සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ගාමිණී කුලවංශ ලොකුගේ, (ඉංග්‍රීසි: Gamini Lokuge; 1943 මැයි 8 - 2025 ජූනි 30), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වෙයි.

ගාමිණී ලොකුගේ

  • මුල් පිටුව
  • ගාමිණී ලොකුගේ

ගාමිණී කුලවංශ ලොකුගේ, (ඉංග්‍රීසි: Gamini Lokuge; 1943 මැයි 8 - 2025 ජූනි 30), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වෙයි.

ගරු
ගාමිණී ලොකුගේ
Gamini Lokuge
2019 වසරෙහි ගාමිණී ලොකුගේ මහතා
බලශක්ති අමාත්‍ය
තනතුර දරමින්
2022 මාර්තු 3 – 2022 අප්‍රේල් 3
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාඋදය ගම්මන්පිල
අනුප්‍රාප්තිකයාකංචන විජේසේකර
විදුලිබල අමාත්‍ය
තනතුර දරමින්
2021 අගෝස්තු 16 – 2022 මාර්තු 3
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාඩලස් අලහප්පෙරුම
අනුප්‍රාප්තිකයාපවිත්‍රා වන්නිආරච්චි
ප්‍රවාහන අමාත්‍ය
තනතුර දරමින්
2020 අගෝස්තු 12 – 2021 අගෝස්තු 16
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාමහින්ද අමරවීර
අනුප්‍රාප්තිකයාපවිත්‍රා වන්නිආරච්චි
නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
2019 නොවැම්බර් 27 – 2020 අගෝස්තු 12
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
අමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
අනුප්‍රාප්තිකයානාලක ගොඩහේවා
කම්කරු අමාත්‍ය
තනතුර දරමින්
2018 නොවැම්බර් 9 – 2018 දෙසැම්බර් 15
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
Deputyමනූෂ නානායක්කාර
පූර්වප්‍රාප්තිකයාරවීන්ද්‍ර සමරවීර
අනුප්‍රාප්තිකයාදයා ගමගේ
තනතුර දරමින්
2010 අප්‍රේල් 23 – 2015 ජනවාරි 12
ජනාධිපතිවරයාමහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාදි.මු. ජයරත්න
පූර්වප්‍රාප්තිකයාඅතාවුද සෙනෙවිරත්න
අනුප්‍රාප්තිකයාඑස්. බී. නාවින්න
ක්‍රීඩා හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍ය
තනතුර දරමින්
2007 ජනවාරි 28 – 2010 අප්‍රේල් 23
ජනාධිපතිවරයාමහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාරත්නසිරි වික්‍රමනායක
පූර්වප්‍රාප්තිකයාජීවන් කුමාරණතුංග
අනුප්‍රාප්තිකයාසී. බී. රත්නායක
සංචාරක අමාත්‍ය
තනතුර දරමින්
2001 දෙසැම්බර් 12 – 2004 අප්‍රේල් 8
ජනාධිපතිවරයාචන්ද්‍රිකා කුමාරතුංග
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
පූර්වප්‍රාප්තිකයාලක්ෂ්මන් කිරිඇල්ල
අනුප්‍රාප්තිකයාඅනුර බණ්ඩාරනායක
පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකාව
තනතුර දරමින්
1989 මාර්තු 9 – 2024 සැප්තැම්බර් 24
ඡන්ද කොට්ඨාසයකොළඹ දිස්ත්‍රික්කය
තනතුර දරමින්
1983 මැයි 18 – 1988 දෙසැම්බර් 20
පූර්වප්‍රාප්තිකයාධර්මසේන ආටිගල
ඡන්ද කොට්ඨාසයකැස්බෑව
බහුතරය27,821
පුද්ගලික තොරතුරු
උපත
ගාමිණී කුලවංශ ලොකුගේ

8 මැයි 1943(1943-05-08)
පිළියන්දල, බ්‍රිතාන්‍ය ලංකාව
(දැන් ශ්‍රී ලංකාව)
විපත30 ජූනි 2025(2025-06-30) (වයස 82)
කොළඹ, ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (2019–2025)
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය (2019–2022)
එක්සත් ජනතා නිදහස් සන්ධානය (2007–2019)
එක්සත් ජාතික පක්ෂය (1960–2007)
උගත් ශාස්ත්‍රාලයආනන්ද ශාස්ත්‍රාලය, කෝට්ටේ
රැකියාවදේශපාලනඥ
වෘත්තියව්‍යාපාරික

පටුන

ළමා අවධිය

ලොකුගේ 1943 මැයි 8 වැනිදා පිළියන්දලදී මධ්‍යම පාන්තික දෙමාපියන්ට දාව උපත ලැබීය. ප්‍රාථමික අධ්‍යාපනය පිළියන්දල දී ලැබූ ඔහු උසස් අධ්‍යාපනය හැදෑරුවේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙනි.

දේශපාලන ජීවිතය

ගාමිණී ලොකුගේ මහතා දේශපාලනයට පිවිසියේ 1960 දී එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු ලෙසය. ඔහු ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ 1983දී කැස්බෑව ආසනයේ පැවති අතුරු මැතිවරණයකදීය. එම ඡන්ද විමසීමේදී ඡන්ද 27,821 ක ජනවරමක් ලැබූ ඒ මහතා, කෑස්බෑව මන්ත්‍රීවරයකු ලෙස ඔහු එම ආසනය නගර සංවර්ධනය වෙනුවෙන් පෙනී සිටි බවට ප්‍රසිද්ධ විය. 1989දී එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් සංචාරක රාජ්‍ය අමාත්‍ය ධුරය ගාමිණී ලොකුගේ මහතාට පිරිනමන ලදී. 1994 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලැබූ පරාජයෙන් පසු, ඔහු විපක්ෂයේ අසුන්වල අසුන් ගැනීමට සිදුවිය.

2001 මහ මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂය සාර්ථකව ආණ්ඩු බලය ලබා ගැනීමේ පසුබිම තුළ, එවක ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ගාමිණී ලොකුගේ මහතා සංචාරක අමාත්‍ය ධුරයට පත් කළේය.

2006දී ඒ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වී එවක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට එක්විය. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ඔහු ප්‍රබල තනතුරු කිහිපයක් හෙබවීය. 2007 ජනවාරි මාසයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගාමිණී ලොකුගේ මහතා ක්‍රීඩා හා පොදු විනෝදාස්වාද අමාත්‍ය ධුරයට පත් කළ අතර 2010දී ඔහුගේ විෂය කම්කරු අමාත්‍යවරයා බවට වෙනස් වුණි. 2015 ජනාධිපතිවරණය තෙක් ඒ මහතා එම තනතුර දැරීය. ඔහු 2010 සහ 2015 දී නැවත තේරී පත් විය. 2019 නොවැම්බර් 27 වන දින ඔහු නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී. 2020 අගෝස්තු 12 වන දින ඔහු ප්‍රවාහන කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී. ලොකුගේ 2020 පෙබරවාරි මාසයේදී ව්‍යවස්ථාදායක ස්ථාවර කමිටුවට පත් කරන ලදී.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 11, 2026

    ආලේලූයා සෙනසුරාදා

  • මාර්තු 22, 2026

    හින්දු ධර්මය

  • අප්‍රේල් 11, 2026

    ද ටයිම්ස්

  • මාර්තු 18, 2026

    රබින්ද්‍රනාත් තාගෝර්

  • අප්‍රේල් 10, 2026

    ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩින්ස්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට