සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

වේධය කුමරු හෙවත් වීදිය බණ්ඩාර යනු කෝට්ටේ රාජධානි සමයේ සිටි අභීත සෙන්පතියෙකි. පෘතුගීසි හමුදාවට එරෙහිව ඔහු සිදු කළ සටන් නිසා ඔහු කෝට්ටේ ඉතිහාසයේ කැපීපෙනෙන චරිතයක්

වීදිය බණ්ඩාර

  • මුල් පිටුව
  • වීදිය බණ්ඩාර

වේධය කුමරු හෙවත් වීදිය බණ්ඩාර යනු කෝට්ටේ රාජධානි සමයේ සිටි අභීත සෙන්පතියෙකි. පෘතුගීසි හමුදාවට එරෙහිව ඔහු සිදු කළ සටන් නිසා ඔහු කෝට්ටේ ඉතිහාසයේ කැපීපෙනෙන චරිතයක් විය. "කෝට්ටේ ව්‍යාඝ්‍රයා" යන අනුවර්ත නාමයෙන් ද හැඳින්වූ ඔහු, දමිළයන් විසින් තිරුවැල්ලේ බණ්ඩාර ලෙස ද, පෘතුගීසීන් විසින් තිඹුලේ බණ්ඩාර ලෙස ද හඳුන්වා ඇත. මොහුගේ මව, අටවන වීරපරාක්‍රමබාහු (අම්බුළුගල) රජුගේ පුතෙකු වූ තනියවල්ලභ ගේ දුවෙකු වූ කපුරු ළමා එතනා බව පැවසෙන අතර, පියා පිලිබඳ විවිධ මූලාශ්‍රයන්හි විවිධ තොරතුරු දැක්වෙන බැවින් මතභේදාත්මකය. ඇතැම් මූලාශ්‍ර වලට අනුව ඔහු පැරැණි රජ පෙළපතකට අයත් වූ කුමාර බණ්ඩාර නම් ප්‍රදේශාධිපතියෙකි.

වීදිය බණ්ඩාර
උපත
මාදම්පේ, සිංහලේ (Not confirmed)
මරණය1555 (?)
යාපනය
මරණයට හේතුවසතුරු හේවායෙකුගේ හෙල්ල පහරකින්
මිහිදන් කල ස්ථානයයාපනය
අනෙකුත් නම්කෝට්ටේ ව්‍යාඝ්‍රයා, වේධය කුමරු, තිරුවැල්ලේ බණ්ඩාර, තිඹුලේ බණ්ඩාර, තුන්තරායකන්දන් තනියාන්වල්ලන් මැදියානු මංත්‍රන් ඒකාංග වීරන්
පුරවැසිභාවයසිංහල
වෘත්තියsමහා සේනාධිපති, කෝට්ටේ රාජධානිය (7 වන බුවනෙකබාහු රජු යටතේ)
සක්‍රීය වසර1521 - 1551 (7 වන බුවනෙකබාහු රාජ්‍ය සමය)
1551 - 1555(?) (දොන් ජුවන් ධර්මපාල රාජ්‍ය සමය)
යුගයකෝට්ටේ යුගය
සංගණ්‍ය වන්නේපෘතුගීසීන්ට විරුද්ධව කළ සටන් වල අභීත සෙන්පතියෙකි.
Spouse(s)සමුද්‍රදේවි කුමරිය (1538 - ??),

සුරීය දේවිය (මහා ටිකිරි බිසෝ බණ්ඩාර),

ශාන්තානා දේවිය (?)
දරුවන්
  • ධර්මපාල
  • විජයපාල (?)
  • සූරිය බණ්ඩාර (සූරිය දේවියට දාව)
Parents
  • කුමාර බණ්ඩාර (?) (father)
  • කපුරු ළමා එතනා (mother)
ඥාතීන්
  • තම්මිට සූරියබණ්ඩාර (සොයුරා)
  • තනියවල්ලභ (සීයා)
  • 8 වන වීර පරාක්‍රමබාහු රජු (අම්බුළුගල ) (මී මුත්තා)
Honoursතුන්තරායකන්දන් තනියාන්වල්ලන් මැදියානු මංත්‍රන් ඒකාංග වීරන් යන ගෞරව නාමය (හෙළ සටන් කලාව වෙනුවෙන් ඔහු සිදුකළ මෙහෙවර අරභයා)

වීදිය බණ්ඩාරයන්ගේ මරණය ඉතා දෛවෝපගත සිදුවීමකි. ඔහු සහ ඔහුගේ පිරිස යාපනයට ගොස් සිටින විට, කිසියම් අත්වැරදීමකින් සිදුවන පිපිරීමකින් ඇතිවන සැකය ඔස්සේ වීදිය බණ්ඩාර සංකිලි රජුගේ සේනාවට විරුද්ධව අසිපත ඔසවන අතර එහිදී ආර්‍ය චක්‍රවර්තී පෙළපතේ පළමුවන සංකිලි රජුගේ ආරක්ෂකයින් අතින් වීදිය බණ්ඩාර සහ බෙංගි රාළ මිය ගොස් ඇත. වීදිය බණ්ඩාර යනු ටිකිරි බණ්ඩාර රාජසිංහ හෙවත් සීතාවක රාජසිංහ රජුට පමණක් මුහුණට මුහුණ සටනකින් පරාජයට පත්වුණු අති දක්ෂ ඉලංගම් සටන්කරුවෙන් වන අතර, යාපනයේදී ඔහු මිය ගියා යැයි සැලකෙන්නේ අසළ වූ ගසක සිටි සෙබළෙක් වීදිය බණ්ඩාරයන්ගේ පිටට හෙල්ලෙන් ඇනීම නිසා බව පැවසේ. එමෙන්ම, බෙංගි රාළ, 60 කට ආසන්න පිරිසක් තනිව සටන් කර ඝාතනය කරමින් අවසානයේ මියගොස් ඇත. මෙම සටන යාපනය ඉතිහාසයේ ඛේදනීය සිදුවීමක් වූ අතර මෙයින් ශෝකයට පත් සංකිලි රජු වීදිය බණ්ඩාරයන් වෙනුවෙන් ස්මාරකයක් ඉදිකළ බව පැවසේ. එමෙන්ම, යාපනයේ දමිළ මවුවරුන් වීදිය බණ්ඩාරයන්ගෙ සහ බෙංගි රාළයන්ගේ රුධිරයෙන් ඔවුන්ගේ දරුවන්ගේ නළලෙහි තිලක තැබූ බවද ජනප්‍රවාදයේ පැවසේ.

අංගම්පොර සටන් ශිල්පයේ දී වීදිය බණ්ඩාර හෙවත් කෝට්ටේ ව්‍යාඝ්‍රයා හෙවත් තුන්තරායකන්දන් තනියාන්වල්ලන් මැදියානු මංත්‍රන් ඒකාංග වීරන් සමඟ, බංගෙයි රාළ හෙවත් විජයකෝන් නයිදේ සහ වේලායුධ ආරච්චි යන තිදෙන සුවිශේෂී අංගම්ශිල්පීන් තිදෙනෙක් ලෙසින් ජනප්‍රියය. විශේශයෙන්ම, එම තිදෙනා එක්ව කරන සටන් වලදී විදහා දැක්වූ "තුන්කට්ටු සටන් ක්‍රමය" හෙවත් තිදෙනා තුන් දිශාවට එකට සිට මුහුණලා වේගයෙන් අසිපත් හසුරවමින් සිදුකෙරූ සටන් ක්‍රමය ඔවුන් සමඟ සටන් කළ විශාල පිරිසකට මරු කැඳවූ සටන් ක්‍රමයක් බව ජනප්‍රවාදයේ දැක්වේ.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 06, 2026

    ව්‍යාප්ත වසංගතය

  • අප්‍රේල් 07, 2026

    විද්‍යාලෝක විද්‍යාලය

  • අප්‍රේල් 11, 2026

    ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය

  • අප්‍රේල් 07, 2026

    අරාබි ලොව

  • මාර්තු 23, 2026

    ශ්‍රී ලංකාවේ 1987-89 කැරැල්ල

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට