සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මානෙල් චින්තාමනී වානගුරු, (උපත 1951 ඔක්තෝබර් 18), ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නිළියකි.

මානෙල් වානගුරු

  • මුල් පිටුව
  • මානෙල් වානගුරු

මානෙල් චින්තාමනී වානගුරු, (උපත 1951 ඔක්තෝබර් 18), ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නිළියකි.

මානෙල් වානගුරු
Manel Wanaguru
උපත
මානෙල් චින්තාමනී වානගුරු

18 ඔක්තෝබර් 1951 (1951-10-18) (වයස 74)
කොළඹ, ශ්‍රී ලංකාව
වෘත්තියනිළිය
සක්‍රීය වසර1958–වර්තමාන
Spouseආනන්ද වික්‍රමගේ (m. 1984)
දරුවන්2
Parents
  • ඩඩ්ලි වානගුරු (father)
  • ඉන්ද්‍රානි දිසානායක (mother)

පටුන

පෞද්ගලික ජීවිතය

මානෙල් වානගුරු උපත ලැබුවේ 1951 ඔක්තෝබර් 18 වැනිදාය. ඇගේ පියා ඩඩ්ලි සැමුවෙල් වානගුරු ද සිංහල සිනමාවේ නළුවෙකි. ඩඩ්ලි 1922 දෙසැම්බර් 16 වන දින උපත ලැබූ අතර 2003 ජූලි 29 දින මිය ගියේය. ඔහු වත්තල සාන්ත ජෝශප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. "එදා රෑ" චිත්‍රපටිය හරහා රංගනයට පිවිසි ඔහු ඉන්පසුව "දෛව විපාකය", "හදිසි විවාහය", "ගැහැණු ගැට", "පටාචාරා" වැනි චිත්‍රපට රැසකට රංගනයෙන් දායක විය. ඕහු පසුකලෙක "සැගවුනු මැණික" චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන ලදි. ඇගේ මව ගෘහණියක් වූ ඉන්ද්‍රානි දිසානායකය. මානෙල්ට සහෝදර සහෝදරියන් හය දෙනෙක් සිටිති: උපේන්ද්‍ර, ලක්ෂ්මන්, තිස්ස, නිහාල්, තමරා සහ රොහාන්.

මානෙල් විවාහ වී සිටින්නේ ආනන්ද වික්‍රමගේ නම් ප්‍රතිභාපූර්ණ රංගවේදියා සමගයි. මෙම යුවළට පුතුන් දෙදෙනෙක් සිටී: ජනිත් වික්‍රමගේ සහ සංකේත් වික්‍රමගේ, දෙදෙනාම නළුවෝ වෙති.

වෘත්තීය ජීවිතය

ඇයගේ මංගල සිනමා අත්දැකීම 1958 B.A.W ජයමාන්න විසින් අධ්‍යක්ෂණය කරන ලද "වනලිය" චිත්‍රපටිය හරහා සිදුවිය.

ටෙලිනාට්‍යය

  • ගිරිකුල
  • පිනි
  • පුංචි වලව්ව
  • සඳ නොදුටු සඳ
  • සඳ පිනි බිඳක
  • සුරදූතියෝ

සම්මාන

දීපශිකා සම්මාන

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
1974 කස්තුරි සුවඳ හොඳම රංගනය දිනාගති

සුමති සම්මාන

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2021 සිනමාවට දුන් දායකත්වය යූ.ඩබ්ලිව්. සුමතිපාල යාවජීව සම්මානය දිනාගති
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 29, 2026

    ශබ්ද දූෂණය

  • මැයි 22, 2026

    අධෝරක්ත කිරණ

  • අප්‍රේල් 06, 2026

    Apparent magnitude

  • මැයි 22, 2026

    Sinhalese–Portuguese War

  • අප්‍රේල් 05, 2026

    ඉන්දු-අයිරේනියානු භාෂා

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට