සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

‍ටොලමි XIV (ග්‍රීක: Πτολεμαῖος, Ptolemaĩos, දිවිය ක්‍රි.පූ. 60/59–44; රාජ්‍ය සමය ක්‍රි.පූ. 47 –44) යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ XIIවන ටොලමි රජුගේ පුත්‍රයෙකි.

XIVවන ටොලමි

  • මුල් පිටුව
  • XIVවන ටොලමි

‍ටොලමි XIV (ග්‍රීක: Πτολεμαῖος, Ptolemaĩos, දිවිය ක්‍රි.පූ. 60/59–44; රාජ්‍ය සමය ක්‍රි.පූ. 47 –44) යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ XIIවන ටොලමි රජුගේ පුත්‍රයෙකි. එසේම ඔහු ඊජිප්තුවේ ටොලමියානු රාජවංශයේ අවසන් සාමාජිකයන් අතුරින් අයෙකි. සිය වැඩිමහල් සොයුරා වූ ඊජිප්තුවේ XIIIවන ටොලමිගේ මරණින් පසු ක්‍රි.පූ. 47 ජනවාරි 13 දින ඔහු පාරාවෝ ලෙස ප්‍රකාශ කෙරුණු අතර, ඔහු අනෙක් පාරාවෝ ලෙස ක්‍රියාකළ සිය වැඩිමහල් සොයුරිය වූ ඊජිප්තුවේ VIIවන ක්ලියෝපැට්රාගේ සම-අනුරාජයා ලෙස කටයුතු කළේ ය. ඔහු සහ ක්ලියෝපැට්රා විවාහ වුවත්, ක්ලියෝපැට්රා රෝම ආඥාපති ජූලියස් සීසර්ගේ පෙම්වතිය ද වූවා ය. ටොලමි විසින් රාජ්‍ය කළේ නාමිකව යැයි සැලකේ. සැබැවින්ම රාජාධිකාර බලය පැවතියේ ක්ලියෝපැට්රා සතුවයි. ක්‍රි.පූ. 44 මාර්තු 15 දින රෝමයේ දී මාකස් ජූනියස් බෲටස් සහ ගේයස් කැෂියස් ලොංගිනස් ඇතුළු කුමන්ත්‍රණකරුවන් පිරිසක් විසින් සීසර්ව ඝාතනය කරන ලදී. ඉන් මඳ කලකට පසු ටොලමි ද මියයන්නට ඇත. ක්‍රි.පූ. 44 ජූලි 26 දිනට අයත් ශිලාලේඛනයක ඔහු ජීවත්ව සිටි බව දක්වා ඇත. ක්ලියෝපැට්රා, සීසර්ට දාව උපන් සිය පුත්‍රයා වූ ටොලමි XV සිසේරියන් සිය සම-අනුරාජයා ලෙස පත්කරගැනීමේ අරමුණින් ඔහුව ඇකනයිට් ලබා දී ඝාතනය කළ බවට අදහසක් පැවතුණ ද, එය සනාථ වී නොමැත. ක්‍රි.පූ. 44 සැප්තැම්බර් 2 දින සිසේරියන්ව ඇගේ සම-අනුරාජයා ලෙස පත්කෙරිණි. ක්ලියෝපැට්රාගේ අදහස වූයේ ඔහුව ඔහුගේ පියාගේ අනුප්‍රාප්තිකයා ලෙස නම් කිරීමටයි.

XIVවන ටොලමි නිරූපිත රුවක්

පෙළපත

ඊජිප්තුවේ XIVවන ටොලමිගේ පූර්වජයින්
16. ටොලමි V එපිෆේනස්
8. ටොලමි VIII ෆිස්කන්
17. ඊජිප්තුවේ Iවන ක්ලියෝපැට්රා
4. ටොලමි IX ලැතිරොස්
18. ටොලමි VI ෆිලොමේටර් (අං. 8ගේ සොයුරා)
9. ඊජිප්තුවේ IIIවන ක්ලියෝපැට්රා
19. ඊජිප්තුවේ IIවන ක්ලියෝපැට්රා (අං. 8ගේ සොයුරිය)
2. ටොලමි XII ඕලීට්ස්
20. ටොලමි V එපිෆේනස් (=16)
10. ටොලමි VIII ෆිස්කන් (=8)
21. ඊජිප්තුවේ Iවන ක්ලියෝපැට්රා (=17)
5. ඊජිප්තුවේ IVවන ක්ලියෝපැට්රා
22. ‍ටොලමි VI ෆිලොමේටර් (=18)
11. ඊජිප්තුවේ IIIවන ක්ලියෝපැට්රා (=9)
23. ඊජිප්තුවේ IIවන ක්ලියෝපැට්රා (=19)
1. ටොලමි XIV
24. ටොලමි V එපිෆේනස් (=16)
12. ටොලමි VIII ෆිස්කන් (=8)
25. ඊජිප්තුවේ Iවන ක්ලියෝපැට්රා (=17)
6. ටොලමි X ඇලෙක්සැන්ඩර් I
26. ටොලමි VI ෆිලොමේටර් (=18)
13. ඊජිප්තුවේ IIIවන ක්ලියෝපැට්රා (=9)
27. ඊජිප්තුවේ IIවන ක්ලියෝපැට්රා (=19)
3. ක්ලියෝපැට්රා V ට්‍රිෆේනා
28. ටොලමි VIII ෆිස්කන් (=8)
14. ටොලමි IX ලැතිරොස් (=4)
29. ඊජිප්තුවේ IIIවන ක්ලියෝපැට්රා (=9)
7. බෙරෙනිස් III
30. ටොලමි VIII ෆිස්කන් (=8)
15. ක්ලියෝපැට්රා සෙලීන් I
31. ඊජිප්තුවේ IIIවන ක්ලියෝපැට්රා (=9)
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 26, 2026

    සම්පත් තෙන්නකෝන්

  • අප්‍රේල් 09, 2026

    නවම් මාසය

  • අප්‍රේල් 04, 2026

    East-West Schism

  • මැයි 17, 2026

    Southeast Asia

  • මැයි 26, 2026

    ජයවීර බණ්ඩාර

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට