සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ගොල්ගි දේහ (ගොල්ගි සංකීර්ණ හා ගොල්ගි උපකරණය) යනු සූන්‍යෂ්ටික සෛලවල ඇති ඉන්ද්‍රිකාවකි. මෙය 1897දී කැමිලෝ ගොල්ගි නම් විද්‍යාඥයා විසින් මුල්වරට නිරීක්ෂණය කරන ලදී.

ගොල්ගි දේහ

  • මුල් පිටුව
  • ගොල්ගි දේහ

ගොල්ගි දේහ (ගොල්ගි සංකීර්ණ හා ගොල්ගි උපකරණය) යනු සූන්‍යෂ්ටික සෛලවල ඇති ඉන්ද්‍රිකාවකි. මෙය 1897දී කැමිලෝ ගොල්ගි නම් විද්‍යාඥයා විසින් මුල්වරට නිරීක්ෂණය කරන ලදී. සෛල ප්ලාස්මීය පූරකය තුළ, බොහෝවිට න්‍යෂ්ටිය ආශ්‍රිතව පිහිටයි.

සෙෙල ජීවවිද්‍යාව
සත්ව සෙෙලය
දර්ශීය සත්ව සෙෙලයක සංරචක:
  1. න්‍යෂ්ටිකාව
  2. න්‍යෂ්ටිය
  3. රයිබොසෝම (කුඩා තිත්)
  4. ආශයිකාව
  5. රළු අන්ත:ප්ලාස්මීය ජාලිකා
  6. ගොල්ගි දේහ
  7. සෙෙල සැකිල්ල
  8. සිනිඳු අන්ත:ප්ලාස්මීය ජාලිකා
  9. මයිටොකොන්ඩ්‍රියා
  10. රික්තක
  11. සෙෙයිටොසොලය (සෙෙල ප්ලාස්මයේ අඩංගු ඉන්ද්‍රයිකා විසිර ඇති තරලය)
  12. ලයිසොසෝම
  13. සෙන්ට්‍රොසෝම
  14. සෙෙල පටලය
ගොල්ගි දේහයක ඉලෙක්ට්‍රෝන අන්වීක්‍ෂීය ව්‍යුහය

ව්‍යුහය

ඒකක පටලයකින් වටවූ තරලයකින් පිරුණු කුහරමය පැතලි මඬලාකාර මඩි එකක් මත එකක් පිහිටීමෙන් ගොල්ගි දේහ සෑදී ඇත. එම මඩි අතර ක්‍ෂුද්‍ර නාලික සහ ක්‍ෂුද්‍ර සූතිකා පවතී. එමගින් ඊට ස්ථායිතාවයක් ලැබී ඇත. ප්‍රසාරණිත පර්යන්ත ආශයිකා නම් වේ. ගොල්ගි දේහ කීපයක එකතුව ගොල්ගි සංකීර්ණ නමින් හැඳින්වේ.

ගොල්ජි සංකීර්ණයේ උත්තල මහුනත හා අවතල මුහුණත ලෙස මුහුණත් දෙකක් පවතී.ඒවා සිස් මුහුණත හා ට්‍රාන්ස් මුහුණත ලෙසද හඳුන්වයි.සිස් මුහුණත රළු අන්ත:ප්ලාස්මීය දෙසට යොමු වෙමින් එයින් පැමිණෙන ආශයිකා ලබා ගන්නා අතර ඒවා ස්‍රාවී ආශයිකා අංකුර ලෙස පැණනැගී ට්‍රාන්ස් මුහුණතෙන් වෙනත් දිශාවකට ගමන් කරයි. ස්‍රාවී සෛලවල ගොල්ගි දේහ බහුලව දැකිය හැකිය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 07, 2026

    ජාග් ටීවී

  • අප්‍රේල් 22, 2026

    තිස්ස රජ

  • අප්‍රේල් 24, 2026

    Motion capture

  • අප්‍රේල් 04, 2026

    Andhra Pradesh

  • ජූනි 18, 2026

    ඉන්දුනීසියාවේ ජනාධිපතිවරයා

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට