සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ජූනියස් රිචඩ් ජයවර්ධන ( ජේ.ආර්. ජයවර්ධන ) ( 1906 සැප්තැම්බර් 17 - 1996 නොවැම්බර් 1 ) සාමාජිකයන් 11 දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලාය.ඔහුගේ පියා ඉයුජින් විල්ෆ්‍රඩ්

ජේ.ආර්. ජයවර්ධන

  • මුල් පිටුව
  • ජේ.ආර්. ජයවර්ධන

ජූනියස් රිචඩ් ජයවර්ධන ( ජේ.ආර්. ජයවර්ධන ) ( 1906 සැප්තැම්බර් 17 - 1996 නොවැම්බර් 1 ) සාමාජිකයන් 11 දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලාය.ඔහුගේ පියා ඉයුජින් විල්ෆ්‍රඩ් ජයවර්ධන නම් විනිසුරුවරයායි.කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඔහු පාසල් ක්‍රිකට් කණ්ඩායමේත්,1925 දී ශාන්ත තෝමස් විද්‍යාලය හා රාජකීය විද්‍යාලය අතර පැවති විවාද කණ්ඩායමේත සිටියේය.තරුණ වියට පත් ඔහු ක්‍රිස්තු ආගම අතහැර බුද්ධාගම වැළඳ ගත්තේය. ජේ.ආර්. ජයවර්ධන වෘත්තියෙන් නීතීඥවරයෙකු වූයේය.1938 දී ලංකා ජාතික කොන්ග්‍රසයෙහි ක්‍රියාකාරයකු ලෙස ද කටයුතු කළේය.වර්ෂ 1940 දී එහි සමලේකම් ධූරයට පත් වූ අතර, 1943 දී රාජ්‍ය සභාවේ කොළනිල් ව්‍යවස්ථාවට තේරිපත් විණි. ඔහු වර්ෂ1946 දී එක්සත් ජාතික පක්ෂයේ ආරම්භ වන විට ඊට එක්වුවේය.1943 රටේ පළමු කැබිනෙට් මණ්ඩලයෙහි මුදල් අමාත්‍යවරයා බවට පත් වූවේය.ඒ අනුව ඩී.එස්.සේනානායක ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ලෙස අයවැය සමතුලිත කිරීමට වෙර දැරූ අතර 1953 දී සහනාධාර කප්පාදුවට යෝජනා ක‍ළේය.මේ හේතුවෙන් හර්තාල් ව්‍යාපාරයක් දියත් වූ බැවින් එය නවතා දැමීමට ඔහුට සිදුවිය. එමෙන්ම මොහු ශ්‍රීමත් එඩ්වින් විජයරත්න ගේ මුලිකත්වයෙන් ජාතික ගීය නිර්මාණය කිරීම සදහා පත්කළ කමිටුවේ සාමාජිකයෙක් විය. 1950 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‍යේ බලපෑම හමුවේ ජේ.ආර්. ජයවර්ධන යූ.එන්.පී.යද ජාතිකත්වයට තල්ලු කළේය.මොහු විසින් සිංහල පමණි පනත ගෙන ඒමෙන් රටේ සුළු ජාතිකයින් ඊට විරුද්ධ විය. 1973 දී ඩඩ්ලි සේනානායක මහතාගේ අභාවයෙන් ඔහු එක්සත් ජාතික පක්ෂ නායකයා බවට පත්විය. 1977 මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකාවේ අගමැතිවරයා බවට පත් වූ අතර ඉන්පසු ජාතික ව්‍යාවස්ථාවක් මඟින් විධායක ජනාධිපති ක්‍රමය ඇති කළේය. 1978, පළමු විධායක ජනාධිපති වූ අතර නීති සම්පාදක අගනුවර වන කොළඹ, ජයවර්ධනපුර‍ට ගෙන යන ලදි. 1977 කෝලාහලයෙන් පසු රජය ප්‍රමිති කරණ පනත මඟින් ද්‍රවිඩයන් හා එකඟ වුයේ සරසවි වරම පිළිබඳවයි.මොහු වර්ධනය වන දෙමළ සටන්කාමී කණ්ඩායම් පිළිබඳව විමසිලිමත් වූ අතර, 1979 ත්‍රස්තවාදය වැළැක්වීම් පනත ගෙන ආවේ ය. 1979 එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයෙන් පසු 1983 පාර්ලිමේන්තු මැතිවරණය අහෝසි කර, 1977 පාර්ලිමේන්තුව, 1989 තෙක් දීර්ඝ කිරීමේ ඡන්ද විමසීමක් පැවැත්වූවේය. යුද්ධයෙන් උතුරේ ප්‍රදේශ බොහොමයක් එල්.ටී.ටී.ඊ. තුස්තවාදීන් අත්පත් කර ගත්හ. මෙම ගැටුම් හමුවේ ඉන්දියානු රජය හුවමාරු විසඳුමකට තල්ලු කළේය. ජයවර්ධන හා රජිව් ගාන්ධි අතර ඇති වු ඉන්දු ශ්‍රි ලංකා ගිවිසුමෙන් පසු ඉන්දියානු සාම සාධක හමුදාව උතුරේ රැදවා ද්‍රවිඩ පාලන ප්‍රදේශවල බලය ඔවුනට පැවරීය . මෙම ගිවිසුමට එල්.ටී.ටී.ය එකඟ නොවු අතර සිංහල ජාතිකයින් විදේශ හමුදා මෙහි රැදී සිටිනවාට අකමැති වූහ.එ අතර, ජනතා විමුක්ති පෙරමුණ විසින් කැරැල්ලක් නිර්මාණය කළේය. ජේ.ආර්. ජයවර්ධන 1989 වර්ෂයේ දී දේශපාලනයෙන් විශ්‍රාම ගත්තේය.

අතිගරු
ජේ. ආර්. ජයවර්ධන
ஜே.ஆர்.ஜெயவர்தன
J.R. Jayawardena
ශ්‍රී ලංකාවේ දෙවන ජනාධිපති
තනතුර දරමින්
පෙබරවාරි 4 1978 – ජනවාරි 2, 1989
පූර්වප්‍රාප්තිකයාවිලියම් ගොපල්ලව
අනුප්‍රාප්තිකයාරණසිංහ ප්‍රේමදාස
ශ්‍රී ලංකාවේ දසවන අගමැති
තනතුර දරමින්
23 ජූලි 1977 – පෙබරවාරි 4 1978
ජනාධිපතිවරයාවිලියම් ගොපල්ලව
පූර්වප්‍රාප්තිකයාසිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක
අනුප්‍රාප්තිකයාරණසිංහ ප්‍රේමදාස
නොබැඳි-ජාතීන්ගේ සංවිධානයෙහි සයවන මහ ලේකම් (6වන නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්)
තනතුර දරමින්
1978 පෙබරවාරි 4 – 1979 සැප්තැම්බර් 9
පූර්වප්‍රාප්තිකයාවිලියම් ගොපල්ලව
පුද්ගලික තොරතුරු
උපත1906 සැප්තැම්බර් 17
කොළඹ,ශ්‍රි ලංකාව
විපතනොවැම්බර් 1, 1996(1996-11-01) (වයස 90)
දේශපාලන පක්ෂයඑක්සත් ජාතික පක්ෂය
කලත්‍රයාඑලිනා ජයවර්ධන

ආශ්‍රිත ලිපි

  • ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු
  • ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ලයිස්තුව
  • ශ්‍රී ලංකාවේ දේශපාලන පවුල්
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    අක්ෂර ක්‍රම

  • අප්‍රේල් 05, 2026

    Pavo (ගණය)

  • මාර්තු 22, 2026

    ආවර්තිතා වගුව

  • අප්‍රේල් 04, 2026

    නව වසර

  • අප්‍රේල් 04, 2026

    පරමාණුක ක්‍රමාංකය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට