සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

බටහිර රෝම අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පසු බොහෝ රාජ්‍ය රෝමයේ උරුමකරුවන් වීමට උත්සාහ කළහ. ඉන් පළමුවැන්න බයිසැන්තියානු අධිරාජ්‍යයි. (පසුකාලීනව නැගෙනහිර රෝම අධිරාජ්‍යය

රෝම අධිරාජ්‍ය

  • මුල් පිටුව
  • රෝම අධිරාජ්‍ය
මෙම ලිපිය හෝ ලිපි කොටස රෝම අධිරාජ්‍යය සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය)

බටහිර රෝම අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පසු බොහෝ රාජ්‍ය රෝමයේ උරුමකරුවන් වීමට උත්සාහ කළහ. ඉන් පළමුවැන්න බයිසැන්තියානු අධිරාජ්‍යයි. (පසුකාලීනව නැගෙනහිර රෝම අධිරාජ්‍යය ලෙස මෙය හඳුන්වන ලදී.* ඉන්පසුව ශුද්ධ වූ රෝම අධිරාජ්‍යයයි. මෙය ස්ථාපනය කරන ලද්දේ වර්ෂ 800දී පමණ ,,, වන ලියෝ පාප්තුමා විසින් නත්තල් දින චාලිමේන් රජුට කිරුළු පැළඳවීම මගිනි. එහෙත්, දශක ගණනාවක් යන තෙක් මෙය විΩධිමත් ලෙස අධිරාජ්‍යයක් ලෙස පිළිනොගැණුනි. කොන්ස්තන්තිනෝපලය බිඳ වැටීමෙන් පසු බයිසැන්තියානු අධිරාජ්‍යයේ ඕතොඩොක්ස් ක‍්‍රිස්තියානි සම්ප‍්‍රදායට උරුමකම් කියූ රුසියානු සාඩම් :ඔි්රාදප* අධිරාජ්‍යය, තමා තුන්වන රෝමය යයි හඳුන්වා ගත්තේය. කොන්ස්තන්තිනෝපල 1453 දී යටත් කරගත් ඔටෝමන් අධිරාජ්‍යයකු වූ ,, වන මෙහමද් තමා රෝම අධිරාජ්‍යයකු බව ප‍්‍රකාශ කිරීමෙන් නොනැවතී, ‘අධිරාජ්‍යය යළි එක්සේසත් කිරීමේ’ අරමුණින් ඉතාලිය ආක‍්‍රමණය කළේය. එහෙත්, 1480 දී ඔට‍්‍රැන්ටෝ හිදී පැපල් හා නැපොලිමාන් හමුදාවන් විසින් ඔහුව නවත්වනු ලැබීය. කොන්සතන්තිනෝපලය 1930 මාර්තු 28 වන තෙක් ඉස්තාන්බුල් ලෙස නම් කර නොතිබුණි.

ලෝකයේ භාවිතා වන රෝමානු භාෂාවන්; නිල් - ප්‍රංශ, කොළ - ස්පාඤ්ඤ, තැඹිලි - පෘතුග්‍රීසි, කහ - ඉතාලි,රතු - රුමෙනියානු
ලතින් හෝඩිය ලෝකයේ ව්‍යාප්තිය

මෙම උරුමකම් ඉල්ලීම් පසෙක තැබුවහොත්, රෝමය නිල වශයෙන් ක‍්‍රි:පූ: 753 සිට 1461 ටෙ‍්‍රබිසොන්ඞ් අධිරාජ්‍යය බිඳ වැටෙන තෙක් වසර 2214ක් පැවතුණි. (ටෙ‍්‍රබිසොන්ඞ් අධිරාජ්‍යය බයිසැන්තියානු අධිරාජ්‍යයෙන් බිඳී ආවකි.* එහෙත්, බටහිර හා නැගෙනහිර ශිෂ්ටාචාර තුළ රෝම බලපෑම තවමත් පවතී. රෝම ජයග‍්‍රහණ හා සොයා ගැනිම් පසු කාලීන ශිෂ්ටාචාර තුළ ද අනුගමය කෙරිණි. නිදසුනක් ලෙස සිමෙන්ති නිෂ්පාදන තාක්ෂණය 1755- 1759 කාලයේ දී ජෝන් ස්මිටන් විසින් නැවත සොයා ගන්නා ලදී.

රෝමය ලොවට බොහෝ දෑ දායාද කළේය. නිදසුනක් ලෙස අධික අවුරුදු සහිත දින දර්ශනය, ක‍්‍රිස්තියානි ආයතන, නූතන සම්භාව්‍ය දර්ශනය හා බයිසැන්තියානු ගෘහ නිර්මාණ ශිල්පය හැඳින්විය හැකිය. රෝම හමුදාවන් විසින් ගොඩ නංවන ලද මංමාවත් අද දක්වාම පවතී. 19 වන සියවසේ වාෂ්ප එන්ජිම සොයා ගන්නා තෙක්ම මෙම මාර්ග පද්ධතිය යුරෝපය තුළ ගමනා ගමනය සඳහා භාවිත විය.

එසේම, බොහෝ යුරෝපා රටවල හා යුරෝපා යටත් විජිතවල භාවිතයට ගත් විවිධ පාලන හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ආදර්ශකයන් රෝම අධිරාජ්‍යය විසින් හඳුන්වා දෙනු ලැබීය. නිදසුනක් ලෙස එක්සත් ජනපදයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නිර්මාපකයින් ජනාධිපති තනතුර නිර්මාණය කරන විට ‘ඔගස්තීනු යුගයක්’ ඇරඹීමට අවශ්‍ය බව ප‍්‍රකාශ කර ඇත. පසුකාලීනව සංග‍්‍රහගත කරන ලද රෝම නීතිය නූතන ලෝකයේ නෛතික චින්තනය හැඩ ගස්වා ඇත. විශාල ප‍්‍රදේශ පාලනය කිරීම සඳහා රෝමය විසින් හඳුන්වා දෙන ලද මහජන පරිපාලන ක‍්‍රමය, සිවිල් සේවාව හා බදු එකතු කිරීමේ විධිමත් ක‍්‍රම ලොවට හඳුන්වා දුන්නේය.

බටහිර රෝමය තුළ ‘රෝමයේ පාප්තුමා’ යන පල්ලිය අතර සබඳතාව අර්ථවත් කරමින් හඳුන්වා දුන්ිඍදප්සදස’ යන වචනය තවමත් ග‍්‍රීසියේ භාවිත වේ. 1861 දී ඉතාලිය ඒකාබද්ධ වීමට සහ ඉතාලි ජාතිකත්වය නිර්මාණය වීම කෙරෙහි රෝම පාලනය දැඩි ලෙස බලපා ඇත.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 03, 2026

    ව්‍යවහාරික විද්‍යාව

  • අප්‍රේල් 07, 2026

    ඇමෙරිකන් ජනාධිපතිවරු

  • අප්‍රේල් 06, 2026

    සිරි ගුනසිංහ

  • අප්‍රේල් 04, 2026

    Cold War

  • අප්‍රේල් 05, 2026

    හඩ්සන් සිල්වා

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට