සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කඩදොර විහාරය කොත්මලේ ජලාශය ඉදිකිරීමේදී ඊට යටවී ගිය විහාරයක් වේ. ජලාශය සිඳී යන අවස්ථාවන්හීදී විහාරයේ බුදු පිළිමය, මල් ආසනය, දේව පිළිම කිහිපයක් සහ බුදුගෙට ඇතුළුවන

කඩදොර විහාරය

  • මුල් පිටුව
  • කඩදොර විහාරය

කඩදොර විහාරය කොත්මලේ ජලාශය ඉදිකිරීමේදී ඊට යටවී ගිය විහාරයක් වේ. ජලාශය සිඳී යන අවස්ථාවන්හීදී විහාරයේ බුදු පිළිමය, මල් ආසනය, දේව පිළිම කිහිපයක් සහ බුදුගෙට ඇතුළුවන ස්ථානයේ මකර තොරණේ් නටඹුන් කිහිපයක් දැකගත හැකිවේ.

කඩදොර විහාරයේ බුද්ධ ප්‍රතිමාව
ජලාශයේ ජලය සිඳුනු අවස්ථාවකදී (2010)

වර්ෂාව අධික සමයේදී කොත්මලා ඔයේ ජල කඳ පිටාර යාම නිසා, කඩදොර හා ඒ ආශ්‍රිත ප්‍රදේශය අතීතයේදී ගංවතුරෙන් යටවූ බව පැවසෙයි. මෙම ගංවතුර හටගැනීම වලක්වා ගැනීමේ පිළියමක් ලෙස 1950 සමයේ සිට මෙම ප්‍රදේශයේ වේල්ලක් තැනීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබූ අතර, 1970 වසරේ පෙබරවාරි 28 වන දින ඇරඹි මහවැලි සංවර්ධන වැඩසටහනේ කඩිනම් වැඩපිළිවෙල යටතේ 1979 වසරේදී මෙම ප්‍රදේශයේ කොත්මලේ ජලාශයේ වැඩකටයුතු ආරම්භ කර 1985 වසරේදී විවෘත කරන ලදී. කොත්මලේ ජලාශය ඉදිකිරීමේදී කඩදොර කන්ද හා තිස්පනේ කන්ද පාමුල තිබූ ගම් පනස් හතක් සහ පන්සල් පනස් හතරක් ඊට යටව ගිය බව සඳහන් වෙයි.

කඩදොර විහාරය හැරුණු කොට, ඕතලාව පන්සල, තිස්පනේ චෛත්‍යය (මැද්දේගම පන්සල) යනාදී විහාරයන්ද කොත්මලේ ජලාශයට යටවී තිබේ.

කොත්මලේ ජලාශය නිසා යටවී ගිය පූජා ස්ථාන සිහිපත් කිරීම වෙනුවෙන්, 1983 මාර්තු 20 දිනදී මහවැලි මහා සෑය ඉදිකිරීම ගාමිණී දිසානායක මහතා විසින් අරඹන ලදී.

ආශ්‍රිත

  1. සංරක්ෂිත පිටපත, http://www.silumina.lk/2010/05/02/_art.asp?fn=av1005029, ප්‍රතිෂ්ඨාපනය 2014-11-13 
  2. http://www.lakehouse.lk/budusarana/2010/05/13/main_editorial.asp සංරක්ෂණය කළ පිටපත 2015-07-03 at the Wayback Machine වාපී ශිෂ්ටාචාරය නො හැඳිනීම
  3. http://www.dinamina.lk/2012/06/27/_art.asp?p=1&fn=n1206277[permanent dead link] කොත්මලෙන් විදුලිය තව දින 5කට පමණයි
  4. http://www.elakiri.lk/forum/showthread.php?t=1457404[permanent dead link]
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 20, 2026

    අජිත් කුමාර්

  • අප්‍රේල් 07, 2026

    කැළණිය විශ්වවිද්‍යාලය

  • අප්‍රේල් 28, 2026

    ප්‍රතිභාරකාර නීතිය

  • අප්‍රේල් 09, 2026

    දකුණු පළාත

  • අප්‍රේල් 05, 2026

    Sede vacante

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට