සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ශ්‍රී ලංකාවේ වැදි ජන කණ්ඩායම් වලින් සුවිශේෂ වන්නේ අනෙක් කණ්ඩයෙම් සිංහල ජන සමාජය ආශ්‍රිතව ජීවත් වීම සමග සිංහල මිශ්‍රිතව වැදි භාෂාව කථා කිරීමත් මොවුන් පමණක් දෙමළ

වෙරළබඩ වැදි ජනයා

  • මුල් පිටුව
  • වෙරළබඩ වැදි ජනයා

වෙරළබඩ වැදි ජනයා හෙවත් මූදු වැද්දෝ යනු, ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ජීවත්වන වැදි ජන කණ්ඩායමකි.

වෙරළබඩ වැදි ජනයා
1990 ගණන් වලදී වාහරෙයි හිදී සඩංගු උත්සවයට සූදනෙම් වන වෙදාර් පිරිසක්
මුළු ජනගහණය
8,000 පමණ (1983)
සැලකිය යුතු ජනගහණයක් සහිත ප්‍රදේශ
නැගෙනහිර පළාත, ශ්‍රී ලංකාව
භාෂා
ශ්‍රී ලාංකික දෙමළ
ආගමික කටයුතු සඳහා වැදි භාෂාව වුවද භාවිතා කෙරෙයි
ආශ්‍රිත වාර්ගික කණ්ඩායම්
වැදි ජනයා සහ ශ්‍රී ලාංකික දෙමළ ජනයා

ශ්‍රී ලංකාවේ වැදි ජන කණ්ඩායම් වලින් සුවිශේෂ වන්නේ අනෙක් කණ්ඩයෙම් සිංහල ජන සමාජය ආශ්‍රිතව ජීවත් වීම සමග සිංහල මිශ්‍රිතව වැදි භාෂාව කථා කිරීමත් මොවුන් පමණක් දෙමළ ජාතිකයන් ආශ්‍රිතව ජීවත්වන බැවින් මිශ්‍රව දෙමළ වැදි භාෂාව කථාකිරීමත්ය.

පටුන

ජීවත්වන ප්‍රදේශය

නැඟෙනහිරි පළාතේ නාගරික ප්‍රදේශ වන ත්‍රිකුණාමලය හා මඩකලපුව හා අතර කුඩා වෙරළබඩ ගම්මානවල මොවුහු සාමාන්‍යයෙන් ජීවත් වෙති. කෙසේ වෙතත්, මඩකලපුවට දකුණින් පිහිටි ගම්මාන කිහිපයක් තුළ ද ඔවුන් ගේ ජනාවාස පිහිටා ඇත.

රැකියා

මසුන් ඇල්ලීම, හේන් ගොවිතැන, වී ගොවිතැන , වෙළෙඳ පොළ සඳහා පැස විවීම සහ කලාතුරකින් කුලී කම්කරු සේවය මගින් ඔවුන් දිවි ගැට ගසා ගනිති.

සම්භවය

මානව විද්‍යාඥයින් විසින් සැලකෙන්නේ මොවුන් අඩ වශයෙන් වැදි ජනයා වෙතින් මෙන්ම, ප්‍රාදේශීය දෙමළ ජනයා වෙතින්ද පැවත එන්නන් බවයි. ඔවුන්ගේ වෙදාර් ("දඩයම්කරු" යන්නට දෙමළ පදය) අසල්වැසියන් ආදි කාලයෙහි සිටම ප්‍රාදේශීය සමාජ ව්‍යුහයෙහි කොටසක් වශයෙන් පැවති බවට නැගෙනහිර පළාතේ වැසියන් සලකන අතර, සමහරක් වෙදාර් වැඩිහිටියන් විශ්වාස කරනුයේ අතීතයේ කිසියම් කාලයකදී ඔවුන්ගේ මුතුන්මිත්තන් රට අභ්‍යන්තරයෙන් සංක්‍රමණය වූ බවකි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 09, 2026

    දයා අල්විස්

  • අප්‍රේල් 04, 2026

    Viral pneumonia

  • අප්‍රේල් 05, 2026

    උර්දු භාෂාව

  • මාර්තු 23, 2026

    ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය

  • අප්‍රේල් 05, 2026

    ඩඩ්ලි සේනානායක

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට