සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

නන්ද කුමරු සිද්ධාර්ථ කුමාරයාගේ බාලම අර්ධ සහෝදරයා විය. බුදුන් වහන්සේගේත් ඔහුගේත් පියා ශුද්ධෝදන රජුය. නන්ද කුමරුගේ මව මහා ප්‍රජාපතී ගෝතමී දේවියයි. ඇය බුදුන් වහන්ස

නන්ද රහතන්වහන්සේ

  • මුල් පිටුව
  • නන්ද රහතන්වහන්සේ

නන්ද කුමරු සිද්ධාර්ථ කුමාරයාගේ බාලම අර්ධ සහෝදරයා විය. බුදුන් වහන්සේගේත් ඔහුගේත් පියා ශුද්ධෝදන රජුය. නන්ද කුමරුගේ මව මහා ප්‍රජාපතී ගෝතමී දේවියයි. ඇය බුදුන් වහන්සේගේ මවගේ බාලම සොහොයුරියයි. සුන්දරී නන්දා කුමරිය නන්ද කුමරුගේ සොහොයුරියයි.

නන්ද රහතන් වහන්සේ
නන්ද රහතන් වහන්සේ, enticed by the Buddha to leave his bride-to-be and become a monk.
විවාහවීමේ අදහස අතහැර භික්ෂුවක්වූ නන්ද කුමරු
ධර්ම නාමය(න්)
නන්ද
පෞද්ගලික තොරතුරු
උපතකපිලවස්තු
ආගමික වෘත්තිය
ගුරුවරයාගෞතම බුදුන් වහන්සේ

බුදුන් වහන්සේ බුද්ධත්වයට පැමිණ සත් වසක් ගෙවුණු තැන පියරජතුමාගේ ඇරයුමෙන් තම ඉපදුණු නුවර වූ කපිලවස්තු පුරයට වැඩම කළහ.

බුදුන් වහන්සේ ආපසු වඩින තුන්වැනි දිනයේදී දානය වළඳා අවසානයේ නිශ්ශබ්දවම පාත්‍රය නන්ද කුමරු අතට දී ආපසු ගමන් ඇරඹීය. පාත්‍රය බුදුන් වහන්සේ විසින් ආපසු ගනිතැයි කල්පනා කරමින්ම නන්ද කුමරු බුදුන් වහන්සේ එවකට වැඩ හුන් නිග්‍රෝධ උයනට වඩින තෙක්ම බුදුන් වහන්සේ පසු පස ගියේය. මෙය බුදුන් වහන්සේ තම බාල සොහොයුරාට ධර්මය නිශ්ශබ්දව පෙන්වා දීමක් විය.

ඔවුන් උයනට පැමිණි විට බුදුන් වහන්සේ නන්ද අමතා පැවිදි වීමට කැමැත්ත විමසා සිටියහ. නන්ද කුමරු එදින සිය රූමත් සොහොයුරිය නන්දා ජනපද කල්‍යාණි ය සමග විවාහ වීමට සිටි නමුදු මහණ වී සඟ සසුනට ඇතුළත් විය.

එහෙත් නන්ද ආධ්‍යාත්මික වශයෙන් සතුටක් නොලද්දේය. ඔහුගේ සිතිවිලි නිරන්තරයෙන් ජනපද කල්‍යාණිය කෙරෙහි යොමු වී තිබුණේය.

මේ බව දැන ගත් බුදුන් වහන්සේ නන්ද කුමරු තව්තිසා දෙව්ලොවට කැඳවා ගෙන ගියහ. එසේ යන අතර මගදී ගින්නකට හසු වූ වැඳිරියක ඔහු විසින් දක්නා ලදී. වැඳිරියගේ කන්, නාසා සහ වලිගය පිළිස්සී ගොසිනි. ඇය දැවි අඟුරු වී තිබුණු ගසක් බදා සිටියාය. ඔවුන් දිව්‍ය ලෝකයට පැමිණි විට නන්ද දිව්‍ය අප්සරාවන් දුටුවේය. "ඔබ වඩා රූමත් යනුවෙන් අදහස් කරන්නේ කවරෙක්ද? ජනපද කල්‍යාණිය ද නැතහොත් මේ දිව්‍ය අප්සරාවන්ද? " යනුවෙන් බුදුන් වහන්සේ විමසූහ.

"බුදු හිමියනි, මෙම දිව්‍යාංගනාවන් හා සසඳන විට ජනපද කළ්‍යාණිය අර පිළිස්සුණු වැඳිරිය මෙනි" යයි නන්ද තෙරුන් පිළිතුරු දුන්නේය.

"සතුටු වන්න නන්ද මම නියම කරපු ආකාරයට ඔබ නොනැවත ක්‍රියා කරන්නේ නම් මෙම දිව්‍යාංගනාවන් හා සම්බන්ධ වීමට මම ඔබට අවස්ථාව ලබා දෙන බවට පොරොන්දු වෙමි. එනිසා ශුද්ධ ජීවිතයක සතුට ලබා ගන්න" යනුවෙන් බුදුන් වහන්සේ වදාළහ.

මෙය ඇසු නන්ද හිමි දිව්‍ය අප්සරාවන් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් කැපවීමෙන් අනලස්ව අභ්‍යාසයන්හි යෙදුණේය. මෙය දැනගත් අනෙක් භික්ෂුහු ඔහු හාස්‍යයට ලක් කළහ. අනතුරුව නන්ද ඔහු පෙලඹවූ කාරණයම පාදක කරමින් තණ්හාව ප්‍රහීණ කොට අරහත් භාවය ලබා ගත්තේය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 31, 2026

    කළමනාකරණය

  • අප්‍රේල් 07, 2026

    මයිකල් ආන්ජලෝ

  • අප්‍රේල් 06, 2026

    රාජිත සේනාරත්න

  • අප්‍රේල් 05, 2026

    මාර්ග සත්‍යය

  • අප්‍රේල් 12, 2026

    යුරෝපීය සංගමය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට