සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මහියංගනය හෙවත් මයියංගනේ ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ප්‍රදේශයකි. මෙම ඓතිහාසික ස්ථානය අතීතයේ හඳුන්වා ඇත්තේ මියුගුණ නමිණි. මහවැලි ගඟ සමී

මහියංගනය

  • මුල් පිටුව
  • මහියංගනය

මහියංගනය හෙවත් මයියංගනේ ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ප්‍රදේශයකි. මෙම ඓතිහාසික ස්ථානය අතීතයේ හඳුන්වා ඇත්තේ මියුගුණ නමිණි. මහවැලි ගඟ සමීපයේ පිහිටි මහියංඟණය යන්න බිමිතැන්න යන සිංහල පදයෙන් බිඳී ආවකි. මෙම ප්‍රදේශයේ ඈත අතීතයේ සිටම ආර්ථික වශයෙන්ද වැදගත් කමක් උසුලා ඇත. දෙවන අක්බො රජු විසින් ඉදිකළ මිණිපේ අමුණ මෙම ප්‍රදේශයේ කාෂිකාර්මික කටයුතු වලදී ඉතා වැදගත් නිර්මාණයක් විය.

මහියංගනය
Mahiyangana
නගරය
ඔරලෝසු කණුව
ඔරලෝසු කණුව
රටශ්‍රී ලංකාව
පළාතඌව පළාත
දිස්ත්‍රික්කයබදුල්ල
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)

සංචාරක ආකර්ෂණ

 
මහියංගන විහාර දාගැබ
  • මහියංගනය රජ මහා විහාරය - ක්‍රිස්තුපූර්ව හයවන සියවසේ බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් නවවෙනි මස මහියංගනයට වැඩමවා මහානාග වනෝද්‍යානයේදී යක්ෂයන් දමනය කල බව මහා වංශයේ සඳහන්වේ. එහිදී ධර්මය ඇසූ සුමන සමන් දෙවියන් සෝවාන් බව ලබා බුදුරදුන්ගෙන් කේෂදාතු ලබාගෙන රන්කරඩුවක බහා සත්රියන් උසට මැණික් දාගැබක් කළ බව තවදුරටත් එහි සඳහන්වේ. පසුව බුදුරදුන් ආදාහනය කල තැනින් ග්‍රිකවා ධාතුව වැඩමවා විත් එය නිදන් කොට දොළොස් රියන් දා ගැබක් ඉදි කරවා ඇත. එම දා ගැබ දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරු උද්ද චූලාභය කුමරු තිස් රියන් කොට විශාල කරවා ඇත. එම දාගැබ දුටුගැමුණු රජු අසූ රියන් උසටද විශාල කරවා ඇත. මෙම දා ගැබ මහ විජයබා, කීර්ති ශ්‍රී රාජසිංහ වැනි රජවරු පුතිසංස්කරණය කරවා ඇත. සොළොස්මස්ථාන අතර එක් ස්ථානයක්වන මහියංඟනය රුහුණේ සිට රජරට දක්වා වැටී තිබූ ඓතිහාසික මාර්ගයේ පිහිටා තිබූ නිසා මෙම ස්ථානය ආගමික වශයෙන් මෙන්ම දේශපාලණික වශයෙන් ද වැදගත්කමක් උසුලා ඇත.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූලි 05, 2026

    රාණි පද්මිනී

  • අප්‍රේල් 29, 2026

    මෝටර් රථය

  • අප්‍රේල් 12, 2026

    අංගම් මඩුව

  • අප්‍රේල් 07, 2026

    Taxonomy (biology)

  • අප්‍රේල් 03, 2026

    Portuguese language

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට