සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

විධාන් සභා (හින්දි: विधान सभा) හෝ, ව්‍යවස්ථාදායක සභාව යනු, ඉන්දියාවේ විවිධ ප්‍රාන්තයන්හී පළාත් (ප්‍රාන්ත) ව්‍යවස්ථාදායකයන්හී පහළ මන්ත්‍රී මණ්ඩලය (ද්වි මණ්ඩල සහි

විධාන් සභා

  • මුල් පිටුව
  • විධාන් සභා

විධාන් සභා (හින්දි: विधान सभा) හෝ, ව්‍යවස්ථාදායක සභාව යනු, ඉන්දියාවේ විවිධ ප්‍රාන්තයන්හී පළාත් (ප්‍රාන්ත) ව්‍යවස්ථාදායකයන්හී පහළ මන්ත්‍රී මණ්ඩලය (ද්වි මණ්ඩල සහිත ප්‍රාන්තයන්හී) හෝ එකම මන්ත්‍රී මණ්ඩලය (ඒක මණ්ඩල ප්‍රාන්තයන්හී) වෙයි. දිල්ලිය සහ පුදුචෙරි සංගම බලප්‍රදේශයන් දෙකෙහී, ව්‍යවස්ථාදායකයන්හී පහළ මන්ත්‍රී මණ්ඩල සඳහාද, මෙම නාමයම භාවිතා කෙරෙයි. ද්වි මණ්ඩල ව්‍යවස්ථාදායකයක් සහිත ප්‍රාන්ත සයෙහි උත්තර මන්ත්‍රී මණ්ඩලය හැඳින්වෙන්නේ, ව්‍යවස්ථාදායක සභාව හෝ, විධාන් පරිෂාද් ලෙසිනි. විධාන් සභාවක මන්ත්‍රීවරුන්, කිසියම් ප්‍රාන්තයක ජනතාවගේ සෘජු නියෝජිතයන් වන්නේ, එම ප්‍රාන්තයෙහි වයස අවුරුදු 18 ඉක්මවන සියළු පුරවැසියන් වෙතින් සමන්විත ඡන්දදායක කොට්ඨාශයක් විසින්, ඔවුන් සෘජු ලෙසින් තෝරා පක් කරගනු ලබන හෙයිනි. ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි සටහන් කර දක්වන පරිදී, එහි උපරිම ප්‍රමාණය මන්ත්‍රීවරුන් 500 කට නොවැඩි විය යුතු අතර මන්ත්‍රීවරුන් 60 කට නොඅඩු විය යුතුයි. කෙසේවෙතත්, ගෝවා, සික්කිම්, මිසෝරම් යන ප්‍රාන්තයන්හී මෙන්ම පුදුචෙරි සංගම බලප්‍රදේශයෙහිද, විධාන් සභා විශාලත්වය මන්ත්‍රීවරුන් 60 කට අඩු ප්‍රමාණයක් විය හැක්කේ, පාර්ලිමේන්තු පණතක් අනුසාරයෙනි. නිදසුන් වශයෙන් ඉංග්‍රීසි-ඉන්දියානු ප්‍රජාව දැක්විය හැකි සුළුතරයන්, ප්‍රමාණවත් අයුරින් සභාව තුල නියෝජනය නොවන බවක් ඔහුට පෙනී යයි නම්, ඒවා නියෝජනය වන පරිදී එක් මන්ත්‍රීවරයෙකු පත් කිරීමේ බලය, ආණ්ඩුකාරවරයා සතු වෙයි. විධාන් සභා වෙතට, තෝරා පත් කර ගනු ලැබුනු හෝ (ආණ්ඩුකාරවරුන් විසින්) පත් කරනු ලැබුනු හෝ පුද්ගලයින්, ව්‍යවස්ථාදායක සභාවෙහි මන්ත්‍රීවරුන් ලෙසින් හැඳින්වෙති.

එක් එක් විධාන් සභාව වසර-පහක කාලසීමාවක ක්‍රියාත්මක වීම බලාපොරොත්තු වන අතර, ඉන්පසුව එය මැතිවරණයකට මුහුණදිය යුතුව ඇත. හදිසි නීතියක් පවතින අවස්ථාවක් තුලදී, එහි ධුර කාලසීමාව, වසර පහකින් ඔබ්බට දීර්ඝ කිරීම හෝ එය විසුරුවාහැරීම හෝ සිදු කල හැකි වෙයි. ව්‍යවස්ථාදායක සභාවක ධුර කාලසීමාව වසර පහක් වෙයි. එනමුදු, මහ ඇමතිගේ ඉල්ලීම පරිදී, ආණ්ඩුකාරවරයා විසින් එය වසර පහකට පෙර විසුරුවාහැරිය හැක. හදිසි නීතියක් පවතින අවස්ථාවකදී, ව්‍යවස්ථාදායක සභාවක ධූර කාලසීමාව දීර්ඝ කල හැකි වුවද, එක් වරකට මාස හයක උපරිමයකට යටත් වෙයි. බහුතර පක්ෂය හෝ සන්ධානයට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් එය තුල සම්මත වුවහොත් එය විසුරුවාහැරිය හැක.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 23, 2026

    කිරීටක කෝඨරකය

  • අප්‍රේල් 16, 2026

    Ananda College

  • අප්‍රේල් 13, 2026

    ටොලමයික රාජවංශය

  • ජූනි 12, 2026

    සරත් අඹේපිටිය

  • අප්‍රේල් 23, 2026

    ඉතාලි ජාතිකයෝ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට