සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

දසුන් පතිරණ (උපත 1985 ජූලි 26), යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙක් හා නිරූපණ ශිල්පියෙකි. ඔහු ප්‍රධාන චරිතයක හොඳම නළුවා ලෙස Indie Fest 2014

දසුන් පතිරණ

  • මුල් පිටුව
  • දසුන් පතිරණ

දසුන් පතිරණ (උපත 1985 ජූලි 26), යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙක් හා නිරූපණ ශිල්පියෙකි. ඔහු ප්‍රධාන චරිතයක හොඳම නළුවා ලෙස Indie Fest 2014 හි සම්මානයක් දිනා ගත්තේය. ඔහු 2018 වසරේ ප්‍රථම සරසවිය සම්මානය ලබා ගත්තේය.

දසුන් පතිරණ
Dasun Pathirana
උපත26 ජූලි 1985 (1985-07-26) (වයස 40)
අධ්‍යාපනයකොලඹ කේරි විද්‍යාලය
වෘත්තියsනළුවා, නිරූපණ ශිල්පියෙක්
සක්‍රීය වසර2002–වර්තමාන
Spouseනදීෂා හංසි දිසානායක
දරුවන්ශයියා ලිලී
ශායා ලිලී
Awardsහොඳම නළුවා

පටුන

පෞද්ගලික ජීවිතය

1985 ජූලි 26 උපන් පතිරණ කොලඹ කේරි විද්‍යාලයෙන් අධ්‍යාපනය සම්පූර්ණ කලේය. ඔහුට එක් බාල සොහොයුරියක් සිටින අතර ඇය 1996 දී උපත ලැබුවාය.

දසුන්ගේ සහකරු නදීෂා හංසි දිසානායක වන අතර ඔවුන්ගේ ආදර කතාව වසර හතරක් තිස්සේ මාධ්‍යයට රහසක්ව තිබුණා. ඔවුන් දෙදෙනාට 2018 වසරේ උපන් ශයියා ලිලී පතිරණ සහ 2019 වසරේ උපන් ෂයා ලිලී පතිරණ ලෙස දියණියන් දෙදෙනෙක් සිටිති.

වෘත්තීය ජීවිතය

පතිරණ සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ 2002 දී වයස අවුරුදු 17 දී ය. 2004 දී පතිරණ මහේන්ද්‍ර පෙරේරාගේ රංගන සහ නාට්‍ය ඇකඩමියට ඇතුළත් විය. 2013 දී "අහසින් වැටුනා" ටෙලි නාට්‍යයේ රංගනය වෙනුවෙන් ඔහුට හොඳම නැගීඑන නළුවාට හිමි සම්මානය හිමි විය.

2014 දී, ඔහු නවවන වාර්ෂික සියැටල් දකුණු ආසියානු චිත්‍රපට උළෙල සහ BFI Flare LGBT චිත්‍රපට උළෙලේ තිරගත වූ සයපෙති කුසුම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කලේය. ඔහුගේ රංගනයට විචාරකයින්ගෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබුණි. එම චරිතය වෙනුවෙන් 2017 දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය පතිරණ ලබා ගත්තේය. 2015 දී ඔහු SAARC චිත්‍රපට උළෙලේ හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂණය සම්මාන දිනාගත් මෝටර් බයිසිකල් හි ප්‍රධාන චරිතය රඟපෑවේය. මෙම චිත්‍රපටය 2015 වසරේ දෙරණ චිත්‍රපට සම්මාන උළෙලේදී "හෙට දවසේ සිනමාව" සම්මානය ද දිනා ගත්තේය. ඔහු බොහෝ සංගීත වීඩියෝ වල රඟ පෑ අතර 2016 දෙරණ සංගීත සම්මාන උළෙලේ වීඩියෝ සම්මානයකදී හොඳම නළුවා ලෙස සම්මාන දිනා ගත්තේය.

රූපවාහිනී කතා මාලා

  • අඩෝ
  • A/L ඉවරයි
  • ගිරිදේවි
  • මෙගා
  • සත් පියවරු
  • පැරිසියට පාර කියන්න
  • පිනි බිංදු
  • මායා පටල
  • ස්ටාර් හිස්තැනක්
  • මගේ ආදර අවනඩුව
  • සඳ විනිවිද
  • තාත්තා
  • ත්‍රිලෝකා
  • තණමල්විල කොල්ලෙක්

චිත්‍රපටකරණය

වසර චිත්‍රපටය භූමිකාව Ref.
2008 හාර්ට් එෆ්.එම්. කුඩා චරිතයක්
2010 හව් අයි වොන්ඩර් වට් යූ ආර්
2015 මාතා ලකී
2016 මෝටර් බයිසිකල් රංගන
2016 සයපෙති කුසුම සරත්
2017 [[නිනෝ ලයිව් නිශාන්ත
2018 දැවෙන විහඟුන් බස් රියදුරා
2019  හුස්ම කුමාර
TBD ගජමෑන්
TBD කන්දක් සේමා
TBD ත්‍රී ඩයරීස්
TBD චාඔ (කෙටි චිත්‍රපටය)
TBD ඇඩ්වෙන්චර්ස් ඔෆ් රිකී ඩීන් කෝපාවිෂ්ට නළුවා
TBD  ඉක්කා සිනමා තරුව
TBD ට්‍රේන් ‍ටු කැන්ඩි
TBD  හවුස් ඔෆ් මයි ෆාදර්ස්
TBD සහෝ
TBD මන්කි මෑන්
TBD ආයු
TBD මරියා

සම්මාන

ඔහු දේශීය වේදිකා නාට්‍ය, සිනමා සහ රූපවාහිනී උත්සවවලදී සම්මාන කිහිපයක් දිනා ඇත.

ඉන්ඩි ෆෙස්ට්

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2014 නාට්‍යයේ රංගනය හොඳම නළුවා දිනාගති

දෙරණ සිනමා සම්මාන උළෙල

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2017 සයපෙති කුසුම හොඳම නළුවා දිනාගති

සිග්නිස් සිනමා සම්මාන

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2017 මෝටර් බයිසිකල් හොඳම නළුවා දිනාගති

සාර්ක් සිනමා උළෙල

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2017 මෝටර් බයිසිකල් හොඳම නළුවා දිනාගති

සරසවිය සම්මාන උළෙල

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2016 මෝටර් බයිසිකල් හොඳම නළුවා දිනාගති

හිරු ගෝල්ඩන් ෆිල්ම් සම්මාන

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2018 මෝටර් බයිසිකල් හොඳම නළුවා දිනාගති

රයිගම් ටෙලීස්

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2013 අහසින් වැටුනා හොඳම නළුවා දිනාගති

සුමති සම්මාන

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2019 තාත්තා හොඳම සහය නළුවා දිනාගති
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 08, 2026

    ප්‍රාග් න්‍යෂ්ටික

  • අප්‍රේල් 05, 2026

    ප්‍රේමසිරි කේමදාස

  • අප්‍රේල් 04, 2026

    Ancient Rome

  • අප්‍රේල් 10, 2026

    සංකේතය (රසායනික මූලද්‍රව්‍යය)

  • අප්‍රේල් 07, 2026

    උපරිගමන් මංගල්‍යය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට