සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

මහවැලි ගඟ (ඉංග්‍රීසි: Mahaweli River; දෙමළ: மகாவலி ஆறு) ශ්‍රී ලංකාවේ දිගම ගඟ වේ. එය කිලෝ මීටර 335 හෙවත් සැතපුම් 208 ක දිගකින් සමන්විත වේ. ශ්‍රී ලංකාව තුල විශාලත

Mahaweli River

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
මහවැලි
ගඟ
ගම්පොල හරහා ගලා බසින මහවැලි ගඟ
ප්‍රභවය මධ්‍යම පළාත
මුවදොර බෙංගාල බොක්ක
 - උන්නතාංශය
දිග 335 km (208 mi)

මහවැලි ගඟ (ඉංග්‍රීසි: Mahaweli River; දෙමළ: மகாவலி ஆறு) ශ්‍රී ලංකාවේ දිගම ගඟ වේ. එය කිලෝ මීටර 335 හෙවත් සැතපුම් 208 ක දිගකින් සමන්විත වේ. ශ්‍රී ලංකාව තුල විශාලතම පෝෂණ පෙදෙසකට, එනම් 10,448km2 ක ජලාපවහන ද්‍රෝණියකට උරුම කියන මෙම ගංගාව ශ්‍රී ලංකාවේ මුලු භූමි පරිමාණයෙන් පහෙන් එකක වපසරියක් ආවරණය කරයි. මෙම ගංගාව ලංකාවේ ඊසාන දිගින් පිහිටි ත්‍රිකුණාමලයේ කින්නියා පෙදෙසෙන් බෙංගාල බොක්ක කරා පිවිසෙයි. එය සමනල කන්ද මුදුනෙන් ආරම්භ වන බව පැවසුවත්, එහි සැබෑ ආරම්භය පොල්වතුරෙහි (මහවිල ප්‍රදේශය අසල) පිහිටා ඇත. මහවැලි ගඟට එහි මූලාශ්‍ර ජලය ලැබෙන්නේ කිරිගල්පොත්තේ හෝටන් තැන්නෙන් සහ තොටුපොළ කඳුවැටියෙනි.

මහවැලි ගංගාව ලංකාවේ ජල විදුලිය නිෂ්පාදනය සහ ජල සම්පාදනය සඳහා සුවිශාල දායක්ත්වයක් සපයන අතර වර්ග කිලෝ මීටර 1000 කට වැඩි භුමි ප්‍රදේශයක් මෙහි ජලයෙන් පෝෂණය වේ. විශාල වැලි යන අර්ථයෙන් මෙම ගඟට මහවැලි යන නාමය ලැබී ඇත. මහවැලි පාලම පොලොන්නරුවේ පිහිටා ඇත.

අතු ගංගා

  • කොත්මලේ ඔය
  • හැට්න් ඔය
  • හුලු ගඟ
  • ලොක්ගල් ඔය
  • උමා ඔය
  • බදුලු ඔය
  • අබන් ගඟ
  • නානු ඔය
  • බෙලි උල් ඔය

අමතර අවධානයට

  • ශ්‍රී ලංකාවේ නදී ලැයිස්තුව
  1. "Mahaweli Ganga | Sri Lanka, Map, & Facts". Encyclopedia Britannica (ඉංග්‍රීසි බසින්). 2025-10-25 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2026-01-21.
  2. "මහවැලි ගඟ". Lakpura®. සම්ප්‍රවේශය 2026-01-21.
  3. "The story of Mahaweli…". www.dailymirror.lk (ඉංග්‍රීසි බසින්). 2024-04-27 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2026-01-21.
  4. Barry, D. (2001-06-07). Knowledge of the Land. Oxford University Press. ISBN 0-19-829601-0.
ඉහළට