍රව්‍ය වෙළඳාම, මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම ද මරණීය අපරාධ ගණයට වැටේ. මරණ දඬුවම විවිධ ආකාරයට ක්‍රියාත්මක කෙරෙනු ලැබේ. එල්ලා මැරීම, වෙඩි තැබීම, මරණීය විෂ එන්නත් කිරීම, විදුලි සැර වැද්දවීම සහ විෂ වායූන්ට නිරාවරණය කිරීම ප්‍රධාන වශයෙන් භාවිතා කෙරේ.

මරණ දන්ඩණය රටවල් 55 ක සක්‍රීයව ක්‍රියාත්මක කෙරෙන අතර, රටවල් 109 ක් එය සම්පූර්ණයෙන්ම අහෝසි කර ඇත. රටවල් 8 ක් විශේෂ සිද්ධියකදී හැර (යුද අපරාද වැනි) මරණ දන්ඩණය ක්‍රියාත්මක නොකරයි. මේ අතර, ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 28 ක මෙය නීතියෙහි තිබුණ ද පසුගිය වසර 10 ඇතුලත ප්‍රායෝගිකව ක්‍රීයාත්මක කර නොමැත. රටවල් බහුතරයක්ම මරණ දන්ඩණය ක්‍රියාත්මක නොකළද, ලෝක ජනගහණයෙන් 60% ක්ම ජීවත් වන්නේ එය ක්‍රියාත්මක වන රටවල ය. එනම් චීනයේ, ඉන්දියාවේ, එක්සත් ජනපදයේ (ප්‍රාන්ත ගණනාවකම), ඉන්දුනීසියාවේ, පාකිස්ථානයේ, බංගලාදේශයේ, නයිජීරියාවේ, ඊජිප්තුවේ, සවුදි අරාබියාවේ, ඉරානයේ, ජපානයේ සහ තායිවානයේ යි.

රටවල් ගණනාවකම මරණ දණ්ඩනය මතභේදයට තුඩු දී ඇති මාතෘකාවක් වන අතර, එකම සංස්කෘතික කලාපයන්හි සිටින හෝ එකම දේශපාලනික මතවාද ඇති පුද්ගලයන් පවා මේ ගැන ප්‍රතිවිරුද්ධ ස්ථාවරයන් දැරිය හැක. යුරෝපානු සංගමයේ මූලික අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියෙහි 2 වන වගන්තිය මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම තහනම් වේ. මේ අනුව යුරෝපානු කවුන්සිලයේ රටවල් 47ක් මරණ දඬුවම අක්‍රීය කිරීමට කටයුතු කරන ලදි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 17, 2026

    රුසියානු විප්ලවය

  • අප්‍රේල් 05, 2026

    සප්ත බොජ්ඣංග

  • අප්‍රේල් 03, 2026

    තම්බපණ්ණි රාජධානිය

  • අප්‍රේල් 04, 2026

    Warsaw Pact

  • අප්‍රේල් 09, 2026

    සබරගමුව පළාත

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට