නිල්මිණි තෙන්නකෝන් (උපත ජනවාරි 23, 1965; ඉංග්‍රීසි: Nilmini Thennakoon) යනු, ශ්‍රී ලාංකික සිනමාවෙහි සහ රූපවාහිනියෙහි සම්මාන-ලාභී නිළියකි. විශේෂයෙන් රූපවාහිනියෙහි සක්‍රීය, අතිශයින් නිපුණතා සපිරි නිළියක් වන ඇය, බොහෝ දේශීය සම්මාන උළෙලන්හි දී හොඳම නිළිය සම්මානයෙන් කිහිප අවස්ථාවන්හි දී පිදුම් ලැබුවාය. සිංහල සිනමාවෙහි "කඳුලු බිංදුව" ලෙසින්ද ඇය බොහෝ විට හැඳින්වෙයි.
නිල්මිණි තෙන්නකෝන් | |
|---|---|
| උපත | තෙන්නකෝන් පතිරණලාගේ නිල්මිණි ජනවාරි 23, 1965 මොරටුව |
| අධ්‍යාපනය | වේල්ස් කුමරි විදුහල |
| වෘත්තිය | නිළිය |
| සක්‍රීය වසර | 1987–වර්තමානය |
| Spouse | මධුමාධව අරවින්ද (වි. 1996) |
| දරුවන් | ශ්වෙතා මන්දාකිණි |
| Awards | හොඳම නිළිය |
පුද්ගලික ජීවිතය
මොරටුවෙහි දී ඇය උපත ලද්දේ 1965 ජනවාරි 23 දින දී ය. ඇය සතුව උරෝජාතයන් දෙදෙනෙකු වන අතර, වැඩිමහල් සොහොයුරෙක් සහ බාල සෙහොයුරියක් ලෙසිනි. ඇයගේ පියා ව්‍යාපාරිකයෙක් විය. ඇයගේ වයස අවුරුදු 13 ක් වෙත්ම ඔහු මිය ගියේය.වේල්ස් කුමරි විදුහලෙන් ඇය අධ්‍යාපනය සම්පූර්ණ කලා ය.
ජනප්‍රිය ගායක මධුමාධව අරවින්ද සමග ඇය විවාහ වී සිටි අතර, ඔවුනට ශ්වෙතා මන්දාකිණි නමින් එක් දියණියක් සිටියි. ඇයට මධු හමුවූයේ 1992 වසරෙහිදී පිණි බිඳු ටෙලි නාට්‍යය තුලදීය. ඔවුහූ 1996 මැයි 5 දින දී විවාහ වූහ. 2000 ගණන් වල මුල් භාගයෙහිදී ඔවුහූ දික්කසාද වූහ. ඇයගේ දෙවන විවාහය යෝජනාවක් ඔස්සේ සිදුවූ අතර එයද දික්කසාදයෙන් කෙළවර විය.
වෘත්තිය
1980 ගණන් වල දී, 7 වන ශ්‍රේණියෙහි උගෙනුම ලබද්දී ඇය පාසැල් වේදිකාවෙහි රඟ දැක්වීමට පටන් ගත් අතර වජිරා චිත්‍රසේන මහත්මිය යටතේ නැටුම් හැදෑරුවා ය. ඉන්පසු ඇය මොරටුවෙහිදී ගුවන්විදුලි ශීල්පිණි චිත්‍රා කුමාරි කළුබෝවිල යටතේ "පහත රට" සහ උඩරට නැටුම් පුහුණුව ලද්දා ය. චිත්‍රාගේ මගපෙන්වීම යටතේ ඇය රූපවාහිනියෙහි පෙන්වුණු සසර නම් මුද්‍රානාට්‍යයක රංගන දායකත්වය දැක්වූවා ය.
ජනප්‍රිය අධ්‍යක්ෂක රෝයි නිළි සුමනා අමරසිංහ විසින් ඇය සිනමාවට හඳුන්වා දෙන ලදි.හිත හොඳ චණ්ඩියා චිත්‍රපටයෙහි නැටුම් දර්ශනයක ඇය රඟ දැක්වූවා ය. ඒම කාල සීමාවෙහිදීම, ඩී. බී. නිහාල්සිංහ විසින් ඔහුගේ රූපවාහිනී වෙළෙඳ දැන්වීම් වල තෙන්නකෝන් භාවිතා කොට ඉන්පසුව දිමුතු මුතු නාට්‍යයෙහි "අමරාවතී" චරිතයද ඉන්පසුව කෙළි මඬල 1991 චිත්‍රපටයෙහි චරිතයක්ද ඇයට ලබා දුනි. ඇගේ ප්‍රධාන රූපවාහිනී රඟපෑම එළිදැක්වුණේ නාලන් මැන්දිස් අධ්‍යක්ෂණය කල පස්සෙ ගෙනා මනමාලි වෙතිනි. ඉන්පසු ඇය ඉරිදා දිනවල රූපවාහිනී නාලිකාවෙහි වසර ගණනක් තුල ප.ව. 8.30ට දර්ශනයවූ දූ දරුවෝ ජනප්‍රිය රූපවාහිනී කතාමාලාවෙහි රඟදැක්වූවාය. මෙම දූ දරුවෝ කතා මාලාවෙහි ඇයගේ '"දීප්ති" නම් චරිතය ඇගේ අභිවෘත්තියෙහි ප්‍රධාන සාර්ථකත්වයක් විය.
ඇයගේ මංගල සිනමා අත්දැකීම වූයේ ලූවී වැන්ඩර්ස්ට්‍රැටන් අධ්‍යක්ෂණය කල මව්බිම නැත්නම් මරණය 1985 චිත්‍රපටයෙහි සුළු චරිතයක් තුලිනි. ඇයගේ පළමු ප්‍රධාන චරිතය පණගැන්වුනේ සුනිල් සෝම පීරිස් අධ්‍යක්ෂණය කල 1990 චිත්‍රපටය යුක්තියට වැඩ වෙතිනි. ඇය දායකත්වය සැපයූ ජනප්‍රිය චිත්‍රපට අතර කෙළි මඬල, නගරන් සහලේ කිරි කඳුල වෙති.
1992 වසරෙහි දී, හොඳම නැගී එන නිළිය වෙනුවෙන් සරසවිය සම්මානය ඇය විසින් දිනා ගන්නා ලද්දේ සුරනිමල චිත්‍රපටයහෙි ඇයගේ භූමිකාව වෙනුවෙනි. ලේ කිරි කඳුළු චිත්‍රපටයෙහි "වීණා" භූමිකාව වෙනුවෙන් ඇය හොඳම නිළිය සඳහා සරසවිය සම්මානය දිනුවා ය. ඉන්පසුව වඩාත් ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළිය වෙනුවෙන් සම්මානය ඇය අඛණ්ඩව වාර්තාගත වසර හයක් තිස්සේ දිනා ගති. 2008 රයිගම් ටෙලීස් සම්මාන උළෙල තුලදී, ෂර්ලි. පී. දෙලන්කාවල විසින් අධ්‍යක්ෂණය කෙරුණු හැන්දෑව කතා මාලාවෙහි "ටිකිරි මැණිකා" භූමිකාව වෙනුවෙන් හොඳම නිළිය සම්මානය තෙන්නකෝන් දිනුවා ය. 2016 වසරෙහි දී ඇය විසින් හොඳම නිළිය වෙනුවෙන් සුමති සම්මානය දිනුවේ අම්මා තුල ප්‍රධාන නිළි-භූමිකාව සඳහා ය.
ශාක්‍යන්ස් කණ්ඩායමෙහි නායිකාව ලෙසින් හිරු මෙගා ස්ටාර්ස් රියැලිටි වැඩසටහනෙහිද ඇය සහභාගී විය.ටීවී දෙරණ වෙතින් ප්‍රචාරය කෙරුණු සිත් ගිමන් හල රූපවාහිනී වැඩසටහනද ඇය විසින් මෙහෙයවන ලදි. නුගේගොඩ ඇය සතුව රූපලාවන්‍ය ව්‍යාපාරයක්ද ඇත.
තෝරාගත් රූපවාහිනී කතාමාලා
- බෝඩිම
- දිය සුළිය
- දිය යට ගිනි
- දූ දරුවෝ
- ගිරිකුළ
- හිරු දහසක් යට
- නිදිකුම්බා මල්
- පස්සෙ ගෙනා මනමාලි
- පාට සරුංගල්
- සාගරය පරදා
- සඳ පිණි වැස්ස
චිත්‍රපට ශිල්පය
| වසර | චිත්‍රපටය | භූමිකාව | ආශ්‍ර. |
|---|---|---|---|
| 1985 | මව්බිම නැත්නම් මරණය | ||
| 1990 | යුක්තියට වැඩ | කුංචු | |
| 1990 | පෙම් රජදහන | ||
| 1991 | කෙළි මඬල | ශාරිකා | |
| 1992 | සුරනිමල | ||
| 1993 | වැලි සුළඟ | නිල්මිණි රණසිංහ | |
| 1994 | එකදා වැහි | ||
| 1995 | අයෝමා | ||
| 1999 | නගරන් | සෝමා | |
| 2003 | ලේ කිරි කඳුළු | වීනා ජයවීර | |
| 2016 | මධුර චාරිකා | ආරාධිත භූමිකාව | |
| 2016 | හෙරෝ නෙරෝ | ප්‍රියා සේනාරත්න | |
| 2017 | බන්ධනය | නන්දාවතී | |
| 2019 | ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර් | ||
| තීකයු | ආකාස පාලම |
සම්මාන
| වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
|---|---|---|---|
| 1992 | සුරනිමල | හොඳම නැගීඑන නිළිය | දිනාගති |
| 2003 | ලේ කිරි කඳුළු | හොඳම නිළිය | දිනාගති |
සුමති සම්මාන
| වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
|---|---|---|---|
| 2000 | ඉසිදාසි | හොඳම නිළිය | දිනාගති |
| 1995 | මහජන මනාපය | වඩාත් ජනප්‍රිය නිළිය | දිනාගති |
| 2015 | ගිරිකුළ | හොඳම සහාය නිළිය | දිනාගති |
| 2016 | අම්මා | හොඳම නිළිය | දිනාගති |
රයිගම් ටෙලීස්
| වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
|---|---|---|---|
| 2009 | හැන්දෑව | හොඳම නිළිය | දිනාගති |