| එම්ප්‍රස් චොන්චු | |
|---|---|
![]() | |
| මෙලෙසද හැඳින්වේ | The Iron Empress |
| රචනය කලේ | සොන් යොං-මොක් ලී සං-මින් කං යොං-රන් |
| අධ්‍යක්ෂණය කලේ | ෂින් චං-සුක් හ්වං ඉන්-හ්‍යුක් |
| රඟපෑම | චේ ෂි-රා කිම් සුක්-හූන් චෝයි ජේ-සුං ලී දොක්-හ්වා කිම් හෝ-ජින් ෂින් ඒ |
| ඇරඹුම් තේමාව | "ඕපනිං" (විවිධ ශිල්පීන් විසිනි) |
| සම්භව රට | දකුණු කොරියාව |
| කථාංග ගණන | 78 |
| නිෂ්පාදනය | |
| විධායකනිෂ්පාදක(යෝ) | කිම් වොන්-යොං |
| නිෂ්පාදක(යෝ) | ජින් හ්‍යුං-වූක් |
| කැමරා සැලැස්ම | බහු-කැමරා |
| ධාවන කාලය | සෙනසුරාදා සහ ඉරිදා 21:30ට |
| ප්‍රචාරණය | |
| මුල් නාලිකාව | KBS2 |
| රූප ආකෘතිය | 1080i HDTV |
| මුල් ධාවනය | ජනවාරි 3, 2009 – සැප්තැම්බර් 27, 2009 |
| කාලානුක්‍රමය | |
| පූර්වගමනය වනුයේ | King Sejong the Great |
| අනුගමනය වනුයේ | Hot Blood |
| බාහිර සබැඳි | |
| වෙබ් අඩවිය | |
එම්ප්‍රස් චොන්චු (කොරියානු: 천추태후; හන්ජා: 千秋太后; ප්‍රරෝ: චොන්චු තේහු; ද අයන් එම්ප්‍රස් ලෙස ද හඳුන්වයි) යනුවෙන් හැඳන්වෙන්නේ 2009දී විකාශය වූ දකුණු කොරියානු කාලාන්තර ඓතිහාසික රූපවාහිනී කතාමාලාවකි. මේ සඳහා පාදක කොට ගෙන ඇත්තේ හොන්ඒ රැජින නැමැති සත්‍ය ඓතිහාසික චරිතයකි. සිය මුතුන්මිත්තන් විසින් වීර්යයෙන් යුතුව ගොඩනැගූ දේශය රැක ගැනීමට ඇය ගෙනගිය සදාතනික අරගලය මින් නිරූපණය වේ.ගොර්යෝ රාජවංශයේ ආදි කර්තෘවරයා වූ තේජෝ වංගොන්ගේ මිණිපිරිය වූ මෙම අධිරාජිනිය, රාජවංශයේ හත්වන පාලකයා වූ ඇගේ පුත් මොක්ජොං රජු වෙනුවෙන් අනුරාජයා ලෙස කටයුතු කළා ය. ගොර්යෝ රාජධානිය වෙනුවෙන් වූ ඇගේ අභිප්‍රායයන් වටහාගන්නා ඇය, යුධ සන්නාහ පැළඳ විදේශීය ආක්‍රමණිකයන්ට එරෙහිව යුධ බිමේ සටන්වැදුණා ය. බලයට පැමිණීමේ දී ඇය විසින් ඇගේ පෙම්වතා, ඇගේ පුත්‍රයා සහ සොහොයුරාව යටපත් කරන ලදී.
සාරාංශය
මෙම මාලා නාට්‍යය සඳහා පාදක කොටගෙන ඇත්තේ ඉතිහාසයේ එන, ගොර්යෝ රාජධානියේ චොන්චු අධිරාජිනිය නැමැති වැන්දඹු රජබිසවගේ චරිතයයි. වසර ගණනාවක් පුරා ඛිටන්වරුන් සහ ඇතැම් ජුර්චෙන්වරුන් වැනි වෙනත් ගෝත්‍ර සහ රාජධානි විසින් අත්පත් කරගැනීම නිසා සිය රාජධානියට අහිමිව තිබූ භූමිය යළි සන්තක කරගැනීමට ඇගේ මුත්තණුවන්ට වූ පෞද්ගලික සිහිනය යතාර්ථයක් බවට පත් කිරීම වෙනුවෙන් ඇය ලියාඕ රාජවංශයට එරෙහිව සටන් වැදුණා ය.
මෙම කතාමාලාව ප්‍රධාන වශයෙන් සිය පුත්‍රයාගේ (පසුව මොක්ජොං යන නාමයෙන් හැඳින්විණි) ප්‍රසාදය දිනා ගනිමින් ඔහුට සිය බලපෑමට නතු කරගැනීමට ඇයට ඇති අභිප්‍රාය කේන්ද්‍ර කර ගනිමින් නිර්මාණය වී ඇත. ඇගේ සොහොයුරා වන ගොර්යෝහි සොංජොං රජු සිය බෑණනුවන් තමන්ගෙන් පසු පාලකයා වශයෙන් කටයුතු කරනු දැකීමට අදහස් කිරීමට එයට හේතුවයි. සිය බෑණනුවන්ව අනාගත අධිරාජයා ලෙස සූදානම් කරවීමට ඔහුගේ මෑණියන් වූ චොන්චු නුසුදුසු යැයි තීරණය කළ සොංජොං අධිරාජයා, ඔහුව සිය දරුවන් නොමැති භාර්යාව අතට පත්කළේ තමන්ගේම පුත්‍රයා ලෙස හදා වඩා ගැනීමටයි.
මෙම තීරණය සොංජොං සහ ඔහුගේ සොයුරිය අතර විශාල අරගලයක් සඳහා හේතු වේ. ඔවුන් දෙදෙනා එක්ව සහයෝගයෙන් යුතුව ඛිටන් ආක්‍රමණය වැනි බාහිර තර්ජනවලින් ද, නොයෙකුත් රාජ මාලිග කුමන්ත්‍රණ සහ බල අරගල වැනි අභ්‍යන්තර තර්ජනවලින් ද රාජ්‍යය රැක ගැනීමට දැරූ උත්සාහයට මෙය බාධාවක් වේ.
මෙම කතාමාලාව තුළ නොයෙකුත් ස්වාධීන උත්සාහයන් නිර්මාණය කොට ඇති බව පෙනේ. ඉන් සුලබ උත්සාහයක් ලෙස මොක්ජොංහට අපස්මාරය ඇති බවට පෙන්වා තිබීම දැක්විය හැක. පසුකාලීනව ගං ජෝ සෙන්පතියා විසින් ඔහුව රාජ්‍ය පාලනයෙන් ඉවත් කිරීමට ද හේතුව එය ලෙස මෙහි දක්වා තිබේ. නමුත් මොක්ජොං රජුට අපස්මාරය පැවති බව සනාථ කෙරෙන කිසිදු ඓතිහාසික සාක්ෂියක් හමු නොවේ.
චරිත නිරූපණය
- චේ ෂි-රා, හ්වංබෝ සූ / චොන්චු අධිරාජිනිය ලෙස
- කිම් සුක්-හූන්, කිම් චි-යැං ලෙස
- චෝයි ජේ-සුං, ගං ජෝ ලෙස
- ලී දොක්-හ්වා, සෙන්පති ගං ගම්-චන් ලෙස
- කිම් හෝ-ජින්, වං උක් / ග්යොංජු කුමරු (ග්යොංජුවොන්ගුන්) ලෙස
- ෂින් ඒ, හ්වංබෝ සෝල් / හොන්ජොං අධිරාජිනිය ලෙස (අධිරාජිනියගේ බාල සොයුරියයි)
අතිරේක රංගනය
- බන් හ්යෝ-ජුං, සින්ජොං අධිරාජිනිය (තේජෝගේ 4වන භාර්යාව) ලෙස
- ලී යොං-ආ, දේමොක් අධිරාජිනිය ලෙස (ග්යොංජොංගේ මව)
- චෝයි චොල්-හෝ, ග්යොංජොං ලෙස (5වන අධිරාජයායි. අධිරාජිනියගේ සැමියායි.)
- කිම් මියුං-සූ, සොංජොං ලෙස (6වන අධිරාජයායි. අධිරාජිනියගේ වැඩිමහල් සොයුරායි.)
- මූන් ජුං-හී, මුන්හ්වා අධිරාජිනිය / කිම් ආර්යාව ලෙස (සොංජොංගේ දෙවන භාර්යාව)
- ලී හ්‍යුන්-ක්‍යුං, මුන්දොක් අධිරාජිනිය / යු අධිරාජිනිය ලෙස (සොංජොංගේ පළමු භාර්යාවයි)
- ලී ඉන්, මොක්ජොං ලෙස (අධිරාජිනියගේ පුත්‍රයායි. 7වන අධිරාජයායි.)
- ලී ඉන්-හ්යේ, සොන්ජොං අධිරාජිනිය ලෙස (මොක්ජොංගේ භාර්යාවයි)
- කිම් ජි-හූන්, හ්යොන්ජොං ලෙස (8වන අධිරාජයායි. හොන්ජොං අධිරාජිනියගේ පුත්‍රයායි.)
- පාක් සි-ඉයුන්, වොන්ජොං අධිරාජිනිය ලෙස (හ්යොන්ජොංගේ භාර්යාවයි)
- ඉම් හ්‍යුක්, සියෝ හුයි ලෙස (විදේශ සබඳතා අමාත්‍ය)
- ජොන් මූ-සොං, ලී ජි-බෙක් ලෙස
- වොන් සුක්-යොන්, ලී ක්‍යුම්-උයි ලෙස
- ලී කි-යොල්, චෝයි සුම් ලෙස
- කිම් බ්යුං-කි, කිම් වොන්-ස්‍යුං ලෙස
- කිම් ජොං-ක්යොල්, චෝයි ර්යං ලෙස
- කිම් හා-ක්‍යුල්, චෝයි හං ලෙස
- පාක් ජි-ඉල්, කිම් ෂිම්-ඉයොන් ලෙස
- ඕ වූක්-චුල්, ජෝ ලෙස
- ජෝ බ්යුං-ක්‍යුන්, ලී යැං ලෙස
- ලී ජූන්-වූ, සෝල් ෂින්-යූ ලෙස
- ජොන් සොං-හ්වන්, චෝයි ජි-මොං ලෙස
- මේං හෝ-රිම්, පාක් යැං-යූ ලෙස
- ඉම් බ්යුං-කි, හන් උන්-කොං ලෙස
- චෝයි ජුන්-යොං, ලී හ්‍යුන්-වූන් ලෙස
- චෝයි දොං-ජූන්, දේ දෝ-සූ ලෙස
- පාක් චොල්-හෝ, කිම් හූන් ලෙස
- චෝයි වං-සූන්, චෝයි ජිල් ලෙස
- ලී වොන්-බල්, යූ බැං ලෙස
- හොං ඉල්-ක්වොන්, යැං ක්‍යු ලෙස
- ෂිම් හ්යේ-ජින්, ලියාඕහි ෂියාඕ අධිරාජිනිය ලෙස
- ජං දොං-ජික්, ලියාඕහි ෂෙංසොං අධිරාජයා ලෙස
- ඕ ගුන්-වූ, ලාබාල ලියාඕහි ෂෙංසොං අධිරාජයා ලෙස
- ජි දේ-හන්, සෝ සොන්-න්‍යුං ලෙස
- ජුං හ්‍යුං-චේ, සෝ බේ-අප් ලෙස
- කිම් මියොං-කුක්, යා යූල් ජුක් ර්යොල් ලෙස
- කිම් සුං-හ්‍යුන්, යා යූල් බූන් නෝ ලෙස
- ලී හන්-සොල්, යා වූල් මූ කි ලෙස
- හොං ඉන්-යොං, චුන් හ්යං-බි ලෙස
- කිම් යේ-වොන්, ලාබාලා චුන් හ්යාං-බි ලෙස
- ලී චේ-යොං, සා ඉල්-රා ලෙස
- කිම් හ්යොං-මින්, සා කා-මූන් ලෙස
- ජුං ජින්, කෝ හ්‍යුන් ලෙස
- ආන් හේ-සූක්, යූන් පාලිකාව ලෙස
- කිම් මි-රා, ලී සෝල්-හ්වා ලෙස
- කිම් සෝ-ඉයුන්, ලාබාල හ්වංබෝ සූ ලෙස
- පාක් ඉයුන්-බින්, ලාබාලා හ්වංබෝ සොල් ලෙස
- කිම් මින්-ජි, ලාබාල කිම් ආර්යාව ලෙස
- හන් බෝ-බේ, ලාබාල සොන්ජොං ලෙස
- පාක් ජි-බින්, ලාබාල මොක්ජොං ලෙස
- චෝයි වූ-හ්‍යුක්, ලාබාල සොංජොං ලෙස
සම්මාන සහ නිර්දේශ
| වර්ෂය | සම්මානය | ප්‍රවර්ගය | ලාභියා | ප්‍රතිඵලය |
|---|---|---|---|---|
| 2009 | KBS නාට්‍ය සම්මාන | විශිෂ්ඨතම සම්මානය, නිළිය | චේ ෂි-රා | දිනාගති |
| විශිෂ්ඨ සම්මානය, මාලා නාට්‍යයක නළුවා | කිම් සුක්-හූන් | දිනාගති | ||
| චෝයි ජේ-සුං | නිර්දේශිත | |||
| විශිෂ්ඨ සම්මානය, මාලා නාට්‍යයක නිළිය | ෂිම් හ්යේ-ජින් | නිර්දේශිත | ||
| හොඳම සහාය නළුවා | චෝයි චොල්-හෝ | දිනාගති | ||
| කිම් මියුං-සූ | නිර්දේශිත | |||
| හොඳම සහාය නිළිය | මූන් ජුං-හී | දිනාගති | ||
| හොඳම නවක නිළිය | කිම් සෝ-ඉයුන් | දිනාගති | ||
| හොඳම යොවුන් නිළිය | පාක් ඉයුන්-බින් | දිනාගති | ||
| හොඳම යුවළ සම්මානය | කිම් හ්යොං-මින් සහ ලී ඉයුන්-ජුං | නිර්දේශිත | ||
| කිම් හෝ-ජින් සහ ෂින් ඒ | නිර්දේශිත | |||
- කොරියානු විකාශන පද්ධතියේ රූපවාහිනී නාට්‍ය
- ලියාඕ රාජවංශය පසුබිමෙහි නිර්මාණය වූ රූපවාහිනී කතාමාලා
- ගොර්යෝව පසුබිමෙහි නිර්මාණය වූ රූපවාහිනී කතාමාලා
- දකුණු කොරියානු ඓතිහාසික රූපවාහිනී කතාමාලා
- රූපවාහිනී කතාමාලා
