සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ආචාර්ය ගුණදාස සූරියආරච්චි අමරසේකර (ඉංග්‍රීසි: Gunadasa Amarasekara) ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට සිංහල නවකතාකරුවෙකි; කෙටිකතාකරුවෙකි; කවියෙකි; විචාරකයෙකි; චින්ත

ගුණදාස අමරසේකර

  • මුල් පිටුව
  • ගුණදාස අමරසේකර

ආචාර්ය ගුණදාස සූරියආරච්චි අමරසේකර (ඉංග්‍රීසි: Gunadasa Amarasekara) ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට සිංහල නවකතාකරුවෙකි; කෙටිකතාකරුවෙකි; කවියෙකි; විචාරකයෙකි; චින්තකයෙකි.

ගුණදාස අමරසේකර
උපත1929 නොවැම්බර් 12 (age 95)
යටලමත්ත, ගාල්ල, ශ්‍රී ලංකාව
අධ්‍යාපනයයටලමත්ත ක.වි
නාලන්දා විද්‍යාලය, කොළඹ
වෘත්තියදන්ත වෛද්‍ය
සංගණ්‍ය වන්නේසාහිත්‍ය නිර්මාණය, විචරය සහ දේශපාලන මතවාද

පටුන

ජීවන සටහන්

ඔහු ගාල්ල දිස්ත්‍රික්කයේ යටලමත්ත ප‍්‍රදේශයේ ගුරු නිවසේ 1929 නොවැම්බර් 12 වැනි දා උපත ලැබී ය. අමරසේකරගේ මව පාසැල් ගුරුවරියකි. පියා සිංහල වෙද මහතෙකි. ගාල්ල මහින්ද සහ colombo නාලන්දා විද්‍යාලය යන විද්‍යාල වලින් මූලික සහ ද්විතීයික අධ්‍යාපනය ලැබීය. ආරම්භක සභාපති ලෝක අක්ෂි දාන සංගමය දේශබන්දු වෛද්‍ය හඩ්සන් සිල්වා, කරුණාරත්න අබේසේකර, හිටපු දේශිය වෛද්‍ය ඇමති ගෞරවණීය (වෛද්‍ය) ධර්මසේන ආටිගල, හිටපු වැවිලි ඇමති ගෞරවණීය රුපා කරුනාතිලක, සිංහලයේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂයේ නායක ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග, ප්‍රවීන චිත්‍රපට නළු සහ වේදිකා නළු, නාටක කර්තෘ ආචාර්ය හෙන්රි ජයසේන, හිටපු සිලෝන් ක්‍රිකට් ක්‍රීඩක හා එන්ගලන්ත ලැන්කශයර් ක්‍රීඩක ස්ටැන්ලි ජයසිංහ, චිත්‍රපට නළු රවීන්ද්‍ර රූපසේන, චිත්‍රපට නළු ආනන්ද වීරකෝන්, කීර්තිමත් සිවිල් නිලධාරි රිජ්වේ තිලකරත්න ගුණදාස අමරසේකරසේකරයන්ගේ නොළඹ නාලන්දා විද්‍යාලයයේ සමකාලීනයෝය.

ලංකා විශ්ව විද්‍යාලයේ උපාධිධාරියකු වන අමරසේකර වෘත්තියෙන් දන්ත වෛද්‍යවරයෙකි. සිය සාහිත්‍ය සේවාව උදෙසා ආචාර්යඋපාධියෙන් පුද ලැබුවෙකි.

අමරසේකර නූතන ලාංකීය සාහිත්‍යයේ බොහෝ අවදානයට ලක් වූ පේරාදෙණි ගුරුකුලයේ සමාරම්භකයෙකි. සිය නිර්මාණවල වස්තු විෂය සහ ලේඛන ශෛලිය නිසා හෙතෙම සාහිත්‍ය ලෝකයේ මහත් ආන්දෝලනාත්මක චරිතයක් විය. පසුකාලීනව ගන්ධබ්බ ආපදානය වැනි කෘති මඟින් සිය මුල් නිර්මාණ සහ සාහිත්‍ය දර්ශනය පිළිබඳ ස්වයං විවේචනයක නිරත වූ අමරසේකර නව දැක්මකින් නිර්මාණකරණයට පිවිසිණි.

1970 න් පසු ඔහු සමාජ සංස්කෘතික සහ දේශපාලනික විවේචනයන්ට යොමු විය. 1980 සිට වර්තමානය දක්වා සිංහල විද්වත් සංවාදය තුළ ආධිපත්‍යය දරන ජාතික චින්ත සතවාදය නිර්මාණය කිරීමට නලින්ද සිල්වා සමග ගුණදාස අමරසේකරද පුරෝගාමී විය.

කෝට්ටේ යුගයෙන් පසු ක්‍රමයෙන් පරිහානියට පත් සිංහල කවිය නැවත සම්ප්‍රදාය සිය සම්ප්‍රදාය මත පිහිටුවීමෙහිලා අමරසේකර මූලික විය. 18 මත් සිව්පදයට සිර වූ ජනප්‍රිය කොළඹ කවිය මෙන් ම ඊට විකල්පයක් ලෙස ගෙන ආ නිසඳැස් කවිය ද ප්‍රතික්ෂේප කළ ඔහු සිංහල කවියේ අගමුල සොයා ගියේ ය. ඡන්දසින් විනිර්මුක්තව සිංහලෙන් කවි ලිවිය නොහැකි බව අවධාරණය කළ අමරසේකර වස්තු විෂයට අනුකූල විවිධ විරිත් ඔස්සේ සදාතනික පද්‍ය නිර්මාණ ගොන්නක් නිර්මාණය කළේ ය.

සිංහල සාහිත්‍යය විෂයයෙහි අමරසේකරගේ සම්ප්‍රදානයට බුහුමන් ලෙස 2008 නොවැම්බර් මස සිට 2009 නොවැම්බර් දක්වා අමරසේකර ප්‍රත්‍යාවලෝකණ වසර ලෙස නම් කර තිබේ.

වසර 2009 දී ඔහු ඉගෙන ගත් නාලන්දා විද්‍යාලය ඔහුට නාලන්දාවේ වැදගත්ම ආදි සිසුවාට පිරිනමන නාලන්දා කීර්ති ශ්‍රී සම්මානය පිරිනැමුවේය.

කෘතීන්

නවකතා

  • ධාතුසේන
  • කරුමක්කාරයෝ
  • යළි උපන්නෙමි
  • දෙපා නොලද්දෝ
  • ගන්ධබ්බ ආපදානය
  • අසත්‍ය කථාවක්
  • පේ‍්‍රමයේ සත්‍ය කථාව
  • ගමනක මුල
  • ගම්දොරින් එළියට
  • ඉණි ම‍ඟේ ඉහළට
  • වංකගිරියක
  • යළි මඟ වෙත
  • දුරු රටක දුකට කිරියක
  • ගමනක මැද
  • අතරමඟ
  • ගමනක අග


කෙටිකතා

  • රතු රෝස මල(1953)
  • ජීවන සුවඳ(1960)
  • එක ම කථාව(1969)
  • එක්ටැමෙන් පොළවට
  • කථා පහක්
  • ගල් පිළිමය සහ බොල් පිළිමය
  • මරණ මංචකයේ දුටු සිහිනය
  • පිළිම ලොවයි පියවි ලොවයි
  • විල් තෙර මරණය
  • කවන්ධයක කතන්දරය?
  • කියනු මැන දිවි අරුත


පද්‍ය

  • භාව ගීත (1955)
  • උයනක හිඳ ලියූ කවි (1957)
  • අමල්බිසෝ
  • ගුරුළු වත
  • ආවර්ජනා
  • අසක් දා කව

විචාර

  • අලියා සහ අන්ධයෝ (1966)
  • අබුද්දස්ස යුගයක්
  • අනගාරික ධර්මපාල මාක්ස්වාදීද ?
  • ගණඳුරු මැදියම දකිනෙමි අරුණලූ
  • අරුණලුසෙරෙන් අරුණෝදයට
  • ජාතික චින්තනයයි සහ ජාතික ආර්ථිකයයි
  • සිංහල කාව්‍ය සම්ප්‍රදාය
  • සමාජ-දේශපාලන විචාර I
  • සමාජ-දේශපාලන විචාර II
  • නොසෙවුනා කැඩපත - නවකතාවේ පරිහානිය

ආශ්‍රිත ලිපි

  • නාලන්දා කීර්තී ශී‍්‍ර ගෞරව සම්මානය
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ව්‍යෛද්‍යවරු

බාහිර බැඳි සහ ආශ්‍රිතයන්

  • ගුණදාස අමරසේකර, ලයිබ්රරි ඔෆ් කොන්ග්‍රස්, නව දිල්ලි කාර්යාලයය.
  • "ගුණදාස අමරසේකර: ද ඩෙන්ටිස්ට් — ෆිලෝසෆර් රූටඩ් ඉන් සින්හල සො‍යිල්" මලින්ද සෙනෙවිරත්නගේ ලිපියක්
  • අමරසේකර විවරණය සංරක්ෂණය කළ පිටපත 2018-04-28 at the Wayback Machine
  • ආදි නාලන්දයීය ව්‍යෛද්‍යවරුන්ගේ සංගමය සංරක්ෂණය කළ පිටපත 2020-07-23 at the Wayback Machine
  • "සිංහල සිනමාවේ පැරණි පෙම්වතුන්ගේ වර්තමාන කතාව". lakbima.lk. 2015/03/15. {{cite web}}: Check date values in: |date= (help)
  • Pinbara Udesana (පින්බර උදෑසන) | 2017-02-12 | 8.30 AM (නාලන්දා විද්‍යාලය (කොළඹ 10))
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 17, 2026

    රුවන්වැලි මහා සෑය

  • අප්‍රේල් 01, 2026

    ඩොනමෝර් ආණ්ඩුක්‍රමය

  • අප්‍රේල් 03, 2026

    භාෂා පවුල

  • මාර්තු 13, 2026

    ගුණදාස අමරසේකර

  • මාර්තු 25, 2026

    ප්ලේටෝ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට