සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

(මෙහි ඇතුළත්ර සමහරක් කොටස් විවිධ මත අනුව කුඩා වෙනස්‌කම් ඇතුළත් විය හැකිය) රන්මසු උයන (හෝ මගුල් උයන) ශ්‍රී ලංකාවේ ඉසුරුමුණි විහාරයට ආසන්නව ඇති පෞරාණික ජල උයනකි.

රන්මසු උයන

  • මුල් පිටුව
  • රන්මසු උයන

(මෙහි ඇතුළත්ර සමහරක් කොටස් විවිධ මත අනුව කුඩා වෙනස්‌කම් ඇතුළත් විය හැකිය) රන්මසු උයන (හෝ මගුල් උයන) ශ්‍රී ලංකාවේ ඉසුරුමුණි විහාරයට ආසන්නව ඇති පෞරාණික ජල උයනකි. අක්කර 40 ක පමණ භූමි භාගයක පැතිරී ඇති මෙම උද්‍යානය, ලක්දිව අතීත උද්‍යාන කලාව සහ සියුම් ජල කළමණාකරණ තාක්ෂණය විදහා දක්වන අද්විතීය නිර්මාණයක් ලෙස සැළකේ.

රන්මසු උයනේ වූ පොකුණක්

එහි පිහිටි ගල් පර්වත හා ගල් පුවරු යොදාගනිමින් ඉදිකිරීම් සිදු කොට ඇති මෙහි අලංකාර පොකුණු, ස්නානාගාර යනාදී උද්‍යානයක දැකගත හැකි සියළුම අංගෝපාංගයන් දැකගත හැකි වේ. මෙම උයනේ පොකුණු වලට ජලය ගෙන යන ගඩොලින් තැනූ ඇල මාර්ග අදටත් නොනැසී පවතී.

ස්වභාවික පරිසරයේ අපූර්වත්වය තීව්ර කරමින් තම නිර්මාණ කුසලතාවය හා තාක්ෂණික ඥානය මෙහෙයවා පුරාණ හෙළයන් විසින් කරන ලද මාහැඟි උද්‍යාන අලංකරණයක් අනුරාධපුර ඉසුරුමුණියේ සිට මීටර් 200ක් පමණ උතුරු දෙසට පිය නැගූ විට හමුවේ. එය රන්මසු උයනයි.

මෙය රජවරුන්ගේ පරිහරණය සඳහා තැනූ බව පෙනේ. වසභ රජතුමාගේ කාලයේ අනුරාධපුර නගරයේ වන උයන් හා පොකුණු කරවා ඒවා පස් පියුමින් අලංකරණය කොට මසුන් හා හංසයන්ද ඇතිකළ බව මහාවංශ ගත්කරුවරුන් පවසයි. ස්ථානයේ බෑවුම් සහිත තත්ත්වය හා තිසා වැවේ ඉවුරේ ශාන්ත පරිසර තත්ත්වය සැලකිල්ලට ගෙන උයන සැලසුම් කර ඇත.

තිසා වැවෙන් ලබා ගත් ජලය උයන ඔස්සේ ක්‍රමානුකූලව ගලා යාමට නළ පද්ධතියක් ඉදි කර පොකුණු කිහිපයක්ද තනවා තිබේ. ග්‍රීෂ්ම කාලයට ගැලපෙන කුඩා එළිමහන් ගෙවල්, මණ්ඩප, ස්නානාගාර හා වැතිර සිටීම සඳහා ගල් යහන් ආදිය තනවා උයන ඉතා අලංකාරව පවත්වාගෙන ගොස් ඇත.

පටුන

ඉතිහාසය

මහමෙවුනා උයන සාංඝික කල පසු වෙනත් රාජකීය උයනක අනිවාර්ය වුවමනාව පැන නැගුණු බැවින් මහා විහාර භූමියට දකුණු දෙසින් රන්මසු උයන ඉදිකල බව බැවසෙයි. ක්‍රිස්තු වර්ෂ 3 වන සියවසේදී දේවානම්පියතිස්ස රජතුමා විසින් මෙම උද්‍යානය ඉදිකරන ලදී. ක්‍රිස්තු වර්ෂ 10 වන සියවසට අයත් සිව්වන මිහිදු රජුගේ වෙස්සගිරි සෙල්ලිපියේ රන්මසු උයන් ලෙස මෙම උද්‍යානය විස්තර කොට තිබේ.

වෙස්සගිරි සෙල්ලිපියෙහි විස්තර වන අන්දමට තිසා වැවේ ජලය ප්‍රධාන සොරොව්ව හරහා පළමුව රන්මසු උයන වෙත ගෙන එන අතර, එතැන සිට කෙළ ගෙයට (කදලී ගෘහ) උද්‍යානයේ පොකුණට (උයන් ගෙය) සහ මහනෙල් පොකුණට (මහනෙල් ගෙය) ටද ගෙනගොස් අවසානයේ ඉසුරුමුණි විහාරය අවට ඇති කුඹුරු වලට ගලා බසින බැව් කියවේ.

එ මෙන්ම දේවානම්පියතිස්ස රජ සමයේ සිට අනුරාධපුරයේ රජකළ රජවරුන්ගේ විනෝද උයන වූයේ රන්මුසු උයනයි. ලංකා ඉතිහාසයේ ප්‍රේම වෘතාන්තයක් වන්නේ සාලිය හා අශෝකමාලා පෙම් පුවතයි. දුටුගැමුණු රජතුමාගේ පුත් සාලිය කුමරු හට අශොකමාලාවන් හමුවූයේද මෙම උයනේ දී බව පැවසේ.

රන්මසු උයනේ රූප සහිත සංඛේත චක්‍රය

 
රන්මසු උයනේ රූප සහිත සංඛේත චක්‍රය

රන්මසු උයනට අයත් අංක 34 නම් ලෙනෙහි විශ්ව චක්‍රය ලෙස හඳුන්වනු ලබන රූප සහිත විශේෂ සංඛේත චක්‍රයක් දැකගත හැකිවේ. මීටර 1.8 ක පමණ විශ්කම්භයක වෘත්තයකින් යුතු මෙහි විවිධ ජ්‍යාමිතික හැඩතල හා සත්ව රූප දක්නට ලැබේ. වෘත්තයේ පිටත කොටසේ ජලජ සත්ව රූප පිහිනා යන අයුරින් දක්වා ඇත. එම සත්වයින් අතර මතස්‍යයින්, හක් බෙල්ලන්, කැස්බෑවන් හෝ ඉබ්බන්, කකුළුවා, මුහුදු අශ්වයා, මුහුදු සිංහයා හා දැල්ලෙකු යැයි සිතිය හැකි ජලජ ජීවීන් වේ.

මෙහි සටහන් වෘත්තය මධ්‍යයේ සම සතරැස් කොටුවක් තුළ වෘත්ත හතක් වේ. ඒ වටා විවිධ පරිමාවෙන් යුතු කොටු දක්වා තිබෙන අතර සෑම කොටුවක් මැද කිසියම් ජ්‍යාමිතික හැඩතලයක් බැගින් දැක්වේ. එම හැඩතල අතර කොටස් හතරකට බෙදන ලද කුඩා වෘත්ත කිහිපයක්ද, ඡත්‍රයකට සමාන සංඛේතද, හඳුනාගත නොහැකි හැඩතලද වේ.

මෙම චක්‍රයේ ඉහල කොටසේ පූර්ව බ්‍රාහ්මී අක්ෂරයෙන් සටහන්, පනති පනශ යනුවෙන් පාඨයක් වේ. එහි තේරුම පනස් තුනක් යන්න වේ. මේ චක්‍රයේ ඇති සත්ව රූප හා ජ්‍යාමිතික හැඩතල වල එකතුව එක සමාන වන අතර සත්ව රූප විස්ස හා ජ්‍යාමිතික හැඩතල තිස්තුනක එකතුවද පනස් තුනක් වේ. ඒ අනූව සෙල්ලිපියේ අන්තර්ගතය හා චක්‍ර සටහනේ එකතුවද එකිනෙක ගැලපෙයි.

චක්‍රය පිළිබඳ ඉදිරිපත්ව ඇති මත

  • එච්.සී.පී. බෙල්

මෙමගින් ලෝක ධර්මතාවය පිළිබඳ බෞද්ධ අර්ථයක් ඉස්මතු කෙරේ. මධ්‍යයේ දැකගත හැකි චතුරස්‍රය මැද පිහිටි වෘත්ත හත සප්ත මහා සාගරය ලෙසද, එහි ඇතුලත පිහිටි තිත මහාමේරුවද, අනෙකුත් සංඛේත මගින් හිරු හා සඳුද, ජලජ සත්වයන් මගින් ජලජ ලෝකයද නිරූපණය කරන බැව් පවසයි.

ඇතැම් විට මෙය ලෝකයේ පැරණිතම සිතියමක් බවටද අනුමාන කෙරේ.

  • සෙනරත් පරණවිතාන

එච්.සී.පී. බෙල් මහතාගේ අදහස අනුමත කරයි.

  • මාර්ටින් වික්‍රමසිංහ

මහායාන තාන්ත්‍රයානිකයින්ගේ යන්ත්‍රයක් බව පවසයි.

  • සෙනරත් දිසානායක

මෙම ලෙන ඉදිරිපිට කොටා ඇති ආසන හා සම්බන්ධ කර ගනිමින් චක්‍රය දෙස බලා එක්තරා අකාරයක භාවනාවක් සිදුවන්නට ඇති බව ප්‍රකාශ කරයි. සත්ව රූප හා ජ්‍යාමිතික රූප පනස් තුන ගණන් කරමින් මානසික ඒකාග්‍රතාවය වර්ධනය කිරීම වෙනුවෙන් වූ මානසික අභ්‍යාසයක යෙදීම මහි අදහස බැව් තව දුරටත් ප්‍රකාශ කරයි.

පුරාවිද්‍යා සංරක්ෂණය

කාලාන්තරයක් මුළුල්ලෙහි වනාන්තරයෙන් වැසී පැවති මෙම භූමිය ක්‍රිස්තු වර්ෂ 1901 දී එච්.සී.පී. බෙල් මහතා විසින් සොයාගන්නා ලදුව ක්‍රිස්තු වර්ෂ 1940දී එහි සංරක්ෂණ කටයුතු සිදු කරන ලදී. වර්ථමානයේ මෙය පුරාවිද්‍යා රක්ෂිත භූමියක් ලෙස ප්‍රකාශිතය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    උප ප්‍රදේශය

  • මාර්තු 22, 2026

    ථූපාරාමය

  • අප්‍රේල් 03, 2026

    රත්නපුර දිස්ත්‍රික්කය

  • අප්‍රේල් 05, 2026

    වෙබ් අඩවි

  • මාර්තු 11, 2026

    ශ්‍රී ලංකාවේ පළාත්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට