සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

නීල්ස් හෙන්රික් ඩේවිඩ් බෝර් (7 ඔක්තොම්බර් 1885 – 18 නොවැම්බර් 1962) යනු, පරමාණුක ව්‍යුහය සහ ක්වොන්ටම් වාදය අවබෝධ කරගැනුම සඳහා, ප්‍රතිෂ්ඨාපනීය දායකත්වයන් සැපයූ,

නීල්ස් බෝර්

  • මුල් පිටුව
  • නීල්ස් බෝර්


නීල්ස් හෙන්රික් ඩේවිඩ් බෝර් (7 ඔක්තොම්බර් 1885 – 18 නොවැම්බර් 1962) යනු, පරමාණුක ව්‍යුහය සහ ක්වොන්ටම් වාදය අවබෝධ කරගැනුම සඳහා, ප්‍රතිෂ්ඨාපනීය දායකත්වයන් සැපයූ, ඩෙන්මාර්ක ජාතික භෞතික විද්‍යාඥයෙක් වන අතර, එය සඳහා 1922 වසරෙහිදී, භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ඔහු වෙත ප්‍රදානය කෙරිණි. බෝර් දාර්ශනිකයෙකුද වූ අතර, විද්‍යාත්මක පර්යේෂණ සඳහා ප්‍රවර්ධකයෙකුද විය.

නීල්ස් බෝර්
Photograph showing the head and shoulders of a man in a suit and tie
1922 වසරෙහිදී බෝර්
උපත
නීල්ස් හෙන්රික් ඩේවිඩ් බෝර්

7 ඔක්තෝබර් 1885(1885-10-07)
කෝපන්හේගන්, ඩෙන්මාර්කය
මරණය18 නොවැම්බර් 1962(1962-11-18) (වයස 77)
කෝපන්හේගන්, ඩෙන්මාර්කය
උගත් ශාස්ත්‍රාලයකෝපන්හේගන් විශ්වවිද්‍යාලය
Scientific career
ක්ෂේත්‍රයභෞතික විද්‍යාව
ආයතන
  • කෝපන්හේගන් විශ්වවිද්‍යාලය
  • කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය
  • මැන්චෙස්ටර් වික්ටෝරියා විශ්වවිද්‍යාලය
ආචාර්ය උපදේශකක්‍රිස්ටියන් ක්‍රිස්ටියන්සන්
Other academic advisorsජේ. ජේ. තොම්සන්
අර්නස්ට් රදර්ෆර්ඩ්
ආචාර්ය සිසුන්හෙන්ඩ්‍රික් ඇන්තනී ක්‍රාමර්ස්

බෝර් විසින්, පරමාණුවේ බෝර් ආකෘතිය විකාසය කෙරුණු අතර, එහිදී ඔහු යෝජනා කලේ, ඉලෙක්ට්‍රෝනයන්ගේ ශක්ති මට්ටම් විවික්ත වන අතර, පරමාණුක න්‍යෂ්ටිය වටා ස්ථායි කක්ෂයන්හී ඉලෙක්ට්‍රෝන පරිභ්‍රමණය වන නමුදු, එක් ශක්ති මට්ටමක (හෝ කක්ෂයක) සිට අනෙකකට පැනීමට එයට හැකි බවයි. වෙනත් ආකෘති විසින්, බෝර් ආකෘතිය ප්‍රතිස්ථාපනය කර ඇති නමුදු, පාදකවු මූලධර්මය තවමත් වලංගුව පවතියි.

මුල් අවධිය

නීල්ස් හොන්රික් ඩේවිඩ් ‍‍බෝර්, 1885 ඩෙන්‍මාර්ක් හි කෝපන් හෙගන් නගරයේ උපත ලැබීය . ඔහුගේ පියා කොපන්නේගන් විශ්ව විද්‍යාලයේ කායික විද්‍යා මහාචාර්යවරයකි. මව ඔලන් ඇල් නම් වූවාය. ඔහු උපාධි ‍අ‍පේක්ෂකයකු හා වෛද්‍ය ශිෂ්‍යයෙකු වශයෙන් කොපන්හෙගන් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත්තේය. 1911 දි ඔහු ආචාර්ය උපාධිය ලබාගත්තේය. මැන්චෙස්ටර් සරසවියේ අර්නස්ට් රදෆොඩ් ආකෘතිය ඔහු ප්‍රකාශ කළේය. නීල් බෝහර්හට දරුවන් හය දෙනෙකි. ඒ අතරින් දෙදෙනෙක් තරුණ කාලයේ මියගියහ. සෙසු ළමයි ජීවිත සාර්ථක කර ගත්හ. 1916 දි නීල් බෝහර් කොපනේනගන් සරසවියේ මහාචාර්යවරයෙකු බවට පත්විය. 1920 දි ඔහු සිද්ධාන්තමය භෞතික විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂක ධූරයට පත්විය. ඔහුට භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගයද හිමිවිය. මැක්ස්ප්ලෑන්ක් හා බො‍හර් ඉන්ස්ටීන් අතර ‍බෝහර්ගේ සිද්ධාන්ත පිළිබඳ විවාද ඇතිවිය. 1943 දි ජර්මන් පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබීමට පෙර ඔහු ස්වීඩනයට ගියේය. අනතුරුව ලන්ඩනයට ගියේය.

පරමාණු පරීක්ෂණ

ඇමරිකාවේ අතිශය රහසිගත පරීක්ෂණාගාරයක් වන ‍ලොස් ඇල්මෝස්හි මෑන්හැට්න් ව්‍යාපෘතියේ ඔහු සේවය කළේය. ඔහුගේ කාර්යය වුයේ උපදේශනය සැපයීමයි. ඔහු පරමාණු පිළිබඳ සැළකිලිමත් විය. පරමාණු රහස් අන්තර් ජාතික විද්‍යාත්මක ප්‍රජාව අතර බෙදාගත යුතුය යන්න ඔහුගේ විශ්වාසය විය. ඔහු ඇමරිකානු ජනාධිපති ෆ්‍රැන්ක්ලින් රෝසවෙල්ට් හමු වී මෑන් හෑට්න් ව්‍යාපෘතිය රුසියානුවන් අතරේ බෙදාගත යුතු යැයි කියා සිටියේය. එහෙත් ජනාධිපති එය ප්‍රතික්ෂේප කළේය. 'කෝපන් හේගන්' සාමකාමී න්‍යෂ්ටික පරිභෝජනයට උපදෙස් දුන්නේය. ඔහුට ඩැනිෂ් රාජ්‍යයෙන් "order of the Elephant" සම්මානය පිරිනැමිණි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 09, 2026

    British Museum

  • මාර්තු 31, 2026

    බදුලු ටැම් ලිපිය

  • මාර්තු 24, 2026

    දර්ශනය

  • අප්‍රේල් 05, 2026

    වෙසක් මාසය

  • අප්‍රේල් 05, 2026

    උමා (දෙවඟන)

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට