සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සබරගමුව පළාත ශ්‍රී ලංකාවේ පළාත් නවයෙන් එකකි. සබරගමුව පළාත දිස්ත්‍රික්ක දෙකකින් සමන්විත වේ. ඒවා නම් කෑගල්ල දිස්ත්‍රික්කය සහ රත්නපුර දිස්ත්‍රික්කයයි.

සබරගමුව පළාත

  • මුල් පිටුව
  • සබරගමුව පළාත

සබරගමුව පළාත ශ්‍රී ලංකාවේ පළාත් නවයෙන් එකකි. සබරගමුව පළාත දිස්ත්‍රික්ක දෙකකින් සමන්විත වේ. ඒවා නම් කෑගල්ල දිස්ත්‍රික්කය සහ රත්නපුර දිස්ත්‍රික්කයයි.

සබරගමුව පළාත
පළාත
ශ්‍රී ලංකාව තුල පිහිටීම
ශ්‍රී ලංකාව තුල පිහිටීම
ඛණ්ඩාංක: 6°40′N 80°24′E / 6.667°N 80.400°E / 6.667; 80.400
රටශ්‍රී ලංකාව
සංස්ථාපනය1889
පිළිගැනුම14 නොවැම්බර් 1987
අගනගරයරත්නපුරය
විශාලතම නගරයරත්නපුරය
ආණ්ඩුව / පරිපාලනය
 • ආණ්ඩුකාරනවීන් දිසානායක
සරිය
 • මුළු4,902 කිමී2 (1,893 සතරැස් සැත)
භුමිප්‍රමාණ අනුස්ථිතිය8වන (මුළු භූමි ප්‍රමාණයෙන් 7.46% )
ජනගහණය(2001)
 • මුළු1,801,331
 • අනුස්ථිතිය5වන (මුළු ජනගහණයෙන් 9.63% )
 • ඝණත්වයBad rounding here370/කිමී2 (Bad rounding here950/වර්ග සැත)
දළ ප්‍රාදේශීය නිෂ්පාදිතය (2010)
 • මුළුරු 303 බිලියන
 • අනුස්ථිතිය5වන (මුළු ප්‍රමාණයෙන් 6.3% )
වේලා කලාපශ්‍රී ලංකාව (UTC+05:30)
නිල භාෂාසිංහල, දෙමළ
වෙබ් අඩවියwww.sg.gov.lk/

පටුන

ඉතිහාසය

සබරගමුව පළාතේ ප්‍රාග් ඓතිහාසික දායාදයන් දකින්නවුන්ව ශත වර්ෂ ගනණක් ඈත අතීතයට ගෙන යයි. සිදු කරන ලද ගල් ගුහා කැනීම් වලින් තහවුරු වී ඇත්තේ සබරගමුව පළාතේ ඉතිහාසයට වසර 29, 000 ක් පමණ වූ අතීතයක් උරුම බවය. ආදි මානවයාගේ ඇට සැකිළි, ආයුධ, ඔවුන් භාවිතා කළ විවිධ පාෂාණ වර්ග, ඉතිරිව තිබූ විවිධ ආහාර කොටස් ආදී දේ කිතුල්ගල බෙලිලෙන, කෑගල්ලේ අලුලෙනෙන්, කුරුවිට බටදොඹ ලෙනෙන් සහ බලන්ගොඩ බෙල්ලන්බැඳි පැලැස්සෙන් බොහෝ සොයාගෙන ඇත.

ආදි මානවයා විසින් නිර්මාණය කර ඇති පනහකට නොඅඩු සතුන්ගේ සහ වෙනත් නොයෙක් දෙයෙහි චිත්‍ර වරකාපොළට ආසන්නයේ පිහිටි දොරවක කන්ද අත්ලෙනෙන් සොයා ගෙන ඇත. එමතුද නොව ප්‍රාග් මානවයා තනන ලද ආදිකල්පිත ගල් මේසයක් මුළු ශ්‍රීර්‍ ලංකාවේම දක්නට ලැබෙන්නේ සබරගමුව පළාතේ පදවිගම්පොළ ප්‍රදේශ‍ෙය්දී පමණි.

බුද්ධ වර්ෂ තුන් වන සියවසේදී ලංකාවට බුදු දහම පැමිණි බව තහවුරු ‍කෙරෙන සාක්ෂිද මෙම පළාතේ ඓතිහාසික ස්ථානයන්ගෙන් සොයා ගෙන ඇත.

ජනවිකාසය

ජනවාර්ගික කණ්ඩායම්

සබරගමුව පළාත තුළ ජනවාර්ගික කණ්ඩායම් (2012 සංගණනය)
  1. සිංහල (86.4%)
  2. ඉන්දියානු දෙමළ (5.49%)
  3. යෝනක (4.27%)
  4. ශ්‍රි ලාංකික දෙමළ (3.75%)
  5. බර්ගර් (0.03%)
  6. මැලේ (0.02%)
  7. වෙනත් (0.04%)
ජනවාර්ගික කණ්ඩායම ජනගහණය %
සිංහල 1,666,180 86.4%
ඉන්දියානු දෙමළ 105,872 5.49%
යෝනක 82,343 4.27%
ශ්‍රී ලාංකික දෙමළ 72,298 3.75%
වෙනත් 1,962 0.09%
එකතුව 1,918,880 100.00%

ආගම්

සබරගමුව පළාත තුළ ආගම් (2012 සංගණනය)
  1. බෞද්ධ (85.73%)
  2. හින්දු (8.1%)
  3. ඉස්ලාම් (4.44%)
  4. ක්‍රිස්තියානි (1.72%)
  5. වෙනත් ආගම්/නිරාගමික (0.01%)
සබරගමුව පළාත තුළ ආගම් 1981–2012
ආගම 1981 සංගණනය 2001 සංගණනය 2012 සංගණනය
ජනගහණය % ජනගහණය % ජනගහණය %
බෞද්ධ 1,259,396 84.98% 1,547,769 85.77% 1,653,381 85.73%
හින්දු 146,010 9.86% 148,400 8.2% 156,312 8.1%
ඉස්ලාම් 51,248 3.46% 73,576 4% 85,610 4.44%
ක්‍රිස්තියානි 24,892 1.67% 30,994 2% 33,219 1.72%
වෙනත්/නිරාගමික 485 0.03% 592 0.03% 133 0.006%
එකතුව 1,482,031 100% 1,801,331 100% 1,928,655 100%

පුරාවිද්‍යාත්මකව වැදගත් ස්ථාන

පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ඓතිහාසික ස්ථාන රාශියක් සබරගමුව පළාතේ පිහිටා තිබුනද ඉන් මූලිකම ස්ථානය ලැබෙන්නේ රත්නපුර මහ සමන් දේවාලයටය. මෙය රත්නපුර නගර මධ්‍යයට ආසන්නයේ පිහිටා ඇත. පුරාවෘත්ත වල සඳහන් වන පරිදි සහ අතීතයේ සිට පැවත එන මතයන්ට අනුව සමන් දේවාලය ඉදි කර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1236 ත් 1270 ත් අතර කාල වකවානුව තුල දෙවන පරාක්‍රමබාහු රජතුමා විසිනි.

රත්නපුර මහ සමන් දේවාලයේ පෙරහැර සෑම මසකම අගෝස්තු මාසයේ මහා බැතිමතුන් පිරිසකගේ සහ විශාල ජනකායකගේ සහභාගීත්ව‍ෙයන් එම දේවාලයේදී පැවැත්වේ. බෙරෙන්දි කෝවිල, මානියන්ගම රාජකීය විහාරස්ථානය, සංකපාල විහාරය, දෙල්ගමුව රජමහා විහාරය, අලුත්නුවර දැඩිමුන්ඩ දේවාලය, බෙලිගල විහාරය, දැදිගම කොට වෙහෙර, දනකිරිගල ගල් විහාරය, නිකපිටිය පොතුගල විහාරය, බිසෝවෙල රාජ මහා විහාරය, අරනායක සාලාව විහාරය, දෙවනගල විහාරය, අම්බුළුලෙන විහාරය,ඇහැලේපොළ වලව්ව(වර්තමාන කෞතුකාගාරය) ආදිය පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ඓතිහාසික ස්ථානයන් සදහා ඉතා හොද නිදසුන්ය.

මැණික් කර්මාන්තය

මැණික් කර්මාන්තය පිළිබඳව සබරගමුව පළාත මහත් ප්‍රසිද්ධියක් උසුලන අතර එය ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්තයන් අතර මූලික ස්ථානයක් ගනී. බොහෝ දුරට මෙ‍ම ප්‍රදේශයේ සිටිනා බහුතරයක් ජනතාව මැණික් කර්මාන්තයේ නියැලී සිටිනු දැකිය හැකි වේ. එහිදී ඉල්ලම් හෑරීම, මැණික් කැපීම, ඔප මට්ටම් කිරීම, මැණික් යොදා ආභරණ තැනීම හෝ මැණික් සහ ආභරණ විකිණීම වැනි රැකියාවන් මූලික වශයෙන් දක්නට ලැබේ.

ශාක සහ සත්ත්ව සංහතිය

සිරිලක පුරා පමණක් නොව මුළු ලොවෙහිම ප්‍රචලිත සිංහරාජ වනාන්තරයෙන්ම සබරගමුව පළාතේ ස්වභාව සෞන්දර්යය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම අරඹන්නේ නම්, සිංහරාජ වනාන්තරය යනු ලෝකයෙහි තවමත් අදූෂිතව පවතින වනාන්තර සුළු ප්‍රමාණයන්ගෙන් එකකි. හෙක්ටයාර 8900 ක භූමි ප්‍රමාණයක් වසා පැතිරුණු මෙ‍ම වනාන්තරය ස්වභාවයෙන්ම දිය ඇළි, ගංගා, දිය උල්පත්, වන සත්ත්වයින් සහ දේශීය මෙන්ම ලංකාවට පමණක් ආවේනික දුර්ලභ ශාක, වටිනා පැළෑටි, බෙහෙත් සඳහා යොදා ගන්නා ශාක ආදියෙන් සමන්විතය.

උඩවලව ජාතික වනෝද්‍යානය, කුරුල්ලන් සදහාම විශේෂිත වූ කෑගල්ලේ "කුරුළු කැලය" නම් කුරුළු අභය භූමිය, බුළුතොට කන්ද ආදිය සබරගමුව පළාතේ ස්වභාව සෞන්දර්යය මනාව පෙන්නුම් කරන ස්ථානයන්ය.

සංචාරක ස්ථාන

ශ්‍රීපාදසථානය සබරගමුව පළා‍ෙත් පිහිටි ප්‍රසිද්ධ සංචාරක ස්ථානයක් ලෙස හැඳින්විය හැකිය.

සංස්කෘතිකමය වටිනාකම

සබරගමුව පළා‍⁣තේ සංගීතය, ප්‍රධාන වශයෙන්ම තාලම්ප‍ට වැනි තාල වාද්‍ය භාණ්ඩ සමග මුසු වූ බෙර වාදනයන්ගෙන් සමන්විත වේ.

විවිධ ජන කතා වල එන චරිතයන්ට අනුරූප වන පරිදි නිර්මාණය කර ඇති වෙස් මුහුණු වලින් අලංකෘත වූ සබරගමු නර්තනයන් විටෙක විවිධ වර්ණවත් සහ ආශ්චර්යවත් භාවයන් නිරූපණය කරන අතර තවත් විටෙක හාස්‍ය රසය උපදවයි.

බෞද්ධාගමික කටයුතු

බෞද්ධාගමික කටයුතු වශයෙන් මෙහිදී මූලිකවම අවදානය යොමු කෙරෙන්නේ භාවනාමය කටයුතු සඳහාය. සබරගමුව පළාතේ නිස්කලංකව භාවනා කටයුතු කර ගැනීම සඳහා යෝග්‍ය වූ භාවනා මධ්‍යස්ථාන රැසක් පවතී. කෑගල්ලේ පිහිටි කුරුළු කැලය නම් වූ කුරුළු අභය භූමිය නිල්මල්ගොඩ කරුඳු ලෙන වන සේනාසනය ආදිය මෙවන් භාවනා මධ්‍යස්ථාන සඳහා උදාහරණ ලෙස දැක්විය හැකිය.

අමතර අවධානයට

  • සබරගමුව
  • සබරගමු කඳු
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 12, 2026

    E01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)

  • අප්‍රේල් 03, 2026

    අභය රජ

  • අප්‍රේල් 06, 2026

    මහනුවර දිස්ත්‍රික්කය

  • අප්‍රේල් 06, 2026

    ඌව කැරැල්ල

  • මාර්තු 31, 2026

    අ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකා

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට