
ටොලමි XIII තියොස් ෆිලොපේටර් (ග්‍රීක:Πτολεμαῖος Θεός Φιλοπάτωρ, Ptolemaĩos Theós Philopátōr, දිවිය ක්‍රි.පූ. 62/61 – ක්‍රි.පූ. 47 ජනවාරි 13?, ක්‍රි.පූ. 51 සිට රාජ්‍ය පාලනය කොට ඇත) යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ ටොලමියානු රාජවංශයේ (ක්‍රි.පූ. 305–30) අවසන් සාමාජිකයන් අතුරින් අයෙකි.
ඊජිප්තුවේ සම-අනුරාජයා සහ අභ්‍යන්තර අරගල
ඊජිප්තුවේ XIIවන ටොලමි පාරාවෝවරයාගේ (ක්‍රි.පූ. 80–58 සහ ක්‍රි.පූ. 55–51) පුත්‍රයා වූ මොහු ක්‍රි.පූ. 51 වසන්ත ඍතුවේ දී සිය වැඩිමහල් සොයුරිය වූ ඊජිප්තුවේ VIIවන ක්ලියෝපැට්රා (ක්‍රි.පූ. 69–30) සමග විවාහ වී සම-අනුරාජයා ලෙස සිහසුනට පත් විය. ක්‍රි.පූ. 50 ඔක්තෝබර් මස XIIIවන ටොලමි සිය සොයුරියගේ ජ්‍යෙෂ්ඨ පාලකයා ලෙස පත්කෙරිණි. පණ්ඩක පොතිනියස් ඔහුගේ අනුරාජයා ලෙස කටයුතුකළේ ය.
ක්‍රි.පූ. 48 වසන්ත ඍතුවේ දී, XIIIවන ටොලමි සහ පොතිනියස් එක්ව VIIවන ක්ලියෝපැට්රාව සිහසුනෙන් නෙරපීඹට උත්සාහ කළහ. එයට හේතුව රැජිනක ලෙස ඇගේ තත්ත්වය ඉහළ යමින් පැවතීමයි. උදාහරණ ලෙස XIIIවන ටොලමිගේ නාමය නිල ලේඛනවල සටහන් නොවූව ද, ඇගේ රුව කාසිවල පවා සටහන් විණි. ටොලමි ප්‍රධාන පාලකයා ලෙස පත්වීඹට අදහස් කළේ ය. නමුත් සිහසුන පිටුපස සිටි බලවේගය පොතිනියස් ය.
සිවිල් යුද්ධය
XIIIවන ටොලමි සහ පොතිනියස් එක්ව ක්ලියෝපැට්රාව සිරියාව වෙත පලවා හැරියහ. නමුත් එහිදී ඇගේම සේනාවක් සංවිධානය කළ ක්ලියෝපැට්රා ඊජිප්තුව තුළ සිවිල් යුද්ධයක් ඇරඹූවා ය. මෙම තත්ත්වය වඩාත් තීව්ර කරමින් මඳ කලෙකින්ම ඔවුන්ගේ අනෙක් සොයුරිය වූ ඊජිප්තුවේ IVවන ආර්සිනෝයි (රාජ්‍ය. ක්‍රි.පූ. 48-47) ඊජිප්තුවේ රැජින ලෙස සිහසුනට හිමිකම් පාන්නට වූවා ය.
මේ අවස්ථාවේ පරාජිත රෝම සෙන්පතියකු වූ මහා පොම්පේ තමන් පසුපස ලුහුබැඳි සිය සතුරා වූ ජුලියස් සීසර් ගෙන් බේරීමට සරණ පතා ඊජිප්තුව වෙත පැමිණියේ ය. මුලින් එම ආයාචනය XIIIවන ටොලමි විසින් පිළිගත් නමුදු, ක්‍රි.පූ. 48 සැප්තැම්බර් 29 දින සීසර්ගේ ප්‍රසාදය ලබාගැනීමේ අරමුණින් ඔහු පොම්පේව මරා දැමීමට අණකළේ ය. සීසර් පැමිණි පසු ඔහු වෙත ඔහුට ඔහුගේ පැරණි මිතුරකු වූ මියගිය සතුරු පොම්පේගේ හිස පිළිගැන්විණි. නමුත් වාර්තා අනුව, ප්‍රීතියට පත්වනු වෙනුවට අප්‍රසාදය පලකළ සීසර්, පොම්පේගේ දේහයට නිසි රෝම භූමදානයක් ලබා දීමට කටයුතු කළේ ය. මේ අතර VIIවන ක්ලියෝපැට්රා සීසර්ගේ ප්රදානය දිනා ඔහුගේ පෙම්වතිය බවට පත්වූවා ය. සීසර් විසින් පොතිනියස්ට දඬුවම් පමුණුවා VIIවන ක්ලියෝපැට්රාට නිල වශයෙන් සිහසුන හිමිකරදුන්නේ ය. නමුත් ඔහු කිසිදින නිල වශයෙන් XIIIවන ටොලමි සමග ඇගේ විවාහය කටුගා දැමූයේ නැත.
VIIවන ක්ලියෝපැට්රාව යළි සිහසුනෙන් නෙරපීමේ අරමුණින් යුතුව, XIIIවන ටොලමි IVවන ආර්සිනෝයි සමග සම්බන්ධ විය. VIIවන ක්ලියෝපැට්රාට පක්ෂපාතී හමුදාවට එරෙහිව ඔවුහු හවුලේ සේනා සංවිධානය කළහ. මෙම පාර්ශ්වයන් දෙක අතර යුද්ධය ක්‍රි.පූ. 48 දෙසැම්බර් මැද කාලයේ ඇලෙක්සැන්ඩ්‍රියාව තුළ සිදු විය. (ඇලෙක්සැන්ඩ්‍රියාව වටලෑම (ක්‍රි.පූ. 47)) මෙමගින් දැවැන්ත හානියක් සිදුවූ අතර, (ඇතැම් මූලාශ්‍ර අනුව) එහිදී ඇලෙක්සැන්ඩ්‍රියාවේ පුස්තකාලයට අයත් ඇතැම් ගොඩනැගිලි ගිනිබත් විය.
රෝම ආධාර පැමිණීමත් සමග නයිල්හි සටන (ක්‍රි.පූ. 47) ක්ලියෝපැට්රා සහ සීසර්ගේ පාර්ශ්වයට සුවිසල් ජයග්‍රහණයක් හිමිකළේ ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස XIIIවන ටොලමි නගරයෙන් පලාගියේ යත ක්‍රි.පූ, 47 ජනවාරි 13 දින නයිල් ගංගාව තරණයට උත්සාහ දැරීමේ දී XIIIවන ටොලමි දියේ ගිලී මරණයට පත්වූ බව වාර්තා වේ. ඔහු පලායන්නට උත්සාහ දැරුවේ ද, නැතහොත් ගිවිසුමකට උත්සාහ දැරූයේ ද යන්න පිළිබඳ මූලාශ්රවල තොරතුරු අවිනිශ්චිත ය. VIIවන ක්ලියෝපැට්රා ඊජිප්තුවේ අසහාය පාලකයා බවට පත්වූවා ය. නමුත් ඇය ඇගේ ලාබාල සොයුරා වූ ඊජිප්තුවේ XIVවන ටොලමි (ක්‍රි.පූ. 40) සිය නව සම-අනුරාජයා ලෙස නම්කළා ය.
ජනප්‍රිය සංස්කෘතිය තුළ
චලන චිත්‍රපටයක් වන ක්ලියෝපැට්රා (1963) තුළ ටොලමිගේ චරිතය නිරූපණය කරන්නේ රිචඩ් ඕ'සුලිවාන් විසිනි.
පෙළපත
- ටොලමිවරුන් අංකනය කිරීම නූතන සම්මුතියකි. ග්රීකවරුන් ඔවුන් වෙන්කර දැක්වූයේ විරුද නාමය (පටබැඳි නාමය) ආධාරයෙනි. මෙහි දක්වා ඇති අංකය වර්තමාන එකඟත්වය අනුව යෙදුණකි. නමුත් දහනවවන සියවසේ දී, පසුකාලීන ටොලමිවරුන් රාජ්‍ය කරන අයුරින් ගිණිය යුතු බවට වාදවිවාද ඇති විය. පැරණි මූලාශ්රවල අංකය එකක් අඩුවෙන් හෝ වැඩියෙන් දක්වා ඇති හෙයින්, දෙන ලද ටොලමිවරයකු හඳුනාගැනීමට භාවිත කළ හැකි විශ්වසනීයම ආකාරය විරුදය ආශ්‍රය කර ගැනීමයි.
- ප්ලූටාක්, ජුලියස් සීසර්ගේ දිවිය, 49:3.
- ටොලමි XIII තියොස් ෆිලොපේටර් මාහ්ලන් එච්. ස්මිත්ගේ ඓතිහාසික ප්‍රභව ග්‍රන්ථයේ සටහන
ටොලමි XIII තියොස් ෆිලොපේටර් උපත: ක්‍රි.පූ. 62 පමණ මරණය: ක්‍රි.පූ. 47 පමණ | ||
| රාජ පදවි නාමයන් | ||
|---|---|---|
| පූර්වප්‍රාප්තිකයා ටොලමි XII ඕලීට්ස් සහ ක්ලියෝපැට්රා VII | ඊජිප්තුවේ පාරාවෝ ක්‍රි.පූ. 51–47 පමණ ක්ලියෝපැට්රා VII සමග | අනුප්‍රාප්තික ක්ලියෝපැට්රා VII සහ ටොලමි XIV |
- Pages using ahnentafel with boxstyle
- Pages using ahnentafel with style
- Pages using ahnentafel with border
- ක්‍රි.පූ. 60 දශකයේ උපත්
- ක්‍රි.පූ. 40 දශකයේ මරණ
- ටොලමියානු රාජවංශයේ පාරාවෝවරු
- ක්ලියෝපැට්රා
- දියේ ගිලී සිදුවූ මරණ
- ළමා වියේ මියගිය පාලකයින්
- පුරාතන ළමා රාජ්‍ය පාලකයෝ
- ක්‍රි.පූ. 1වන සියවසේ ග්‍රීක ජනයා
- ක්‍රි.පූ. 1වන සියවසේ අප්‍රිකානු පාලකයින්
- ඊජිප්තුවේ ක්‍රි.පූ. 1වන සියවස