සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මානසික රෝග යනු සංස්කෘතියට හා සාමාන්‍ය වර්ධනයේ කොටසක් නොවන පුද්ගලයා පීඩාවට හෝ අබාධිත්වයට පත් කරන මානසික හෝ කායික ක්‍රියාවලීන් වෙයි. මානසික රෝග පිළිබඳ අවබෝධය කාලය

මානසික ‍අක්‍රමතා

  • මුල් පිටුව
  • මානසික ‍අක්‍රමතා

මානසික රෝග යනු සංස්කෘතියට හා සාමාන්‍ය වර්ධනයේ කොටසක් නොවන පුද්ගලයා පීඩාවට හෝ අබාධිත්වයට පත් කරන මානසික හෝ කායික ක්‍රියාවලීන් වෙයි. මානසික රෝග පිළිබඳ අවබෝධය කාලයත් සමඟ වෙනස් වී ඇත. මානසික රෝගවල අර්ථ දැක්වීම්, වර්ගීකරණය සහ ඇගයුම වෙනස් විය හැකි වුවද , ICD , DSM සහ අනෙකුත් අත්පොත්හි ඇති මග පෙන්වීම් මානසික රෝග විශේෂඥයින් පිළිගෙන ඇත. මේවායේ රෝග වර්ගීකරණ කාණ්ඩ ලෙස චිත්ත ස්වභාවයේ රෝග , සිතේ නොසන්සුන් බව නිසා ඇති වන රෝග, මානසික විකෘතිතා, ආහාර ගැනීමේ රෝග, වර්ධනයේ රෝග , පෞරුෂයේ රෝග සහ අනෙකුත් කාණ්ඩ ලෙස හඳුන්වා දිය හැක. බොහෝ විට මානසික රෝග සඳහා හඳුනාගත හැකි හේතුවක් නොමැත.

බොහෝ රටවල්වල ජනගහණයෙන් 1/3කට වඩා ප්‍රමාණයක් ජීවිතයේ කිනම් හෝ කාලයක් තුළ මානසික රෝග ලක්ෂණ පෙන්වයි. මානසික සෞඛ්‍ය වෘත්තිකයින් විවිධාකාර ක්‍රම මඟින් මෙම‍ රෝගීන් හඳුනාගනී. බොහෝ විට ඒ සඳහා රෝග ඉතිහාසය , සම්මුඛ සාකච්ඡා යොදා ගනී. මානසික ප්‍රතිකාර සහ ඖෂධ වර්ග ප්‍රධාන ප්‍රතිකාර වර්ග 2කි. මීට අමතරව උපකාරක මැදහත් වීම් ද එක් ප්‍රතිකාර කළ හැක. මෙම රෝගීන් වෙනස් නොව සැලකීම සහ අපකීර්තියට පත්වීම නිසා විවිධ ප්‍රශ්න පැන නැගී ඇත. එම නිසා මානව සෞඛ්‍ය සේවා සහ ආකල්ප වෙනස් කිරීම සඳහා දැඩි ප්‍රයත්නයක් දරමින් පවතී.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 14, 2026

    ඇබයිඩොස් රාජාවලිය

  • අප්‍රේල් 05, 2026

    ආක්ෂක ආනතිය

  • අප්‍රේල් 07, 2026

    අරාබි ලොව

  • අප්‍රේල් 06, 2026

    The Honourable

  • අප්‍රේල් 17, 2026

    මැලේ අර්ධද්වීපය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට