සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

පියසේන කහඳගමගේ (1938-2003) සිංහල නවකතා රචකයෙක් සහ කවියෙකි. ශ්‍රී ලංකාවේ ගාල්ල නඟරයේ බද්දෙගම දී උපත ලැබූ ඔහු වෘත්තියෙන් ගුරුවරයෙකු වූ අතර සංගම් නායකයෙක් ද විය. 1

පියසේන කහඳගමගේ

  • මුල් පිටුව
  • පියසේන කහඳගමගේ

පියසේන කහඳගමගේ (1938-2003) සිංහල නවකතා රචකයෙක් සහ කවියෙකි. ශ්‍රී ලංකාවේ ගාල්ල නඟරයේ බද්දෙගම දී උපත ලැබූ ඔහු වෘත්තියෙන් ගුරුවරයෙකු වූ අතර සංගම් නායකයෙක් ද විය. 1977 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලයට පැමිණීමත් සමඟ ඔහු අම්පාර දිස්ත්‍රික්කයේ බිංතැන්න ග්‍රාමයට මාරු කර යවනු ලැබිණි. (ඔහුගේ දේශපාලන ක්‍රියාකාරකම්වලට දඬුවමක් වශයෙන්) ඔහුගේ බොහෝ නවකතා සඳහා ඔහු මෙම ප්‍රදේශය පදනම් කර ගත්තේය. 1980 මහා වැඩ වර්ජනයෙන් පසු ඔහුට සිය රැකියාව අහිමි විය. ඔහු දිවයින පුවත් පත සඳහා කොටස් වශයෙන් පළ කෙරෙන නවකතා සහ ලිපි බොහෝ ගණනක් ලිවීම ආරම්භ කළේය. ඔහුගේ බොහෝ කතා, ඔහු ජීවත් වූ සහ රැකියාව කළ දඹාන ප්‍රදේශය වටා ගොඩ නැඟී ඇත. ඔහු වැදි සංස්කෘතිය, භාෂාව සහ ශ්‍රී ලංකාවේ ගොවිතැන් ක්‍රම සම්බන්ධ ප්‍රබන්ධ නොවන බොහෝ කෘති රචනා කර ඇත. ඔහු විසින් වැද්දන් අතර ජීවත් වෙමින් ලැබූ අද්විතීය අත්දැකීම් ඇසුරින් ලියූ කෘති, ලෙනාඩ් වුල්‍ෆ් සහ මායා රන්ජන් වැනි ග්‍රාමීය සිංහල ජනයා සහ වැද්දන් පිළිබඳ ලියූ ලේඛකයන් කිහිපදෙනා අතරට ඔහු එක් කරයි. ඔහුගේ “වනගත චාරිකා” නැමැති කෘතිය තිලක් බාලසූරිය විසින් “Jungle Juants” නමින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර ඇත.පියසේන කහදගමගේ නම් වූ පුද්ගලයා මෙරට සාහිත්‍යයේ නව් පිටුවක් විය.ඔහුගෙන් සාහිත්‍යයට අති විශාල මෙහෙයක් සිදුවී ඇත..

කෘති

  • රන්වන් කරල්
  • බිංතැන්නේ ජනකවි
  • බිංතැන්නේ විත්ති
  • දකුණු පළාතේ කතා බහ
  • දිගාමඩුලු ජනවහර
  • ඉබේම නැළවියන් පුතේ (කාව්‍ය සංග්‍රහය, 1979)
  • ජනශ්‍රැතිය හා ජනතාව
  • කටක මහිම : කමත
  • කටක මහිම : කුඹුර
  • කටක මහිම : කෙම්පහන්
  • කොහොඹනේ වට්ට විදානේ
  • මා දුටු බිංතැන්න
  • නිමනායතේ අන්දරේ
  • පනාමුරේ ඇත් රාජා
  • ප්‍රාදේශීය ඇත් රජා
  • ප්‍රාදේශීය ව්‍යවහාර
  • වනගත චාරිකා
  • වන වදුලේ වසන්තය
  • වනේ ඇඳුනු පිය සටහන්
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 07, 2026

    Mesua ferrea

  • අප්‍රේල් 08, 2026

    ඊවා බ්‍රොන්

  • අප්‍රේල් 04, 2026

    North Macedonia

  • අප්‍රේල් 10, 2026

    Iවන විමලධර්මසුරිය රජ

  • අප්‍රේල් 11, 2026

    හන්තාන කඳුවැටිය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට