සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

1999 වසරේදී සිරස ටීවී නාලිකාවෙන් විකාශය වූ නෝනාවරුනි මහත්වරුනි විකට ටෙලිනාට්‍ය මාලාව ප්‍රේක්ෂකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්විය. අසල්වාසී නිවෙස් දෙකක සැමියන් ත

නෝනාවරුනි මහත්වරුනි

  • මුල් පිටුව
  • නෝනාවරුනි මහත්වරුනි

1999 වසරේදී සිරස ටීවී නාලිකාවෙන් විකාශය වූ නෝනාවරුනි මහත්වරුනි විකට ටෙලිනාට්‍ය මාලාව ප්‍රේක්ෂකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්විය. අසල්වාසී නිවෙස් දෙකක සැමියන් තම බිරිඳට වඩා අසල්වාසී බිරිඳට ඇල්ම කරන්නට යාමෙන් සිදුවන අපූරු සිදුවීම් මාලාවක් නෝනාවරුනි මහත්වරුනි ටෙලිනාට්‍යයෙන් දැක්වේ.

මෙහි රංගනයෙන් විජය නන්දසිරි, කුසුම් රේණු, ග්‍රැන්විල් රොද්‍රිගෝ, ජයසේකර අපෝන්සු, සනෝජා බිබිලේ, විල්සන් ගුණරත්න, රොඩ්නි වර්ණකුල, මානෙල් වානගුරු, සමදරා ආරියවංශ, ඥානාංග ගුණවර්ධන, ආනන්ද වික්‍රමගේ ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් දායක වී ඇත. අධ්‍යක්ෂණය රාජේශ් ලෝදියාගෙනි.

මෙහි තවත් විශේෂත්වයක් නම්, එතෙක් සිනමාවේ, වේදිකාවේ හා රූපවාහිනියේ දැවැන්ත චරිත නිරූපණය කල විජය නන්දසිරි ප්‍රථම වරට හාස්‍ය උත්පාදක රංගනයට අවතීර්ණ වූයේ මෙම ටෙලිනාට්‍ය මාලාවෙනි.

මීට අමතරව, මෙම ටෙලිනාට්‍යය රූගත කරන කාලය තුළ මෙහි ප්‍රධාන චරිතයක් නිරූපණය කල ග්‍රැන්විල් රොද්‍රිගූ හදිසි රිය අනතුරකින් මරණයට පත් වූ අතර එතැන් පටන් එම චරිතයට පණ පෙව්වේ, ජයසේකර අපෝන්සු විසිනි.

  1. https://www.youtube.com/watch?v=HT9G9_HkUI8
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 25, 2026

    වියපත් වීම

  • අප්‍රේල් 04, 2026

    එක්සත් ජනපද

  • ජූනි 10, 2026

    ජොසොන්හි ගෝජොං

  • අප්‍රේල් 09, 2026

    ජීවන් තොණ්ඩමන්

  • මාර්තු 28, 2026

    1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනත

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට