සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

බෙන්ජමින් "බිබී" නෙතනියාහු ( උපත 21 ඔක්තොම්බර් 1949) යනු, 2022 දෙසැම්බර් මස සිට ඊශ්‍රායෙලයෙහි අග්‍රාමාත්‍යවරයා තනතුර හොබවන සහ මෙම තනතුර පූර්වයෙහිදී 1996 වසරෙහි

Benjamin Netanyahu

  • මුල් පිටුව
  • Benjamin Netanyahu

බෙන්ජමින් "බිබී" නෙතනියාහු ( උපත 21 ඔක්තොම්බර් 1949) යනු, 2022 දෙසැම්බර් මස සිට ඊශ්‍රායෙලයෙහි අග්‍රාමාත්‍යවරයා තනතුර හොබවන සහ මෙම තනතුර පූර්වයෙහිදී 1996 වසරෙහි සිට 1999 වසර දක්වාත් යළිත් 2009 වසරෙහි සිට 2021 වසර දක්වාත් හෙබවූ ඊශ්‍රායෙල දේශපාලනඥයෙකි. ඔහු ලිකුඩ් පක්ෂයෙහි සභාපතිවරයා වෙයි. රටෙහි ඉතිහාසයෙහි ඉතා දිගු කලක් අග්‍රාමාත්‍ය තනතුර හොබවා ඇති නෙතනියාහු මුළු අවුරුදු 15 කට වඩා එම තනතුරෙහි සේවය කර ඇත. ඊශ්‍රායෙලය විසින් නිදහස ප්‍රකාශ කිරීමෙන් පසුව ඊශ්‍රායෙලයෙහි උපත ලබා ඇති පළමු අග්‍රාමාත්‍යවරයාද ඔහුම වෙයි..

බෙන්ජමින් නෙතනියාහු
බෙන්ජමින් නෙතනියාහු
בִּנְיָמִין נְתַנְיָהוּ
2023 වසරෙහි නිල ඡායාරූපය
9වන ඊශ්‍රායෙලයෙහි අග්‍රාමාත්‍යවරයා
තනතුරුධාරී
තනතුර දරමින්
29 දෙසැම්බර් 2022 (2022-12-29)
ජනාධිපතිවරයාඅයිසෙක් හර්සෝග්
පූර්වප්‍රාප්තිකයායඉර් ලපීඩ්
තනතුර දරමින්
31 මාර්තු 2009 (2009-03-31) – 13 ජුනි 2021 (2021-06-13)
ජනාධිපතිවරයාෂිමොන් පෙරෙස්
රෙවුවෙන් රිව්ලින්
විකල්පබෙනී ගාන්ට්ස් (2020–21)
පූර්වප්‍රාප්තිකයාඑහුඩ් ඔල්මට්
අනුප්‍රාප්තිකයානෆ්තාලි බෙනට්
තනතුර දරමින්
18 ජුනි 1996 (1996-06-18) – 6 ජූලි 1999 (1999-07-06)
ජනාධිපතිවරයාඑසර් වයිස්මාන්
පූර්වප්‍රාප්තිකයාෂිමොන් පෙරෙස්
අනුප්‍රාප්තිකයාඑහූඩ් බරක්
විපක්ෂ නායකවරයා
තනතුර දරමින්
28 ජූනි 2021 – 29 දෙසැම්බර් 2022
අග්‍රාමාත්‍යවරයානෆ්තාලි බෙනට්
යයිර් ලපීඩ්
පූර්වප්‍රාප්තිකයායයිර් ලපීඩ්
අනුප්‍රාප්තිකයායයිර් ලපීඩ්
තනතුර දරමින්
16 ජනවාරි 2006 – 31 මාර්තු 2009
අග්‍රාමාත්‍යවරයාඑහුඩ් ඔල්මට්
පූර්වප්‍රාප්තිකයාඅමීර් පෙරෙට්ස්
අනුප්‍රාප්තිකයාට්සිපි ලිවිනි
තනතුර දරමින්
3 පෙබරවාරි 1993 – 18 ජූනි 1996
අග්‍රාමාත්‍යවරයායිට්සාක් රබීන්
ෂිමොන් පෙරෙස්
පූර්වප්‍රාප්තිකයායිට්සාක් ෂමීර්
අනුප්‍රාප්තිකයාෂිමොන් පෙරෙස්
ලිකුඩ් පක්ෂයෙහි සභාපතිවරයා
තනතුරුධාරී
තනතුර දරමින්
20 දෙසැම්බර් 2005 (2005-12-20)
පූර්වප්‍රාප්තිකයාඅරියෙල් ෂැරෝන්
තනතුර දරමින්
3 පෙබරවාරි 1993 (1993-02-03) – 6 ජූලි 1999 (1999-07-06)
පූර්වප්‍රාප්තිකයායිට්සාක් ෂමීර්
අනුප්‍රාප්තිකයාඅරියෙල් ෂැරෝන්
ඊශ්‍රායෙලය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ 7වන ස්ථීර නියෝජිත
තනතුර දරමින්
සැප්තැම්බර් 1984 (1984-09) – මාර්තු 1988 (1988-03)
අග්‍රාමාත්‍යවරයායිට්සාක් ෂමීර්
ෂිමොන් පෙරෙස්
යිට්සාක් ෂමීර්
පූර්වප්‍රාප්තිකයායෙහුඩා බ්ලුම්
අනුප්‍රාප්තිකයායොහනන් බයින්
අමාත්‍ය පදවි
1996–1997 විද්‍යාව සහ තාක්ෂණය
1996–1999නිවාස සහ ඉදිකිරීම්
2002–2003 විදේශ කටයුතු
2003–2005මුදල්
2009–2013
  • ආර්ථික උපායමාර්ගය
  • සෞඛ්‍ය
  • විශ්‍රාමික කටයුතු
2012–2013 විදේශ කටයුතු
2013
  • විදේශ කටයුතු
  • ජෙරුසලෙම සහ විසිරණය කටයුතු
පුද්ගලික තොරතුරු
උපත21 ඔක්තෝබර් 1949 (1949-10-21) (වයස 76)
ටෙල් අවීව්, ඊශ්‍රායෙලය
දේශපාලන පක්ෂයලිකුඩ්
කලත්‍රයාs
මීරියම් වැයිස්මාන්
​
​
(m. 1972; div. 1978)​
ෆ්ලර් ගේට්ස්
​
​
(m. 1981; div. 1984)​
සාරා බෙන්-ආට්සි
​
(m. 1991)​
ළමයි3, යයීර් ඇතුළු
දෙමාපියබෙන්සියන් නෙතනියාහු
ඥාතීන්
  • නේදන් මිලියොක්වාස්කි (සීයා)
  • යොනතන් නෙතනියාහු (සොහොයුරා)
  • ඉද්දෝ නෙතනියාහු (සොහොයුරා)
  • එලීසා නෙතනියාහු (මාමා)
  • නේදන් නෙතනියාහු (ඥාති සොයුරු)
උගත් ශාස්ත්‍රාලය
  • තාක්ෂණය පිළිබඳ මැසචූසට්ස් ආයතනය (BS, MS)
  • හාවඩ් විශ්වවිද්‍යාලය (PhD, ඉවත් විය)
රැකියාව
  • දේශපාලනඥයා
  • තානාපතිවරයා
  • ලේඛකයා
වෘත්තියආර්ථික උපදේශකවරයා, ප්‍රවර්ධන විධායකවරයා
කැබිනට් මණ්ඩලය
  • 27
  • 32
  • 33
  • 34
  • 35
  • 37
අත්සන
වෙබ් අඩවියnetanyahu.org.il Edit this at Wikidata
අන්වර්ථ නාමයබිබී
Military service
ශාඛාව/සේවාවIsrael Defense Forces
සේවා කාලය1967–1973
නිලයසෙරෙන් (කපිතාන්)
ඒකකයසෙයියාට් මට්කාල්
සටන්/ යුද්ධ
  • අඛණ්ඩ ප්‍රහාර යුද්ධය
  • යොම් කිපුර් යුද්ධය

ඓහිකවාදී යුදෙව් දෙමව්පියන්ට දාව ටෙල් අවීව් හිදී උපන් නෙතනියාහු, ඇති දැඩි වූයේ ජෙරුසලෙමෙහි සහ විටෙක, එක්සත් ජනපදයෙහි ෆිලඩෙල්ෆියා, පෙන්සිල්වේනියා හිදීය. 1967 වසරෙහිදී ඔහු යළි ඊශ්‍රායෙලයට පැමිණියේ ඊශ්‍රායෙල ආරක්ෂක හමුදා වෙත එක් වීමටය. සෙයියාට් මට්කාල් විශේෂ බලකායෙහි කණ්ඩායම් නායකයෙක්වූ ඔහු මෙහෙයුම් කිහිපයකට සහභාගී වී කපිතාන් නිලය දක්වා උසස් වීම් ලැබුයේ ගෞරවාන්විතව සේවයෙන් මුදවීම ලැබීමට පෙරය.තාක්ෂණය පිළිබඳ මැසචූසට්ස් ආයතනය වෙතින් උපාධි ලැබීමෙන් පසුව, බොස්ටන් උපදේශක කණ්ඩායම සඳහා ආර්ථික උපදේශකයෙක් බවට නෙතනියාහු පත්විය. 1978 වසරෙහිදී ඔහු යළි ඊශ්‍රායෙලයට පැමිණි යොනතන් නෙතනියාහු ත්‍රස්ත-විරෝධී ආයතනය ඇරඹීය. 1984 සිට 1988 දක්වා, නෙතනියාහු ඊශ්‍රායෙලය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ස්ථීර නියෝජිත විය. නෙතනියාහු ප්‍රමුඛත්වයට නැඟුනේ 1993 වසරෙහිදී ලිකුඩ් පක්ෂයෙහි සභාපති ලෙසින් තේරී පත්වී, එනයින් විපක්ෂ නායක තනතුරට පත්වීමෙන් අනතුරුවය. 1996 මැතිවරණයෙහිදී, නෙතනියාහු විසින් ෂිමොන් පෙරෙස් පරදවා, ජනප්‍රිය ඡන්න්දයෙන් සෘජුව තේරී පත්වූ පළමුවන ඊශ්‍රායෙල අග්‍රාමාත්‍යවරයා මෙන්ම එහි ලාබාලතමයාද බවට පත්විය. තනි වාරයක් සේවය කිරීමෙන් පසුව, නෙතන්යාහු සහ ලිකුඩ් 1999 මැතිවරනයේදී එහුඩ් බරක්ගේ වන් ඊශ්‍රායල් පක්ෂය විසින් දැඩි ලෙස පරාජයට පත් කරන ලදී; නෙතන්යාහු දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම විශ්‍රාම ගැනීමට තීරණය කළ අතර පෞද්ගලික අංශයට ඇතුළු විය. වසර කිහිපයකට පසු, ලිකුඩ් සභාපති ලෙස ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ඒරියල් ෂැරන් අගමැති වීමෙන් පසුව, නෙතන්යාහු නැවත දේශපාලනයට පැමිණීමට ඒත්තු ගැන්වූ අතර විදේශ කටයුතු අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. මුදල් අමාත්‍යවරයා ලෙස නෙතන්යාහු ඊශ්‍රායල ආර්ථිකයේ ප්‍රධාන ප්‍රතිසංස්කරණ ආරම්භ කළ අතර ඒවා ඊශ්‍රායලයේ පසුකාලීන ආර්ථික ක්‍රියාකාරිත්වය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කළ බවට විචාරකයින් විසින් ගෞරවයට පාත්‍ර විය. නෙතන්යාහු පසුව ෂැරොන් සමඟ ගැටී, ගාසා තීරයෙන් ඉවත් කිරීමේ සැලැස්ම සම්බන්ධයෙන් ඇති වූ එකඟ නොවීම් මත ඉල්ලා අස්විය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 10, 2026

    ජනාධිපතිවරු - ශ්‍රී ලංකා

  • අප්‍රේල් 07, 2026

    දස පණත්

  • අප්‍රේල් 17, 2026

    ඉස්ලාමීය අධ්‍යාපනය

  • අප්‍රේල් 06, 2026

    දසමහා යෝධයෝ

  • අප්‍රේල් 03, 2026

    ශිශ්න මුණ්ඩය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට