ආලෝකෝ උදපාදි (පාලි: आलोको उदपादि ; පාලි බසින් आलोको उदपादि (ආලෝකෝ උදපාදි) යන්නෙහි අර්ථය "ආලෝකය උදාවිය") යනු ප්‍රදර්ශනය කල සිංහල චිත්‍රපටයකි. එයට පදනම් ව ඇත්තේ අනුරාධපුරයේ රජකම් කළ වළගම්බා රජුගේ කතාව යි. චත්‍ර වීරමන් අධ්‍යක්ෂණයෙන් ද තුසිත විජයසේන නිෂ්පාදනයෙන් ද දායක වන මෙම චිත්‍රපටය සියවස් ගණනක් පුරා මුඛ පරම්පරාගත ව පැවතගෙන ආ බුද්ධ භාෂිතය ගැටුම් පිරි අවධියක දී ග්‍රන්ථාරූඪ වන ආකාරය වටා ගෙතී ඇත.
| ආලෝකෝ උදපාදි Light Arose | |
|---|---|
![]() | |
| අධ්‍යක්ෂණය | චත්‍ර වීරමන් |
| රචනය | සමන් වීරමන් |
| තිර රචනය | සමන් වීරමන් |
| නිශ්පාදනය | තුසිත විජයසේන |
| රංගන ශිල්පීන් |
|
| සිනෙමාරූපණය | ප්‍රභාත් රොෂාන් |
| රට | ශ්‍රී ලංකාව |
| භාෂාව | සිංහල |
රංගනය
- උද්ධික ප්‍රේමරත්න - වළගම්බා රජතුමා
- නිරෝෂා තලගල
- නිහාල් ප්‍රනාන්දු
- ඩග්ලස් රණසිංහ
- දිල්හානි ඒකනායක
- මෞලි මතීෂ
- නයන මනුජිත
- දිනෙන් ද සිල්වා - උත්තිය සෙනෙවි
- අජිත් කුමාර
- රොෂාන් රවීන්ද්‍ර
- කපිල සිගේරා
- දිලිප් මනෝහර
- ක්ලීටස් මෙන්ඩිස්
- මේනකා පීරිස්
- ඩබ්ලිව් ජයසිරි - ගිරි නිගණ්ඨයා
- බුද්ධදාස විතානාරච්චි
- ජනක් ප්‍රේමලාල්
- දර්ශන් ධර්මරාජ්
