සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

මයිකල්සන්–මෝර්ලි පරික්ෂණය යනු, ආලෝක තරංග සඳහා වාහකය වන්නාවූ මාධ්‍ය පාරගාමී අවකාශයක් යැයි සිතූ කාලයක ආලෝකවාහක ඊතරය තිබේදැයි සොයාගැනීම සඳහා කෙරුණු ප්‍රයත්නයකි. මෙ

මයිකල්සන්–මෝර්ලි පරික්ෂණය

විකිපීඩියා වෙතින්
රූපය1. රසදිය පිරි වලයාකාර ද්‍රෝණිකාවක් මත ඉපිලෙන ශිලා පෝරුවක් මත සවිකර තිබූ මයිකල්සන් සහ මොර්ලිගේ නිරෝධනමානීය පිහිටුම

මයිකල්සන්–මෝර්ලි පරික්ෂණය යනු, ආලෝක තරංග සඳහා වාහකය වන්නාවූ මාධ්‍ය පාරගාමී අවකාශයක් යැයි සිතූ කාලයක ආලෝකවාහක ඊතරය තිබේදැයි සොයාගැනීම සඳහා කෙරුණු ප්‍රයත්නයකි. මෙම පරික්ෂණය 1887 අප්‍රේල් සහ ජූලි අතරදී ඇල්බට් ඒ. මයිකල්සන් සහ එඩ්වඩ් ඩබ්. මෝලි යන ඇමරිකානු භෞතික විද්‍යාඥයින් විසින්, වර්තමානයෙහිදී ක්ලීව්ලන්ඩ්, ඔහයියෝ හී පිහිටි, කේස් වෙස්ටර්න් රිසර්ව් විශ්වවිද්‍යාලයෙහිදී සිදු කෙරුණු අතර එම වසරෙහිම නොවැම්බර් මාසයෙහිදී ප්‍රකාශයට පත් කෙරිණි.

පරික්ෂණය තුලදී ලම්බක දිශාවන්හිදී ආලෝකයෙහි වේගය සංසන්දනය කරන ලද අතර එසේ කෙරුණේ ස්ථාවර ආලෝකවාහක ඊතරය ("ඊතර සුළඟ") හරහා පදාර්ථයෙහි සාපේක්ෂ චලිතය අනාවරණය කර ගැනුමෙහි ප්‍රයත්නයක් ලෙසිනි. ප්‍රතිඵලය සෘණ වූ අතර, එය මගින් මයිකල්සන් සහ මෝලි සොයාගත්තේ, තිබේයැයි අනුමාන කෙරුණු ඊතරය හරහා චලනයෙහි දිශා අනුව ආලෝකයෙහි වේගයෙහි සැලකිය යුතු තරම් වෙනසක් නොමැති බවත් ලම්බක දිශාවන්හී වේගයෙහි වෙනසක් නොමැති බවත්ය.

ඉහළට