සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

දර්ශන් ධර්මරාජ් (දෙමළ: தர்ஷன் தர்மராஜ், ඉංග්‍රීසි: Darshan Dharmaraj; 2 මාර්තු 1981 – 2 ඔක්තෝබර් 2022), යනු ශ්‍රී ලංකා සිනමාවේ, සහ රූපවාහිනියේ රංගන ශිල්පියෙකි.

දර්ශන් ධර්මරාජ්

  • මුල් පිටුව
  • දර්ශන් ධර්මරාජ්

දර්ශන් ධර්මරාජ් (දෙමළ: தர்ஷன் தர்மராஜ், ඉංග්‍රීසි: Darshan Dharmaraj; 2 මාර්තු 1981 – 2 ඔක්තෝබර් 2022), යනු ශ්‍රී ලංකා සිනමාවේ, සහ රූපවාහිනියේ රංගන ශිල්පියෙකි. ඔහු රූපවාහිනියට පළමුවෙන් පිවිසියේ සිඩ්නි චන්ද්‍රසේකරගේ "ඒ-නයින්" ටෙලි නාට්‍යය හරහාය. අශෝක හඳගම ගේ "ඉනි අවන්" (2012) චිත්‍රපටයේ හිටපු එල්ටීටීඊ සේවකයෙකු ලෙස ඔහු නිරූපණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ චිත්‍රපට උළෙල කිහිපයකදී හොඳම නළුවා සම්මානයෙන් පිදුම් ලැබීය.

දර්ශන් ධර්මරාජ්
தர்ஷன் தர்மராஜ்
උපත2 මාර්තු 1981(1981-03-02)
රක්වාන, ශ්‍රී ලංකාව
මරණය2 ඔක්තෝම්බර් 2022 (වයස 41)
කොළඹ, ශ්‍රී ලංකාව
අධ්‍යාපනයශාන්ත ජෝන් දෙමළ විද්‍යාලය, රක්වාන
වෘත්තියරංගන වෘත්තිය
සක්‍රීය වසර2008–2022 (වසර 14)
Spouseසුභාෂිනී
දරුවන්1
Awards2012 හොඳම චිත්‍රපට නළුවා

පටුන

පෞද්ගලික ජීවිතය

ධර්මරාජ් උපත ලැබුවේ රක්වාන නගරයේය. ඔහු ශාන්ත ජෝන් දෙමළ විද්‍යාලයෙන් අධ්‍යාපනය සම්පූර්ණ කළේය.

වෘත්තීය ජීවිතය

2008 දී, ධර්මරාජ් සිංහල පිටපත සඳහා තෝරාගනු ලැබුවේ සිඩ්නි චන්ද්‍රසේකරගේ රූපවාහිනී කතාමාලාවක් වන ඒ-නයින් විසිනි. ඔහු ඒ මොහොතේ සිංහල භාෂාව හසුරවා නොතිබුණද මාස තුනක් ඇතුළත සිංහල භාෂාව ඉගෙන ගත්තේය. ඔහු සිය සිනමා ජීවිතය ආරම්භ කළේ 2008 ප්‍රභාකරන් චිත්‍රපටියෙනි.

මරණය

ධර්මරාජ් හෘදයාබාධයකින් කොළඹ ජාතික රෝහලේ 2022 ඔක්තෝබර් 2 වන දින වයස අවුරුදු 41 දී මිය ගියේය.

චිත්‍රපටකරණය

වසර චිත්‍රපටිය භූමිකාව භාෂාව Notes
2008 ප්‍රභාකරන් කොටි නායකයා සිංහල
2008 මචං සුරේෂ් සිංහල
2009 ඉර හඳ යට කොටි සෙබළා සිංහල
2012 ඉනි අවන් අවන් දෙමළ
  • හොඳම නළුවා - දෙරණ ලක්ස් සිනමා සම්මාන (2013)
  • හොඳම නළුවා - හිරු රන් සිනමා සම්මාන (2014)
2012 මාතා යෝග සිංහල
2015 නෝ ඇඩ්‍රෙස් ගුබ්බයාමේ ගෝරිං Sinhala
2015 ස්පන්දන දර්ශන් සිංහල
2016 උලත් එකයි පිලත් එකයි කරාපිටියේ දර්ශන් සිංහල
2017 ආලෝකෝ උදපාදි දාඨිය සිංහල
2018 කෝමාලි කිංග්ස් මෝහන් දෙමළ
2018 පෝරිසාදයා කළු මහත්තයා සිංහල
2018 දැවෙන විහඟුන් සත්ව ඝාතනයා සිංහල
2020 සුනාමි සෙල්වම් සිංහල
2020 සුපර්ණා ආයෝ 433 සිංහල
2021 කවුරුත් දන්නේ නෑ සිංහලa
TBD ආකර්ෂා රඝු සිංහල
TBD බාඳුරා සිංහල
TBD ඇඩ්වෙන්චර්ස් ඔෆ් රිකී ඩීන් රියදුරු සිංහල
TBD මොනර විලක් සිංහල
TBD ජීවා සිංහල
TBD පාස්පෝට්
TBD හවුස් ඔෆ් මයි ෆාදර්ස් බහුභාෂා
TBD මරියා සිංහල
TBD නඩු අංක 447 සිංහල
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 08, 2026

    අග්ගඤ්ඤ සූත්‍රය

  • මාර්තු 22, 2026

    රනිල් වික්‍රමසිංහ

  • අප්‍රේල් 05, 2026

    අරාබි භාෂාව

  • අප්‍රේල් 06, 2026

    Common Era

  • අප්‍රේල් 07, 2026

    වේදිකා නාට්‍ය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට