සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ගොතටුව නව නගරය (ව්‍යවහාරික - අයි.ඩී.එච්) යනු කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නගරයකි. මෙම නගරය මුල්ලේරියාව, කොළොන්නාව, රාජගිරිය, කො

ගොතටුව නව නගරය

  • මුල් පිටුව
  • ගොතටුව නව නගරය

ගොතටුව නව නගරය (ව්‍යවහාරික - අයි.ඩී.එච්) යනු කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නගරයකි. මෙම නගරය මුල්ලේරියාව, කොළොන්නාව, රාජගිරිය, කොටිකාවත්ත යන නගර වටකොට පිහිටා ඇත. කලින් අයි. ඩී. එච්. නමින් හැඳින්වුනු මෙය එසේ හැඳින්වුයේ එහි බෝවන රෝගීන් සඳහා වූ රජයේ රෝහල (වසංගත රෝග විද්‍යායතනය) පිහිටි නිසා ය.

ගොතටුව නව නගරය
අයි.ඩී.එච් / ගොතටුව
Skyline of ගොතටුව නව නගරය
country ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයකොළඹ දිස්ත්‍රික්කය
වේලා කලාප+5.30

ගමනාගමනයෙන් මාර්ග අංක 152 බස්රථ මෙම නගරයේ සිට ආරම්භ වේ. පිටකොටුව දක්වා එම බස්රථ ගමන් කෙරේ. කොහිලවත්ත සිට කොල්ලුපිටිය තෙක් ගමන්ගන්නා 175 බස්රථ මෙම නගරය හරහා ගමන්ගනී.

පටුන

පිහිටීම

රාජගිරියේ සිට බුත්ගමුව පාර B469 මාර්ගයෙන්ද, කොළොන්නාව සිට අයි.ඩී.එච්. පාර B469 මාර්ගයෙන්ද, අංගොඩ හා වල්පොළ සිට B231 මාර්ගයෙන්ද මෙම නගරයට ළගා විය හැකියි. නගරයේ මුළු ජනගහනය 4524ක් පමණ වේ (නගරයේ හා ගොතටුව අනු ප්‍රදේශයේ). කොළඹ නගරයේ වාර්ෂික වර්ෂාපතනය සේම මිලිලීටර 2200ක් පවති. කොළොන්නාව මැතිවරණ ආසනයට හා කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට මෙම ප්‍රදේශය අයත් වේ.

ආගමික ස්ථාන

බෞද්ධ

  • පාරමිතා ශ්‍රී මහා බෝධිමළු විහාරය
  • ගොතටුව කන්දේ පුරාණ මහා විහාරය
  • ඇල්හේන රතනසාර විහාරය
  • ඥානවිමලාරාමය
  • ගොතටුව චන්දන විහාරය
  • මිහිදු විහාරය
  • සාම විහාරය

ඉස්ලාම්

  • මස්ජිදුල් ජබ්බාර් ජුම්ආ පල්ලිය
  • ජාවත්ත මස්ජිදුන් නූර් පල්ලිය

කතෝලික

  • සදා සරණ දෙව්මවුන්ගේ දෙව්මැදුර

විද්‍යාල

  • ගොතටුව මහ විද්‍යාලය
  • ගිගල්ස් ජාත්‍යන්තර විදුහල

විශේෂ ස්ථාන

  • වසංගත රෝග විද්‍යා ආයතනය හා මූලික රෝහල (අයි.ඩී.එච්)
  • සුවනෙත සිංහ අක්ෂි රෝහල
  • වීරසිංහ මල්ලිමාරච්චි ක්‍රීඩාංගණය - මාදින්නාගොඩ
  • හෝක්ස් ක්‍රීඩාපිටිය - කජුගහවත්ත
  • කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශිය සභා ප්‍රධාන කාර්යාලය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 17, 2026

    වසභ රජ

  • මාර්තු 28, 2026

    මනෝ විශ්ලේෂණවාදය

  • අප්‍රේල් 06, 2026

    ඉලෙක්ට්‍රෝන වින්‍යාසය

  • මාර්තු 14, 2026

    අනුරාධපුර පෞරාණික නගරය

  • අප්‍රේල් 07, 2026

    නිකිණි මාසය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට