දසුන් පතිරණ (උපත 1985 ජූලි 26), යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙක් හා නිරූපණ ශිල්පියෙකි. ඔහු ප්‍රධාන චරිතයක හොඳම නළුවා ලෙස Indie Fest 2014 හි සම්මානයක් දිනා ගත්තේය. ඔහු 2018 වසරේ ප්‍රථම සරසවිය සම්මානය ලබා ගත්තේය.
දසුන් පතිරණ Dasun Pathirana | |
|---|---|
| උපත | 26 ජූලි 1985 |
| අධ්‍යාපනය | කොලඹ කේරි විද්‍යාලය |
| වෘත්තියs | නළුවා, නිරූපණ ශිල්පියෙක් |
| සක්‍රීය වසර | 2002–වර්තමාන |
| Spouse | නදීෂා හංසි දිසානායක |
| දරුවන් | ශයියා ලිලී ශායා ලිලී |
| Awards | හොඳම නළුවා |
පෞද්ගලික ජීවිතය
1985 ජූලි 26 උපන් පතිරණ කොලඹ කේරි විද්‍යාලයෙන් අධ්‍යාපනය සම්පූර්ණ කලේය. ඔහුට එක් බාල සොහොයුරියක් සිටින අතර ඇය 1996 දී උපත ලැබුවාය.
දසුන්ගේ සහකරු නදීෂා හංසි දිසානායක වන අතර ඔවුන්ගේ ආදර කතාව වසර හතරක් තිස්සේ මාධ්‍යයට රහසක්ව තිබුණා. ඔවුන් දෙදෙනාට 2018 වසරේ උපන් ශයියා ලිලී පතිරණ සහ 2019 වසරේ උපන් ෂයා ලිලී පතිරණ ලෙස දියණියන් දෙදෙනෙක් සිටිති.
වෘත්තීය ජීවිතය
පතිරණ සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ 2002 දී වයස අවුරුදු 17 දී ය. 2004 දී පතිරණ මහේන්ද්‍ර පෙරේරාගේ රංගන සහ නාට්‍ය ඇකඩමියට ඇතුළත් විය. 2013 දී "අහසින් වැටුනා" ටෙලි නාට්‍යයේ රංගනය වෙනුවෙන් ඔහුට හොඳම නැගීඑන නළුවාට හිමි සම්මානය හිමි විය.
2014 දී, ඔහු නවවන වාර්ෂික සියැටල් දකුණු ආසියානු චිත්‍රපට උළෙල සහ BFI Flare LGBT චිත්‍රපට උළෙලේ තිරගත වූ සයපෙති කුසුම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කලේය. ඔහුගේ රංගනයට විචාරකයින්ගෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබුණි. එම චරිතය වෙනුවෙන් 2017 දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය පතිරණ ලබා ගත්තේය. 2015 දී ඔහු SAARC චිත්‍රපට උළෙලේ හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂණය සම්මාන දිනාගත් මෝටර් බයිසිකල් හි ප්‍රධාන චරිතය රඟපෑවේය. මෙම චිත්‍රපටය 2015 වසරේ දෙරණ චිත්‍රපට සම්මාන උළෙලේදී "හෙට දවසේ සිනමාව" සම්මානය ද දිනා ගත්තේය. ඔහු බොහෝ සංගීත වීඩියෝ වල රඟ පෑ අතර 2016 දෙරණ සංගීත සම්මාන උළෙලේ වීඩියෝ සම්මානයකදී හොඳම නළුවා ලෙස සම්මාන දිනා ගත්තේය.
රූපවාහිනී කතා මාලා
- අඩෝ
- A/L ඉවරයි
- ගිරිදේවි
- මෙගා
- සත් පියවරු
- පැරිසියට පාර කියන්න
- පිනි බිංදු
- මායා පටල
- ස්ටාර් හිස්තැනක්
- මගේ ආදර අවනඩුව
- සඳ විනිවිද
- තාත්තා
- ත්‍රිලෝකා
- තණමල්විල කොල්ලෙක්
චිත්‍රපටකරණය
| වසර | චිත්‍රපටය | භූමිකාව | Ref. |
|---|---|---|---|
| 2008 | හාර්ට් එෆ්.එම්. | කුඩා චරිතයක් | |
| 2010 | හව් අයි වොන්ඩර් වට් යූ ආර් | ||
| 2015 | මාතා | ලකී | |
| 2016 | මෝටර් බයිසිකල් | රංගන | |
| 2016 | සයපෙති කුසුම | සරත් | |
| 2017 | [[නිනෝ ලයිව් | නිශාන්ත | |
| 2018 | දැවෙන විහඟුන් | බස් රියදුරා | |
| 2019 | හුස්ම | කුමාර | |
| TBD | ගජමෑන් | ||
| TBD | කන්දක් සේමා | ||
| TBD | ත්‍රී ඩයරීස් | ||
| TBD | චාඔ (කෙටි චිත්‍රපටය) | ||
| TBD | ඇඩ්වෙන්චර්ස් ඔෆ් රිකී ඩීන් | කෝපාවිෂ්ට නළුවා | |
| TBD | ඉක්කා | සිනමා තරුව | |
| TBD | ට්‍රේන් ටු කැන්ඩි | ||
| TBD | හවුස් ඔෆ් මයි ෆාදර්ස් | ||
| TBD | සහෝ | ||
| TBD | මන්කි මෑන් | ||
| TBD | ආයු | ||
| TBD | මරියා |
සම්මාන
ඔහු දේශීය වේදිකා නාට්‍ය, සිනමා සහ රූපවාහිනී උත්සවවලදී සම්මාන කිහිපයක් දිනා ඇත.
ඉන්ඩි ෆෙස්ට්
| වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
|---|---|---|---|
| 2014 | නාට්‍යයේ රංගනය | හොඳම නළුවා | දිනාගති |
දෙරණ සිනමා සම්මාන උළෙල
| වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
|---|---|---|---|
| 2017 | සයපෙති කුසුම | හොඳම නළුවා | දිනාගති |
සිග්නිස් සිනමා සම්මාන
| වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
|---|---|---|---|
| 2017 | මෝටර් බයිසිකල් | හොඳම නළුවා | දිනාගති |
සාර්ක් සිනමා උළෙල
| වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
|---|---|---|---|
| 2017 | මෝටර් බයිසිකල් | හොඳම නළුවා | දිනාගති |
සරසවිය සම්මාන උළෙල
| වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
|---|---|---|---|
| 2016 | මෝටර් බයිසිකල් | හොඳම නළුවා | දිනාගති |
හිරු ගෝල්ඩන් ෆිල්ම් සම්මාන
| වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
|---|---|---|---|
| 2018 | මෝටර් බයිසිකල් | හොඳම නළුවා | දිනාගති |
රයිගම් ටෙලීස්
| වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
|---|---|---|---|
| 2013 | අහසින් වැටුනා | හොඳම නළුවා | දිනාගති |
සුමති සම්මාන
| වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
|---|---|---|---|
| 2019 | තාත්තා | හොඳම සහය නළුවා | දිනාගති |