සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

බෝධිය (බුද්ධත්වයේ ගස), මහාබෝධි වෘක්ෂය හෝ බෝ ගස ලෙසද හඳුන්වනු ලබන්නේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බුද්ධගයාවේ පිහිටි විශාල පූජනීය අත්තික්කා ගණයේ ගසකි (Ficus religi

බෝධීන් වහන්සේලා

  • මුල් පිටුව
  • බෝධීන් වහන්සේලා

බෝධිය (බුද්ධත්වයේ ගස), මහාබෝධි වෘක්ෂය හෝ බෝ ගස ලෙසද හඳුන්වනු ලබන්නේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බුද්ධගයාවේ පිහිටි විශාල පූජනීය අත්තික්කා ගණයේ ගසකි (Ficus religiosa). බුදුන් නමින් ප්‍රකට අධ්‍යාත්මික ගුරුවර‍යෙක් වූ සිද්ධාර්ථ ගෞතම බෝදිසථ්වයන් බුද්ධත්වයට පත් වූයේ ක්‍රිස්තු පූර්ව 500 දී පමණ මෙම ගස යට බව පැවසේ. ආගමික ප්‍රතිමූර්තියේ දී, බෝධි වෘක්ෂය එහි හෘද හැඩැති පත්‍ර මගින් හඳුනාගත හැකි අතර, ඒවා සාමාන්‍යයෙන් කැපී පෙනෙන ලෙස ප්‍රදර්ශනය කෙරේ.

බුද්ධගයාවේ ශ්‍රී මහාබෝධි විහාරස්ථානයේ පිහිටි මහාබෝධි වෘක්ෂය
බුදුන් වහන්සේ බුද්ධගයාවේ බෝධීන් වහන්සේ යට වැඩ සිටි තැන තැනූ දියමන්ති සිංහාසනය නොහොත් වජ්‍රශිලාව
බෝධීන් වහන්සේ ඉදිරිපිට බෞද්ධ භික්ෂුවක්

සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ වැඩ සිටි මුල් වෘක්ෂය දැන් ජීවමාන නැත, නමුත් "බෝ ගස්" යන යෙදුම පවතින ඇසතු ගස් සඳහා ද යෙදේ. පවතින ගසක් සඳහා ප්‍රමුඛතම උදාහරණය වන්නේ බුද්ධගයාවේ මහාබෝධි විහාරයේ වැඩෙන මහාබෝධි වෘක්ෂය වන අතර එය බොහෝ විට මුල් ගසෙන් සෘජුව පැවත එන්නක් ලෙස සඳහන් වේ. ක්‍රිස්තු පූර්ව 250 දී පමණ රෝපණය කරන ලද මෙම ගස වන්දනාකරුවන් සඳහා නිතර පැමිණෙන ගමනාන්තයක් වන අතර එය ප්‍රධාන බෞද්ධ වන්දනා ස්ථාන හතරෙන් වඩාත් වැදගත් වේ.

බුද්ධාගමේ ඉතිහාසයේ විශාල වැදගත්කමක් ඇති අනෙකුත් ශුද්ධ වූ බෝධි වෘක්ෂයන් වන්නේ උතුරු ඉන්දියාවේ ශ්‍රාවස්ති හි ජේතවනයේ ආනන්දබෝධිය සහ ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධියයි. මේ දෙකම මුල් බෝධීන් වහන්සේගෙන් ප්‍රචාරණය වූ බව ද විශ්වාස කෙරේ.

ඉන්දියාවේ වන පර්යේෂණ ආයතනය 2007 සිට ගස නඩත්තු කිරීමට සහාය වේ. ක්ලෝනකරණය 2008 දී සලකා බලන ලදී. එහි පත්‍ර වන්දනාකරුවන්ට සිහිවටන ලෙසද මිලදී ගත හැකිය. කෘමීන් ඇද ගන්නා ආගමික පූජා, ගසෙන් යම් දුරකට මාරු කරන ලදී.

පටුන

සම්භවය සහ පැවත එන්නන්

බුද්ධගයාව

 
1810 බෝධි වෘක්ෂයට යටින් ඇති කුඩා විහාරස්ථානයක පින්තූරය, බුද්ධගයාව
 
2015 දී බුද්ධගයාවේ මහාබෝධි වෘක්ෂය
 
අශෝක විසින් බෝධීන් වහන්සේ වටා බෝධිගයාවේ ඉදිකරන ලද විහාරයේ නිදර්ශනය. ක්‍රිස්තු වර්ෂ පළමු සියවසේ සාතවාහන යුගයේ සාංචියේ මූර්ති නිර්මාණයකි.
ප්‍රධාන ලිපිය: සිරි මහ බෝධිය, බුද්ධගයාව

මහාබෝධි විහාරයේ ඇති බෝධීන් වහන්සේ ශ්‍රී මහා බෝධිය ලෙස හැඳින්වේ. ගෞතම බුදුන් වහන්සේ බුද්ධත්වයට("බෝධි") පත් වූයේ "Ficus religiosa" ගසක් යට භාවනා කරමින් සිටියදීය. බෞද්ධ ග්‍රන්ථවලට අනුව බුදුන් වහන්සේ සති හතක් (දින 49ක්) මෙම ගස යට ආසනයෙන් නොසෙල්වී භාවනා කළ බව සඳහන් වේ. පසුව උන්වහන්සේ වැඩ සිටි ස්ථානයේ අනිමිසලෝකන චේතිය නමින් සිද්ධස්ථානයක් ඉදිකරන ලදී.

The spot was used as a shrine even in the lifetime of the Buddha. Emperor Ashoka the Great was most diligent in paying homage to the Bodhi tree, and held a festival every year in its honour in the month of Kattika. His queen, Tissarakkhā, was jealous of the Tree, and three years after she became queen (i.e., in the nineteenth year of Asoka's reign), she cursed the tree to be killed by means of mandu thorns. The tree, however, grew again, and a great monastery was attached to the Bodhimanda called the Bodhimanda Vihara. Among those present at the foundation Kattika the Mahā Thūpa are mentioned thirty thousand monks from the Bodhimanda Vihara, led by Cittagutta.

In the 7th century CE, Chinese traveler Xuanzang wrote of the tree in detail.

 
බෝධි වෘක්ෂ ලකුණ, 2013

Every time the tree was destroyed, a new tree was planted in the same place.

ජේතවනය, ශ්‍රාවස්ති

 
බුද්ධගයාවේ අශෝකගේ මහාබෝධි විහාරය සහ දියමන්ති සිංහාසනය, ක්‍රිස්තු පූර්ව 250 දී පමණ ඉදිකරන ලදී. චෛත්‍ය ආරුක්කු අතර ඇති ශිලා ලේඛනයේ මෙසේ සඳහන් වේ: "භගවතෝ සකමුනිනෝ/ බෝධෝ", එනම් "ශුද්ධ වූ සකමුනි බෝධිය වටා ඇති ගොඩනැගිල්ල". භාරුත් ෆ්‍රයිස් (ක්‍රි.පූ. 100 පමණ).

It is said that in the ancient Buddhist texts in order that people might make their offerings in the name of the Buddha when he was away on pilgrimage, the Buddha sanctioned the planting of a seed from the Bodhi tree in Bodhgaya in front of the gateway of Jetavana Monastery near Sravasti. For this purpose Moggallana took a fruit from the tree as it dropped from its stalk before it reached the ground. It was planted in a golden jar by Anathapindika with great pomp and ceremony. A sapling immediately sprouted forth, fifty cubits high, and in order to consecrate it, the Buddha spent one night under it, rapt in meditation. This tree, because it was planted under the direction of Ananda, came to be known as the Ananda Bodhi.

ජය ශ්‍රී මහා බෝධිය

ප්‍රධාන ලිපිය: ශ්‍රී මහා බෝධිය, අනුරාධපුර
 
අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ රන් වැටවල් අතරින් දිස්වන අයුරු

මහාවංශය,දීපවංශය,බෝධිවංශය ආදී වංශ කතාවලට අනුව ශ්‍රී මහා බෝධිය ශ්‍රී ලංකාවේ රෝපණය කර ඇත්තේ ක්‍රි.පූ.288 වැනි වර්ෂයේ දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ දී ය.මෙම බෝධීන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබන මොහොතේ සෙවන සලසාලූ මහා බෝධීන් වහන්සේගේම දක්ෂිණ ශාඛාව වීම විශේෂත්වයකි.එබැවින් මෙම බෝධීන් වහන්සේ බෞද්ධයන්ගේ අතිපූජනීයම බෝධීන් වහන්සේ ලෙස සලකනු ලබයි.ධර්මාශෝක රජුගේ 12 වන රාජ්‍ය වර්ෂයේ දී මිහිඳු මහ රහතන් වහන්සේගේ ඉල්ලීමකට අනුව සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ විසින් දඹදිව සිට වැඩමවනු ලැබූ මහ බෝ ශාඛාව දේවානම්පියතිස්ස රජු විසින් උත්සවාකාරයෙන් මහාමේඝ රාජකීය වනෝද්‍යානයේ දී රෝපණය කළ බව සදහන් වේ.එසේම ඒ බෝධීන් වහන්සේ වැඩම වීම බුදුරජුන් පිරිනිවන් මංචකයේ වැඩසිටින විට සිදුකළ අධිෂ්ඨාන අනුව සිදු වූ බව ශාසන ඉතිහාසයේ දැක්වේ.ඒ බෝධීන් වහන්සේ තවමත් අනුරාධපුර මහමෙව්නා උයනේ උඩමලුවේ විරාජමානව වැඩ සිටී.

ආනන්ද බෝධිය

බුදුරදුන්ගේ ජීවමාන සමයේම බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ ගෙන් ලබාගත් බීජයක් සැවැත් නුවර ජේතවනාරාම මහා විහාරයේ රෝපණය කර ඇත.මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ විසින් ජය ශ්‍රී මහා බෝධියෙන් ගිලිහෙන බෝ බීජයක් බිමට පතිත වීමට නොදී තම සිවුරට අල්ලාගෙන විත්,අනාථපිණ්ඩික සිටුතුමා විසින් උත්සවාකාරයෙන් රන් භාජනයක රෝපණය කර ඇත.එයින් මතු වූ අංකුර දළු ලා වැඩී රියන් පනහක් පමණ උස්ව වැඩී ගොස් ඇත.ජේතවනාරාමයට බුදුරජුන් බැහැදැක වන්දනා කිරීමට පැමිණෙන සැදැහැවතුන්ට බුදුරජාණන් වහන්සේ නොමැති අවස්ථාවල වන්දනා කිරීම පිණිස ආනන්ද මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් රෝපණය වූ නිසා"ආනන්ද බෝධිය"ලෙස ව්‍යාවහාර වේ.එහි පූජනීයත්වය වැඩිවීම පිණිස බුදුරජාණන් වහන්සේ එහි සෙවනෙහි එදිනම සවස සිට පසුදා පහන්වනතුරු සමවත් සුවයෙන් වැඩසිටි බවද සදහන් වේ.ආනන්ද බෝධීන් වහන්සේ ශ්‍රාවස්තියේ, ජේතවනාරාම මහා විහාරයේ දොරටුව අසල තවමත් විරාජමානව වැඩසිටිනු දක්නට ලැබේ.

අෂ්ඨඵලරුහ බෝධීන් වහන්සේලා

ධර්මාශෝක රජු විසින් ලංකාවට එවන ලද බුද්ධගයාවේ මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රන්කටාරම තුල ශාඛා පහක් වන ලෙස මූල රෝපණය වී ගියේ ය.ඒ බෝධීන් වහන්සේ අනුරාධපුර මහමෙව්නා උයනේ රෝපණය කළ පසු එම ශාඛා පහෙන් බීජ පහක් හටගත් බව සදහන් වේ.

එම බීජ පහෙන් නැගෙනහිර ශාඛාවේ වූ පැසුණු බීජය මිහිඳු මහ රහතන් වහන්සේ විසින් ලබා ගෙන දේවානම්පියතිස්ස රජු මගින් රන් බඳුනක රෝපණය කළේය.ඒ බීජයෙන් බෝ පැල අටක් පැන නැගුණු අතර ඒවා"අෂ්ඨඵලරුහ බෝධීන් වහන්සේලා"ලෙස හදුන්වනු ලබයි.එම බෝධීන් වහන්සේලාගෙන් වර්තමානයේ ජීවමානව වැඩසිටිනු ලබන්නේ මිහින්තලය අෂ්ඨඵලරුහ බෝධින්ධී වහන්සේ සහ කතරගම අෂ්ඨඵලරුහ බෝධීන්හ වහන්සේ පමණකි.ඒ බෝධීන් වහන්සේලා වැඩසිටි හා වැඩසිටින ස්ථාන පහත පරිදි වේ.

අෂ්ඨඵලරුහ බෝධීන් වහන්සේ

වර්තමානයේ හදුන්වන නාමය

විශේෂ කරුණු

දඹුලුතොට අෂ්ඨඵලරුහ බෝධීන් වහන්සේ දඹකොළපටුන රජමහා විහාරය හෝ පරලෙයි චුල්ලිපුරම් සංඝමිත්තා බෝධිය වර්තමානයේ දඹකොළපටුන විහාරයේ වැඩසිටිනුයේ අලුතින් රෝපණය කල බෝධියක්.යාපනය පරලෙයි ගම්මානයේ පිහිටි මුරුගන් කෝවිලේ වැඩසිටින සංඝමිත්තා බෝධිය බවට ද විශ්වාසයක් පවතින අතර,එම බෝධීන් වහන්සේ තවමත් වැඩ සිටී.
තිවක්ක බමුණුගම අෂ්ඨඵලරුහ බෝධීන් වහන්සේ නිශ්චිත ව හදුනාගෙන නොමැත. දඹුකොළ පටුනේ සිට අනුරාධපුරය තෙක් ගමන් මාර්ගයේ මෙම ගම පිහිටි බවට ප්‍රකාශ වේ.නමුත් එම ස්ථානය නිශ්චිතව හදුනාගෙන නොමැත.සමහරු තන්තිරිමලය රජමහා විහාරය ලෙස සැලකූවත් නිශ්චිත සාධක නොමැත.
ථූපාරාමය ථූපාරාම මහා සෑ භූමිය වර්තමානයේ අෂ්ඨඵලරුහ බෝධීන් වහන්සේ වැඩනොසිටී.ඒ වෙනුවට බෝධීන් වහන්සේ නමක් ද නොපවතී.ථූපාරාම මහා සෑයට පසෙකින් පැරණි බෝධිඝරය පමණක් දක්නට ඇත.
කසුන්ගිරි වෙහෙර අෂ්ඨඵලරුහ බෝධීන් වහන්සේ ඉසුරුමුණිය රජ මහා විහාරය වර්තමානයේ අෂ්ඨඵලරුහ බෝධීන් වහන්සේ වැඩනොසිටී.ඒ වෙනුවට බෝධීන් වහන්සේ නමක් පවතී.පුරාණ ඉසුරුමුණිය වර්තමානයේ වෙස්සගිරිය ලෙස හදුන්වන ස්ථානය බවටද මතයක් පවතී.
සෑගිරිය අෂ්ඨඵලරුහ බෝධීන් වහන්සේ මිහින්තලය රජ මහා විහාරය වර්තමානයේ ද ඒ උතුම් අෂ්ඨඵලරුහ බෝධීන් වහන්සේ ජීවමානව වැඩසිටී.
සඳුන්ගම(චන්දන ග්‍රාම)අෂ්ඨඵලරුහ බෝධීන් වහන්සේ නිශ්චිතව හදුනාගෙන නොමැත. තොරතුරු නොමැතිමුත් සමහරු රත්නපුර දිස්ත්‍රික්කයේ සඳගිරිය නම් ස්ථානය බවටත්,තවත් සමහරු රුහුණේ සඳගිරිය බවටත් සලකනු ලබයි.
පඨමක චේතිය අෂ්ඨඵලරුහ බෝධීන් වහන්සේ/පළමුවන සෑ මළුව නිශ්චිතව හදුනාගෙන නොමැත. මල්වතු ඔය අසළ නිවත්තක චේතිය විහාරය හෝ පළමුවන සෑ මළුව ලෙස හදුන්වන බැවින් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ රෝපණය කල ස්ථානයේ පරිවාර බෝධියක් ලෙස සලකයි.
කාචරගාම අෂ්ඨඵලරුහ බෝධීන් වහන්සේ කතරගම කතරගම දේවාලය අසල බෝධීන් වහන්සේ මෙය බවට සලකනු ලැබුවත් නිශ්චිතව සනාථ කර නොමැත,සලකනු ලබන බෝධිය වර්තමානයේ ද විරාජමානව වැඩසිටී.

දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේල

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ඉතිරි ශාඛා හතරෙන් ඇති වූ බීජ හතරෙන් ද ඒ එක් බීජයකින් පැල 8 බැගින් 32 ක් ඇති විය.ඒවා "දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේලා" ලෙස හදුන්වනු ලබයි.එම බෝධීන් වහන්සේල පිහිටි ස්ථාන පහත පරිදි වේ.

දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ

වර්තමානයේ හදුන්වන නාමය

විශේෂ කරුණු

මල්වැස්සා වෙහෙර දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ ගොඩකවෙල මල්වැස්ස වෙහෙර රජ මහා විහාරය වර්තමානයේ ද විරාජමානව වැඩසිටී.
තන්ත්‍රිමාල වෙහෙර දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ තන්තිරිමලය රජ මහා විහාරය තවම වැඩ සිටී.නිශ්චිතව හදුනාගෙන නොමැති තිවංක බමුණුගම අෂ්ඨඵලරුහ බෝධීන් වහන්සේ බවට ද මතයක් පවතී.
මුහුදුබඩ මහාජල්ලික කෙවුල්ගම දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ කල්පිටිය නාවික හමුදා කඳවුර අසල බෝධීන් වහන්සේ තවමත් විරාජමානව වැඩසිටී.
කොට්ටියාරම දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ නිශ්චිතව හදුනාගෙන නොමැත. අතීතයේ 'කොට්ඨසාර'ලෙස හදුන්වා ඇති සේරුවිල ප්‍රදේශයේ පිහිටා තිබුණු බවට සැලකේ.එම කොට්ටියාරාම ප්‍රදේශයේ කිලවෙඩ්ඩි ප්‍රදේශයේ තිබූ ශ්‍රී වර්ධන බෝධියබවට මතයක් පවතී.වසර දෙදහස් ගණනක් පැරණි එම බෝධීන් වහන්සේ හින්දු ජාතිකයන් විසින් 1970 ගණන් වලදී සම්පූර්ණයෙන්ම විනාශ කර ඇත.වර්තමානයේ එම ස්ථානයේ කිලිවෙඩ්ඩි ශ්‍රී මුත්තු මාරියම්මාන් කෝවිල ඉදිකර ඇත.ඊට අමතරව කින්නියා ප්‍රදේශයේ පිහිටි වෙල්ගම් වෙහෙර විහාරයේ බෝධීන් වහන්සේ බවට ද සැලකේ.
පොලොන්නරුව දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ නිශ්චිතව හදුනාගෙන නොමැත. තොරතුරු නොමැත.
මාතලේ රුසිගම දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ මාතලේ රුසිගම දෙතිස්ඵලරැහ බෝධිරාජ මහා විහාරය වර්තමානයේ දී ද විරාජමානව වැඩසිටී.
රුහුණේ මාගම දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ නිශ්චිතව හදුනාගෙන නොමැත. වැඩිදුර තොරතුරු නොමැත.
විල්වල දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ නිශ්චිතව හදුනාගෙන නොමැත. වැඩිදුර තොරතුරු නොමැත.
මහියංගනය දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ මහියංගනය රජ මහා විහාරය තවම වැඩ සිටී.
සේරුවිල නයින්ගෙ විල්ගම්වෙහෙර දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ මහමෙව්නාව භාවනා අසපු සංචිතයට අයත් සේරුවිල විල්ගම්වෙහෙර රජ මහා විහාරය සේරුවිල විල්ගම්වෙහෙර සෝමාවතී රජ මහා විහාරය වන බවට සලකනු ලබයි,තවත් සමහරු එය මීට ඉහතදී සදහන් කෙරුණ කිලවෙඩ්ඩි ශ්‍රී වර්ධන බෝධීය බවට ද සලකනු ලබයි.දෙතැනම පුරාණ බෝධීන් වහන්සේ වැඩ නොසිටී.විල්ගම්වෙහෙර විහාරයේ රෝපණය කරන ලද බෝධීන් වහන්සේ නමක් පරිවාර බෝධීන් වහන්සේල 8 නමක් සමඟ වැඩසිටී.
මුතියංගණය දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ මුතියංගණ රජ මහා විහාරය තවමත් වැඩසිටී.
බුත්තල හප්පෝරු වෙහෙර දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ බුත්තල හප්පෝරුව පුරාණ විහාරය තවමත් වැඩසිටී.
සිතුල්පව් වෙහෙර දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ සිතුල්පව්ව රජ මහා විහාරය තවමත් වැඩසිටී.
වනවාස වෙහෙර දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ තංගල්ල වනවාස රජ මහා විහාරය තවමත් වැඩසිටී.
වැලිගම් වෙහෙර දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ වැලිගම අග්‍රබෝධි රජ මහා විහාරය තවම වැඩසිටී.
පරගොඩ දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ ගාල්ල පරගොඩ රජ මහා විහාරය තවම වැඩසිටී.
මැද්දේගම දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ මැද්දේගම රජ මහා විහාරය(මද්දේගම රජ මහා විහාරය) තවමත් වැඩසිටී.
ගණේගම දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ ගණේගම රජ මහා විහාරය තවම වැඩ සිටී.
පුසුල්පිටිය දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ කොත්මලේ පුසුල්පිටිය රජමහා විහාරය තවම වැඩ සිටී.
මායා රට වතුර කෑගල්ල,පරණකූරු කෝරළයේ මාවත පත්තුව වැඩිදුර තොරතුරු නොමැත.
බෙලිගල දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ බෙලිගල රජ මහා විහාරය තවම වැඩසිටී.බෙලිගල සෑය තුල පාත්‍රා ධාතූන් වහන්සේ ද වැඩ සිටින බවට සලකනු ලබන මත ද පවතී.
බෙල්ලන්විල දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ බෙල්ලන්විල රජමහා විහාරය තවම වැඩසිටී.
වඳුරව දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ වඳුරව රජ මහා විහාරය තවම වැඩසිටී.
වට්ටාරම දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ කෑගල්ල,වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජමහා විහාරය තවම වැඩසිටී.
රජ මහා වෙහෙර දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ
සුළුගල්ල දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ සුළුගල්ල රජමහා විහාරය,ඉබ්බාගමුව තවම වැඩසිටී.
රැස්වෙහෙර දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ රැස්වෙහෙර රජ මහා විහාරය තවම වැඩ සිටී.
කටියාව දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ
ගිරිබා වෙහෙර දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ
යාපහුව සුන්දරගිරි පව්ව දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ
කසාගලු වෙහෙර දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ
ඇඹලව රහත්ගල් වෙහෙර

අනෙකුත් බුදුවරුන්ගේ මහාබෝධි වෘක්ෂ

අටවිසි බුදුවරුන්ගේ බෝධීන් වහන්සේල වූ ශාකයන් පහත දැක්වේ.

බුදුරජාණන් වහන්සේ(පාලි නාමය) බෝධි වෘක්ෂය (පාලි නාමය) ද්විපද නාමය
1 තණ්හංකර බුදුරජාණන් වහන්සේ රුක්කත්තන
2 මේධංකර බුදුරජාණන් වහන්සේ කෑල
3 සරණංකර බුදුරජාණන් වහන්සේ පුළිල
4 දීපංකර බුදුරජාණන් වහන්සේ පිප්ඵලී (කිරිපැල්ල) Ficus obtusifolia
5 කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ සලාකල්යාණිකා (තොටිල) Oroxylum indicum
6 මංගල බුදුරජාණන් වහන්සේ නාග (නා) Mesua ferrea
7 සුමන බුදුරජාණන් වහන්සේ නාග (නා) Mesua ferrea
8 රේවත බුදුරජාණන් වහන්සේ නාග (නා) Mesua ferrea
9 සෝභිත බුදුරජාණන් වහන්සේ නාග (නා) Mesua ferrea
10 අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ අජ්ජුන (කුඹුක්) Terminalia arjuna
11 පදුම බුදුරජාණන් වහන්සේ මහාසෝන (තොටිල) Oroxylum indicum
12 නාරද බුදුරජාණන් වහන්සේ මහාසෝන (තොටිල) Oroxylum indicum
13 පදුමුත්තර බුදුරජාණන් වහන්සේ සලාල (ඉන්දියානු පයින්) Pinus roxburghii
14 සුමේධ බුදුරජාණන් වහන්සේ මහනීප (බකිනි) Neolamarckia cadamba
15 සුජාත බුදුරජාණන් වහන්සේ මහාවේලු (උණ) Bambusa bambos
16 පියදස්සී බුදුරජාණන් වහන්සේ කකුධ Crateva religiosa
17 අත්තදස්සී බුදුරජාණන් වහන්සේ කම්පක (සපු) Magnolia champaca
18 ධම්මදස්සී බුදුරජාණන් වහන්සේ බිම්බිජල (පාවට්ටා) Pavetta indica
19 සිද්ධත්ථ බුදුරජාණන් වහන්සේ කනිකර Pterospermum acerifolium
20 තිස්ස බුදුරජාණන් වහන්සේ ආසන Terminalia elliptica
21 ඵුස්ස බුදුරජාණන් වහන්සේ අමාකල (නෙල්ලි) Phyllanthus emblica
22 විපස්සී බුදුරජාණන් වහන්සේ පාඨලී (පලෝල) Stereospermum chelonoides
23 සිඛී බුදුරජාණන් වහන්සේ පුන්ඪරීක (අඹ) Mangifera indica
24 වෙස්සභූ බුදුරජාණන් වහන්සේ සාල (සල්) Shorea robusta
25 කකුසඳ බුදුරජාණන් වහන්සේ සිරීස (සූරිය මාර) Albizia lebbeck
26 කෝණාගමන බුදුරජාණන් වහන්සේ උදුම්බරා (අත්තික්කා) Ficus racemosa
27 කාශ්‍යප බුදුරජාණන් වහන්සේ නිග්‍රෝදා (නුග) Ficus benghalensis
28 ගෞතම බුදුරජාණන් වහන්සේ (වර්තමාන බුදුන්) අශ්වත්ත (ඇසතු) Ficus religiosa
29 මෛත්‍රී බුදුන් වහන්සේ (අනාගත බුදුන්) නාග (නා) Mesua ferrea

ගැලරිය

  •  
    A Bodhi Tree leaf with a rainwater top on one
  •  
    28 Bodhi Tree and Meditators, at the Mahabodhi Temple, Bodhgaya
  •  
    The Maha Bodhi tree, Bodh Gaya
  •  
    The sacred tree of Buddha. A photo from Jami al-Tawarikh by Rasheed al-Din Al-Hamazani, Folio 47 Recto. The collection of Royal Asian Society in London. Rab-i-Rashidi 1314.
  •  
    Stamp of India - 1997 - Colnect 163602 - Bodhi Tree
  •  
    A small temple beneath the Bodhi tree, Bodh Gaya, c. 1810
  •  
    Bodhi Tree Photograph from the National Museum, Bangkok, Thailand
  •  
    Jaya Sri Maha Bodhi is a sacred fig tree in the Mahamewna Gardens, Anuradhapura, Sri Lanka. It is said to be the southern branch from the historical Sri Maha Bodhi at Buddha Gaya in India under which Lord Buddha attained Enlightenment.

වැඩිදුර කියවීම

  • "Sacred Bodhi tree's journey to Oz 2300 years in the making". Department of Agriculture, Water and the Environment. Australian Government. 25 August 2021.
  • "India's gift to South Korea: A sacred Bodhi Tree sapling". NDTV. Indo-Asian News Service. 8 March 2022.
  • Kalam, Farhana (8 November 2018). "Steps taken to protect sacred Bodhi tree". Telegraph India.
  • Khan, Zeyad Masroor (4 May 2018). "The Bodhi Tree the Buddha Sat Under is Dead. Meet the scientist who keeps its sacred descendant alive". Vice.
  • Kalam, Farhana (1 December 2018). "Pruning to help Bodhi tree shed weight". Telegraph India.
  • Krishnan, D. (2017-04-03). "Under the Bodhi tree". The Hindu (Indian English බසින්). ISSN 0971-751X.
  • Lam, Raymond (31 August 2021). "Sacred Bodhi Sapling in Australian Quarantine to Be Released in May 2022". Buddhistdoor Global.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 14, 2026

    මහින්දාගමනය

  • මාර්තු 24, 2026

    කන්‍යා පටලය

  • අප්‍රේල් 03, 2026

    අලි සබ්‍රි

  • අප්‍රේල් 03, 2026

    ප්‍රසන්න රණතුංග

  • අප්‍රේල් 04, 2026

    ජර්මන් භාෂාව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට