සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ශ්‍රීමත් අයිසැක් නිව්ටන් රා.ස.ස. පා.ම. (අමිශ්‍ර සිංහල:  අයිසාක් නිව්ටන; ඉංග්‍රීසි:  Isaac Newton; 1642 දෙසැම්බර් 25 – 1726 මාර්තු 20)ඉංග්‍රීසි ජාතික භෞතික විද්‍

අයිසැක් නිව්ටන්

  • මුල් පිටුව
  • අයිසැක් නිව්ටන්

ශ්‍රීමත් අයිසැක් නිව්ටන් රා.ස.ස. පා.ම. (අමිශ්‍ර සිංහල:  අයිසාක් නිව්ටන; ඉංග්‍රීසි:  Isaac Newton; 1642 දෙසැම්බර් 25 – 1726 මාර්තු 20)ඉංග්‍රීසි ජාතික භෞතික විද්‍යාඥයෙකු, ගණිතඥයකු, තාරකා විද්‍යාඥයෙකු, ස්වභාවික දර්ශනවාදියෙකු, (alchemist) හා ආගමික මතවාදියෙකු විය. එසේම එදා මෙදා තුර බිහිවූ විශිෂ්ටතම සහ ඉතා වැදගත් විද්‍යාඥයකු ලෙසින් මොහුව සලකයි. ඔහු විසින් 1687 පළ කළ [Philosophiae Naturalis Principia Mathematica] ග්‍රන්ථය විද්‍යාත්මක චින්තනයට අද දක්වාම වැදගත්ම දායකත්වය දැක්වූ තනි ග්‍රන්ථය ලෙස සැලකේ. මෙම ග්‍රන්ථය ඔස්සේ නිව්ටන් ප්‍රතිෂ්ටික යාන්ත්‍ර විද්‍යාවට පදනම වූ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය හා චලිතය පිළිබද නියම තුන ඉදිරිපත් කළ අතර ඔහුගේ එම අදහස් එ‍තැන මෙන් සියවස් තුනක් යනතුරු භෞතික විශ්වය පිළිබද අධ්‍යයනයේ පදනම විය. අදටද ඉංජිනේරු විද්‍යාවේ පදනම නිව්ටන්ගේ නියම වේ. කෙප්ලර්ගේ ග්‍රහලෝකවල චලිතය පිළිබද නියම සමග සිය සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමයේ ගැළපීම පෙන්වාදීම ඔසසේ පෘථිවිය මත හෝ ඉන් බැහැර වස්තූන්ගේ චලිතය එකම ස්වභාවික නියමයන් කීපයක් මත පදනම් වන බව නිව්ටන් විසින් පෙන්වා දෙන ලද අතර ඒ ඔස්සේ සූර්ය කේන්ද්‍රවාදය පිළිබද තිබූ සියලු සැකයන් ඉවත්කර විද්‍යාත්මක පුනරුදයේ ප්‍රගමනයට ඉඩ සැලසීය.

අයිසැක් නිව්ටන්
ශ්‍රීමත් අයිසැක් නිව්ටන් (නිවුටන්ට වයස අවුරුදු 46 දී ගොඩ්ෆ්‍රේ තෙලර් විසින් ඇදි ඔහුගේ ආලේඛ්‍ය චිත්‍රය)
උපත1643 ජනවාරි 4 (OS : 1642 දෙසැම්බර් 25)
කෝල්ස්ටර්වර්ත්හි වූල්ස්තෝර් , ලින්කන්ෂයර්, එංගලන්තය
මරණය1727 මාර්තු 31 (වයස අවුරුදු 84) (OS : 1726 මාර්තු 20)
කෙන්සින්ග්ටන් , ලන්ඩනය , එංගලන්තය
මරණයට හේතුවවෘද්ධභාවය හේතු කොට
අධ්‍යාපනයකේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය රාජකීය සංගමය,ත්‍රිත්ව විද්‍යාලය , කේම්බ්‍රිජ්
වෘත්තියsභෞතික විද්‍යාව , ගණිතය , තාරකා විද්‍යාව ,
සංගණ්‍ය වන්නේස්වභාවික දර්ශකය , ආදී රසායනය ,ආගමික චින්තනය
Titleමානව හිතවාදී හා නීතිගරුක බව
ඥාතීන්අයිසැක් බැරෝ,බෙන්ජමින් පූලින්
අත්සන

ඔහු විසින් රචිත Principia ග්‍රන්ථය තුල ඊට අදාල භෞතික නියමයන් සම්පූර්ණ වශයෙන් විස්තර කර ඇති නිසාත් වර්තමානයේ විද්‍යාත්මක ලිපි ලිවීමේදී භාවිතා කරන සම්මතයන් ඇති කරලීමට එම ග්‍රන්ථයේ ලිවීම් ශෛලිය මූලික වූ නිසාත් එම ග්‍රන්ථය එදා මෙදා තුල බිහිවූ ඉතාම වැදගත් විද්‍යාත්මක ප්‍රකාශනයක් ලෙස සැලකේ.

යාන්ත්‍ර විද්‍යාවේ දී කෝණික ගම්‍යතාවය හා ගම්‍යතා සංස්ථිතිය පිළිබද නියමයන් නිව්ටන් විසින් පැහැදිලිව ප්‍රකාශයට පත් කරන ලදී. පරාවර්තක දුරේක්ෂය නිර්මාණය කිරීමත් ප්‍රිස්මයක් මගින් සුදු ආලෝකය එහි සංඝටක වර්ණවලින් යුත් වර්ණාවලියක් බවට වෙන් කිරීම නිරීක්ෂණය කර ඒ මත පදනම්ව වර්ණවාදය නිර්මාණය කිරීමක් ප්‍රකාශ විද්‍යාවට නිව්ටන් දැක්වූ දායකත්වයට අයත් වේ. තවද ඔහු ප්‍රත්‍යක්ෂ මූල සිසිලන නියමය ගොඩනැගූ අතර ශබ්දයේ වේග‍ය පිළිබදව ද අධ්‍යයනය කළේය.

ගණිතයේ දී කලනය සංකල්ප ගොඩනැගීමේ ගෞරවය නිව්ටන් හා ගොට්ෆ්‍රිඩ් ලිබ්නිට්ස් (Gottfried Leibniz) අතර බෙදී යයි. නිඛිල නොවන දර්ශක සඳහා ද යොදා ගත හැකි සාධාරණීකෘත ද්විපද ප්‍රමේයය ආදර්ශනය කිරීමත් ශ්‍රිතයක ශූන්‍යයක් සන්නිකර්ෂණය සඳහා “නිව්ටන් ක්‍රමය” ගොඩනැගීමත් , බල ශ්‍රේණිය පිළිබඳ අධ්‍යයනයන්ට දායකත්වය දැක්වීමත් නිව්ටන් විසින් ගණිතයට දක්වන ලද දායකත්වයට අයත්ය. 2005 වසරේ රාජකීය සංගමය විසින් පැවැත්වූ සමීක්ෂණයකට අනුව විද්‍යාවේ ඉතිහාසය කෙරෙහි නිව්ටන්ගේ බලපෑම ඇල්බට් අයින්ස්ටයින්ගේ බලපෑමට බොහෝ සෙයින් වැඩි බව ජනතාව අදහස් කරන බව හෙළි විය.

නිව්ටන් සාම්ප්‍රධායික ක්‍රිස්තියානුවෙක් නොවුනත් දැඩි සේ ආගමික ජීවිතයක් ගතකලේය. එහෙයින්ම ඔහු ගුප්ත දේ සම්බන්ධයෙන් කල හැදෑරීම් සුඵ පටු නොවේ. ඔහු අප්‍රසිද්ධවම ත්‍රිත්වවාදය සහ දේවගැතිධූරයේ පැවැත්ම ප්‍රතික්ෂේප කලේය. රාජකීය මුදල් නිර්මාණය කිරීමේ සංගමයේ බලවත්ම ධූරය හෙබවූ නිව්ටන් මුදල් වශයෙන් රන්කාසි භාවිත කිරීමේ ක්‍රමය බ්‍රිතාන්‍යයට හඳුන්වාදීය.

ජීවිතය

මුල් සමය

ශ්‍රීමත් අයිසැක් නිව්ටන් ඉපදී ඇත්තේ (ඒ සමයේ එංගලන්තයේ භාවිත වුණු ජුලියානු දින දර්ශනයට අනුව.) 1642 දෙසැම්බර් මස 25, එ නම් නත්තල් දිනක දී ය. ඔහු ඉපදෙන්නට මාස තුනකට පෙර ඔහු ගේ පියා මිය ගොස් තිබිණි. පියා ගේ නම ද අයිසැක් නිව්ටන් වූ අතර හේ වෘත්තියෙන් හොඳ ගොවියෙක් විය. නිව්ටන් අඩු වයසින් ඉපදුණු දරුවකු වූ නිසා සිරුරින් කුඩා විය. ඒ ගැන ඔහු ගේ මව, හැනා ඇස්කෆ්, පවසා ඇත්තේ නිව්ටන්ව පුංචි ජෝගුවක වුව පහසුවෙන් දැමිය හැකි වූ බව යි. නිව්ටන්ට වයස අවුරුදු තුනක් වන විට ඔහු ගේ මව නැවත විවාහ වී නිව්ටන්ව ඔහු ගේ මිත්තනියට භාර කර නව සැමියා සමඟ වාසය කරන්නට ගියාය. නිව්ටන් තම සුළු පියාට අකමැති වූ අතර එම විවාහය කර ගැනීම ගැන මව කෙරෙහි ද අමනාපයෙන් පසුවිය. නිව්ටන් පසුකලෙක දී තමන් වයස 19ට පෙර කළ වැරදි මතකයට නඟද්දී ඒ බව සඳහන් කරයි. නිව්ටන් විවාහ ගිවිසගැනීමක් සිදුකළ බව ඇතැමුන් පැවසුවත් නිවිටන් මුළු දිවිය ම තනිකඩ ව ගත කළේ ය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 31, 2026

    පරිණාමය

  • අප්‍රේල් 04, 2026

    ලා නිනා

  • මාර්තු 31, 2026

    එස්. පණීභාරත

  • මාර්තු 10, 2026

    විහාරමහා දේවිය

  • මාර්තු 26, 2026

    ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට