සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

මහම් අංගා (මරණය 1562) යනුවෙන් හැඳින්වෙන්නේ මූඝල් අධිරාජ අක්බර්ගේ කිරි මවයි. බොහෝ අවස්ථාවල ඇය ඔහුගේ හදාගත් මව ලෙස ද සැලකෙන්නේ, අක්බර්ගේ ළමා අවධියේ බොහෝ අවස්ථාවල

මහම් අංගා

විකිපීඩියා වෙතින්
මහම් අංගාගේ පුත්‍රයා වූ ආදම් ඛාන්ගේ විවාහය; අක්බර්නාම 1590-1595. අක්බර්ට මඳක් පහළින් අසුන්ගෙන සිටීම තුළින් රාජ මාලිගය තුළ මහම් අංගාට හිමිව තිබූ තත්ත්වය පැහැදිළි වේ.
ආදම් ඛාන්ගේ සොහොන්ගැබ; මෙය ඔහුගේ මව වූ මහම් අංගාගේ ද සොහොන ලෙස භාවිතා විය. මෙහ්රෞලි, දිල්ලි.
මහම් අංගා විසින් ඉදිකරන ලද ඛයිරුල් මනාසිල් මස්ජිදය; මෙය දිල්ලියේ පුරාණා ක්විලාවට මුහුණලා ඉදිකොට තිබේ.

මහම් අංගා (මරණය 1562) යනුවෙන් හැඳින්වෙන්නේ මූඝල් අධිරාජ අක්බර්ගේ කිරි මවයි. බොහෝ අවස්ථාවල ඇය ඔහුගේ හදාගත් මව ලෙස ද සැලකෙන්නේ, අක්බර්ගේ ළමා අවධියේ බොහෝ අවස්ථාවල ඔහුගේ සැබෑ මව වූ හමීඩා බානු බෙගම් රාජ්‍යයෙන් බැහැරව වාසය කිරීමයි. එකල ඔහුගේ පියා වූ හුමායුන්ව පිටුවහල් කොට තිබිණි. මේ නිසා මහම් අංගා ළමා අක්බර් තමන්ගේම දරුවකු මෙන් හදාවඩා ගත්තා ය. 1560දී බයිරම් ඛාන්ව ඉවත් කළ සමයේ සිට 1562 අක්බර් පූර්ණ බලය හිමි කරගන්නා තෙක්, එනම් ඇගේ මරණයට මඳ කලකට පෙර දක්වා මූඝල් අධිරාජ්‍යයේ සැබෑ අනුරාජයා වූයේ ඇයයි.

ඇතැම් ඉතිහාසඥයින් විසින් මෙම යුගය "යට ගවුම් ආණ්ඩු සමයයක්" ලෙස හඳුන්වන්නේ බයිරම් ඛාන්ගේ මරණින් පසු 'හදාගත් මවගේ කණ්ඩායම' විසින් අක්බර්ව රූකඩා පාලකයකු ලෙස තබා ගැනීමට උත්සාහ ගත් නිසායි. විකල්ප මතයක් වන්නේ රාජ්‍යාධිකාරී සමය බයිරම් ඛාන්ගේ පාලන සමයයට තරම් පීඩාකාරී නොවූ බවයි. එසේම 1564-7 අතර කාලයේ අක්බර්ගේ උස්බෙක් වංශවතුන්ගේ කැරැල්ල මෙන් මෙම පාලන සමය නිමාවන විට විශාල හානියක් ද ඇති වූයේ නැත.

මහම් අංගා යනු ආදම් ඛාන්ගේ මෑණියන් ය.අක්බර්ගේ හදාගත් සොයුරා වූ ආදම්, අක්බර්ගේ ප්‍රියතම සෙන්පතියකු වූ ෂම්ස්-උද්-දීන්, අතාගා ඛාන් ඝාතනය කිරීම හේතුවෙන් දරුණු ලෙස මරණ දඬුවමට ලක්කෙරුණේ තරුණ අධිරාජයාගේ අතින්ම ය. 1562 මැයි මස සිදුවූ මෙම මරණ දඬුවම ඇයට බෙහෙවින් බලපෑවේ ය. මෙම පුවත ඇයට සැලසූ විට ඇය විසින් අක්බර්ට ඔබ එය නිවැරදිව සිදු කළා යැයි පැවසූ බව ප්‍රකට ය. නමුත් ඉන් මඳ කලකට පසු ඇය ද මරණයට පත් විය.

ඇගේ සොහොන්ගැබ සහ ඇගේ පුත්‍රයාගේ සොහොන්ගැබ ආදම් ඛාන්ගේ සොහොන්ගැබ ලෙස ප්‍රචලිත ය. මෙය අක්බර් විසින් ඉදිකරන ලද්දකි. මෙහි ඇති වංකගිරියක ස්වභාවය ගත් ව්‍යූහය නිසා එය භූල්-බුලයියාන් ලෙස ජනයා අතර ප්‍රසිද්ධ විය. මෙය පිහිටියේ මෙහ්රෞලියේ කුතුබ් මිනාරයට උතුරු දෙසිනි.

ඛයිරුල් මනාසිල්

නව දිල්ලියේ ඛයිරුල් මනාසිල් සොහොන්ගැබ ඇතුළත දර්ශනයක්

ක්‍රි.ව. 1561දී මහම් අංගා විසින් 'ඛයිරුල් මනාසිල්' නැමැති මස්ජිදයක් ඉදිකොට ඇත. මූඝල් ගෘහනිර්මාණ ශිල්පය අනුව නිර්මිත මෙය පසුකලෙක මදර්සාවක් ලෙස භාවිතයට ගැනිණි. වර්තමානයේ මෙම මස්ජිදය දිල්ලියේ පුරාණා ක්විලාහි මථුරා මාර්ගයේ ෂේර් ෂා දොරටුවට ගිනිකොන දෙසින් පිහිටා ඇත.

දඩයමේ නිරතවී පැමිණ නිසාමුද්දීන් දර්ගා වෙත ගමන් කරමින් සිටි අක්බර්ව මරන්නට තැත් කළේ ඇගේ යටතේ සිටි වහලකු විසිනි. නමුත් ඔහු විදි ඊතලය වැදුණේ රජුගේ පරිවාර සෙබලකුට ය.

පවුල් දිවිය

මහම් අංගා යනු බාබර්ගේ භාර්යාව වූ මුබ්රිකා බෙගම්ගේ දියණියකි. අංගා හට පුත්‍රයින් සිව්දෙනකු සහ එක් දියණියක විය. ඔවුන් නම් ආදම් ඛාන්, මුස්තාෆ් ඛාන්, ෂාම්ෂෙද් ඛාන් සහ මූනිම් ඛාන් ය. ඇගේ දියණියව හුමායුන්හට විවාහ කරදෙන ලදී.[තහවුරු කර නොමැත]

ඉහළට