![]() | |
| සංස්ථාපනය | 1993 |
|---|---|
| වර්ගය | කඩවසම් තරුණයා තේරීමේ තරඟය |
| වෙබ් අඩවිය | නිල වෙබ් අඩවිය |
මෑන්හන්ට් ඉන්ටර්නැෂනල් (Manhunt International) යනු 1993 වසරේ පටන් වාර්ෂිකව පවත්වනු ලබන, එක් එක් වසර වෙනුවෙන් කඩවසම් තරුණයෙකු තෝරාගනු ලබන තරඟයකි. තරඟයේ මෙහෙයවීම් කටයුතු සිදුකරනු ලබන්නේ මෙට්‍රොමීඩියා සිංගප්පෝර් (Metromedia Singapore) සහ ප්‍රොකොන් ලෙෂර් ඉන්ටර්නැෂනල් (Procon Leisure International) යන ආයතන විසිනි.
ඉතිහාසය
කාන්තාවන් වෙනුවෙන් වෙන්වූ රූප රාජිනී තරඟ බොහොමයක් පැවතියද, පිරිමින් වෙනුවෙන්ම වෙන්වූ තරඟ වල අඩුවක් දක්නට ලැබෙන බව දුටු මෑන්හන්ට් තරඟ අධ්‍යක්ෂක Alex Liu, 1987 වර්ෂයේදී ප්‍රථම වතාවට මෑන්හන්ට් තරඟයක් සිංගප්පූරුවේදී පැවැත්වීමට පියවර ගන්නා ලදී.
පසුව එහි නාමය 1993 වසරේදී මෑන්හන්ට් ඉන්ටර්නැෂනල් නමින් වෙනස් කොට, එය ජාත්‍යන්තර තරඟකරුවන්ටද විවෘත වූ තරඟයක් ලෙස හඳුන්වාදීමට ඔහු කටයුතු කල අතර, එහි පළමු තරඟය 1993 දී ඔස්ට්‍රේලියාවේ ගොල්ඩ් කෝස්ට් (Gold Coast) හීදී පවත්වනු ලැබිණි.
ඇතුල්වීමේ සුදුසුකම්
| ස්ත්‍රී පුරුෂ භාවය: | පුරුෂ |
| වයස් පරාසය: | 18 සිට 30 දක්වා |
| විවාහක අවිවාහක බව: | අවිවාහක විය යුතුයි |
| උස: | අවම වශයෙන් මීටර 1.8 / 5'11" |
| තිබිය යුතු සාමාර්ථයන්: | ඉංග්‍රීසි භාෂාව කථා කිරීමේ හැකියාව, නිරූපණ හැකියාව |
| සැළකිලිමත් වන වෙනත් කරුණු: | විශිෂ්ඨ රූපකාය, පෞර්ෂත්වය, හැසිරීම, උද්‍යෝගීත්වය |
තරඟය
තරඟය අදියර දෙකකින් පවත්වනු ලබන අතර, මූලික වටය සහ අවසන් වටය එම අදියර ද්විත්වය වේ. පළමු වටයේදී තරඟකරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන, දේශීය විලාසිතාව, නාන ඇඳුම, සැඳෑ ඇඳුම, සහ නවීන විලාසිතාව යන අංගයන් සඳහා ලකුණු ලබා දීම සිදු කෙරේ. ඉන් වැඩිම ලකුණු හිමිකරගන්නා තරඟකරුවන් අවසන් වටය සඳහා සුදුසුකම් ලබයි.
ප්‍රධාන මෑන්හන්ට් ඉන්ටර්නැෂනල් තනතුරට අමතරව, වෙනත් අතිරේක කුසලතාවයන් වෙනුවෙන්ද තරඟකරුවන්ට මෙහිදී සම්මාන පිරිනැමීම සිදුවෙයි. හොඳම දේශීය විලාසිතාව, හොඳම නිරූපණය, හොඳම ඡායාකාන්ත තරුණයා (Mister Photogenic), සුහදශීලීම තරුණයා, හොඳම පෞර්ෂත්වය හිමි තරුණයා, විශිෂ්ඨතම දේහය සහිත තරුණයා, සහ ජනප්‍රියම තරුණයා (අන්තර්ජාලය හරහා වැඩිම මනාප හිමිකරගන්නා තරුණයා), යන අංශ සඳහා මෙලෙස සම්මාන පිරිනැමීම සිදුකරනු ලබයි. මීට අමතරව 2005 මෑන්හන්ට් ඉන්ටර්නැෂනල් තරඟයේදී, එක් එක් මහද්වීපයෙන් ඉදිරිපත් වූ හොඳම තරඟකරුවන් සඳහා වෙනමම සම්මාන පිරිනැමීමක් සිදුවිණි. එසේම 2007 මෑන්හන්ට් ඉන්ටර්නැෂනල් තරඟයේ පටන්, ජනප්‍රියම තරුණයා සම්මානය හිමිකර ගන්නා තරඟකරුවාට, නිතරඟයෙන් අවසන් වටයට පිවිසීමේ හැකියාව ලබා දුනි.
ජයග්‍රාහකයින්
1996, 2003, 2004, 2009, 2013, 2014, 2015, 2019, 2021 සහ 2023 යන වසර වලදී තරඟය නොපැවැත්විණි.
| වසර | මෑන්හන්ට් ඉන්ටර්නැෂනල් | රට | පැවැත්වූ ස්ථානය |
|---|---|---|---|
| 2024 | Kevin Dasom | Ayutthaya, තායිලන්තය | |
| 2022 | Lochie Carey | මැනිලා, පිලිපීනය | |
| 2020 | Paul Luzineau | මැනිලා, පිලිපීනය | |
| 2018 | Vicent Llorach González | ගෝල්ඩ් කෝස්ට්, ඕස්ට්‍රේලියාව | |
| 2017 | Trương Ngọc Tình | බැංකොක්, තායිලන්තය | |
| 2016 | Patrik Sjöö | Shenzhen, චීනය | |
| 2012 | June Macasaet | බැංකොක්, තායිලන්තය | |
| 2011 | Chen Jiang Feng | සෝල්, දකුණු කොරියාව | |
| 2010 | Peter Meňky | Taichung, තායිවානය | |
| 2008 | Abdelmoumen El Maghraouy | සෝල්, දකුණු කොරියාව | |
| 2007 | Jeffrey Zheng Yu Guang | Gangwon, දකුණු කොරියාව | |
| 2006 | Jaime Augusto Mayol | Jinjiang, චීනය | |
| 2005 | Tolgahan Sayisman | බූසෑන්, දකුණු කොරියාව | |
| 2002 | Fabrice Wattez | ෂැංහයි, චීනය | |
| 2001 | Rajeev Singh | බෙයිජිං, චීනය | |
| 2000 | Brett Wilso | සිංගප්පෝර් සිටි, සිංගප්පූරුව | |
| 1999 | Ernesto Calzadilla | මැනිලා, පිලිපීනය | |
| 1998 | Peter Eriksen | ගෝල්ඩ් කෝස්ට්, ඕස්ට්‍රේලියාව | |
| 1997 | Jason Erceg | සිංගප්පෝර් සිටි, සිංගප්පූරුව | |
| 1995 | Albe Geldenhuys | සිංගප්පෝර් සිටි, සිංගප්පූරුව | |
| 1994 | Nikos Papadakis | ගෝල්ඩ් කෝස්ට්, ඕස්ට්‍රේලියාව | |
| 1993 | Thomas Sasse | ගෝල්ඩ් කෝස්ට්, ඕස්ට්‍රේලියාව |
එක් එක් රටවල ජයග්‍රාහකයින් සංඛ්‍යාව
| වාර සංඛ්‍යාව | රට | ජයගත් වසර |
|---|---|---|
| 2 | 1997, 2022 | |
| 1998, 2016 | ||
| 2007, 2011 | ||
| 1 | 2024 | |
| 2020 | ||
| 2018 | ||
| 2017 | ||
| 2012 | ||
| 2010 | ||
| 2008 | ||
| 2006 | ||
| 2005 | ||
| 2002 | ||
| 2001 | ||
| 2000 | ||
| 1999 | ||
| 1995 | ||
| 1994 | ||
| 1993 |
හොඳම තරඟකාරී රටවල්
| ස්ථානය | රට | මෑන්හන්ට් ඉන්ටර්නැෂනල් | දෙවන ස්ථානය | තෙවන ස්ථානය | සිව්වන ස්ථානය | පස්වන ස්ථානය | අවසන් පූර්ව වටයට | එකතුව |
|---|---|---|---|---|---|---|---|---|
| 1 | 2 | 1 | 1 | 1 | 0 | 5 | 10 | |
| 2 | 1 | 2 | 0 | 0 | 3 | 5 | 11 | |
| 3 | 1 | 2 | 0 | 0 | 0 | 3 | 6 | |
| 4 | 1 | 1 | 1 | 1 | 1 | 6 | 11 | |
| 5 | 1 | 1 | 1 | 1 | 0 | 3 | 7 | |
| 6 | 1 | 1 | 0 | 1 | 0 | 4 | 7 | |
| 7 | 1 | 1 | 0 | 0 | 0 | 1 | 3 | |
| 8 | 1 | 0 | 3 | 1 | 0 | 3 | 8 | |
| 9 | 1 | 0 | 1 | 1 | 0 | 3 | 6 | |
| 10 | 1 | 0 | 1 | 0 | 0 | 3 | 5 | |
| 11 | 1 | 0 | 0 | 0 | 1 | 3 | 5 | |
| 12 | 1 | 0 | 0 | 0 | 1 | 0 | 2 | |
| 13 | 1 | 0 | 0 | 0 | 0 | 2 | 3 | |
| 14 | 1 | 0 | 0 | 0 | 0 | 0 | 1 | |
එක් එක් කලාපීය ජයග්‍රාහකයින් සංඛ්‍යාව
| කලාපය | සංඛ්‍යාව | එක් එක් රටවල ජයග්‍රාහකයින් |
|---|---|---|
| යුරෝපය | ස්වීඩනය (2), ජර්මනිය, ග්‍රීසිය, ප්‍රංශය, ස්ලෝවේකියා ජනරජය, තුර්කිය, ස්පාඤ්ඤය සහ නෙදර්ලන්තය (1). | |
| ආසියාව | චීනය (2), ඉන්දියාව, පිලිපීනය, වියට්නාමය සහ තායිලන්තය (1). | |
| ඕෂනියාව | ඔස්ට්‍රේලියාව (2), නවසීලන්තය (1). | |
| අප්‍රිකාව | දකුණු අප්‍රිකාව සහ මොරොක්කෝව (1). | |
| අමෙරිකාව | වෙනිසුවෙලාව සහ එක්සත් ජනපදය (1). |
මේවාද බලන්න
- මිස්ටර් ඉන්ටර්නැෂනල්
- මෙන් යුනිවර්ස් මොඩ්ල්
- මිස්ටර් වර්ල්ඩ්
ආශ්‍රිත
- බිස්නස් ඉන්ඩියා, Issues 615-620, A.H. Advani, 2001, p. 160, http://books.google.co.uk/books?cd=4&id=oKlIAAAAYAAJ&q=Manhunt#search_anchor
- නිල වෙබ් අඩවිය සංරක්ෂණය කළ පිටපත 2010-09-23 at the Wayback Machine
- Pageantopolis' මෑන්හන්ට් ඉන්ටර්නැෂනල් පේජ්
| ||||||||||||
- Pages using infobox mapframe with missing coordinates
- රූප සෞන්දර්යය හෝ කඩවසම් බව හෝ තේරීමේ ජාත්‍යන්තර තරඟ
